ඉස්ලාමීය නීති සම්පදානය හා මරණයට පත්වුවන්ගේ අවසන් කටයුතු පිළිබඳ ඉස්ලාමීය මගපෙන්වීම

2021.01.15

1442.06.01

 

හිතවතුනි

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු

 

සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. සලවාත් නම් ආශිර්වාදය නබි මුහම්මද් (සල්) තුමන් සහ එතුමන්ගේ නිවැසියන් හා අනුගාමිකයන් හට අත් වේවා.

අල් කුර්ආනය, අල් හදීස්, අල් ඉජ්මා සහ අල් කියාස් යනු ඉස්ලාමීය නීති සම්පාදනය සඳහා වන මුලාශ්‍ර හතර වේ. මේවා පදනම් කරගනිමින් ඉස්ලාමීය ආගමික නිර්දේශ සම්පාදනය වී ඇත.

  • අල් කුර්ආනය යනු අල්ලාහ් විසින් පහළ කරනු ලැබූ ධර්ම පුස්තක වලින් අවසානය වේ යැයි මුස්ලිම්වරුන්ගේ අචල විශ්වාසයයි.
  • අල් හදීස් යනු අල්ලාහ්ගේ අවසාන පණිවිඩකරු වන නබි මුහම්මද් (සල්) තුමන්ගේ වැකි, ප්‍රායෝගික ආදර්ශ හා නිහඬ අනුමැති යනාදී මගපෙන්වීම් වේ.
  • අල් ඉජ්මා යනු ඉහත මුලාශ්‍ර දෙක පදනම් කර ගනිමින් ආගමික විද්වතුන් යම් කරුණක් සඳහා පළ කරන මත භේදයෙන් තොර වූ ඒකමතික තීන්දුවයි.
  • අල් කියාස් යනු අල් කුර්ආන් හා අල් හදීස් මත පදනම්ව නුතන කරුණු සමග සසදමින් ගනු ලබන තීන්දු වේ.

ඉහත සිව් වැදෑරුම් මුලාශ්‍රවලින් වැදගත්ම, මුලිකතම හා ප්‍රධානතම මුලාශ්‍රය අල් කුර්ආනයයි. අල් කුර්ආනයේ ඇතැම් වැකි වලට ඇතැම් වැකි විග්‍රහයන් වශයෙන් පවතී. එනමුත් අල් කුර්ආනයේ වචන මාත්‍රයෙන් සඳහන් කර ඇති බොහෝ කරුණුවලට විග්‍රහය ලබා ගත යුත්තේ නබි මුහම්මද් (සල්) තුමන් විස්තරාත්මකව ලබා දුන් පැහැදිලි කිරීම් අනුව හා ප්‍රායෝගික ආදර්ශ අනුවය. උදාහරණ වශයෙන් දෛනික පස්වේල් අනිවාර්‍ය සලාතය, රාමසාන් උපවාස ශීලය, සකාත් නම් දුගී දීමනාව, හජ් වන්දනාව වැනි වගකීම් ගැන අල් කුර්ආනයේ සඳහන් වුවද ඒවා ඉටු කරන පිළිවෙත් එහි විස්තරාත්මකව සඳහන් වන්නේ නැත. නමුත් එය අපට සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත්තේ අල් හදීස් මගිනි. අල් කුර්ආනයේ නිර්දේශ විස්තර කළ යුත්තේ නබිතුමන්ය යන කරුණ අල් කුර්ආනය මගින්ම තහවුරු වේ:

 وَاَنْزَلْنَاۤ اِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ اِلَيْهِمْ (سورة النحل : 44)

”(ඔවුන්ව අපි එව්වේ) පැහැදිලි සාධක සමග හා ධර්ම පුස්තකයන් සමගය. ජනයාට ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ නුඹ පැහැදිලි කරනු පිණිස ද  ඔවුන් (ඒ පිළිබඳව) කල්පනා කරනු පිණිස ද අපි නුඹ වෙත උපදෙස (අල් කුර්ආනය) පහළ කළෙමු.” (අන්- නහ්ල් - වැකිය 44)

وَمَاۤ اٰتٰٮكُمُ الرَّسُوْلُ فَخُذُوْه , وَ مَا نَهٰٮكُمْ عَنْهُ فَانْتَهُوْا (سورة الحـشـر : 07)

“තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු. ඔහු නුඹලාට කුමක් තහනම් කළේ ද (එයින්) වැළකී සිටිවු. අල්ලාහ්ට බිය භක්තිමත් වවු.” (අල් හෂ්ර් - වැකිය 07)

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي رَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلً (سورة النساء :59)

“විශ්වාස කළවුනි, අල්ලාහ්ට අවනත වවු. තවද රසූල්වරයාට ද නුඹලා අතර වූ (ධාර්මික) භාරකරුවන්ට ද අවනත වවු. නුඹලා අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරන්නන්ව සිටින්නේ නම් යම් කරුණක නුඹලා මතභේද වුවහොත් නුඹලා අල්ලාහ් වෙතට ද රසූල්වරයා වෙතට ද එය යොමු කරවු.  එය වඩා යහපත් හා අවසන් නිගමනයෙන් ඉතා අලංකාරය.” (අන් නිසා - වැකිය 59)

අල් කුර්ආනය ජනයාට පැහැදිලි කිරීමේ වගකීම නබි මුහම්මද් (සල්) තුමන්ට පවරන ලද අතර ඔහු විසින් පැවසූ නියෝග හා වැළක්වීම් අනුගමනය කළ යුතු බවද අල් කුර්ආනයේ අවධාරණය කොට ඇත.

ඒ අනුව යම් කරුණක් සඳහා වන නිර්දේශය අපට අල් කුර්ආන් වැකිවලින් පැහැදිලිව නොවැටහෙන විට එහි විග්‍රහ සඳහා නබිවදන් හෙවත් හදීස් වෙත යොමු විය යුතුය. එහිදී ද අපට තීන්දුවක් නොලැබුනු විට අල් ඉජ්මා හා අල් කියාස් අනුව ඔවුන් ලබා දෙන තීන්දුව අනුව අප කටයුතු කළ යුතුය. ඉස්ලාමීය නීති සම්පාදනය කිරීමේ දී අතීතයේ පටන් පැවති ක්‍රමවේදය මෙය වේ. ඒ අනුව අභාවයට පත් වූ කෙනෙකු භූමදානය කළ යුතුය යන ක්‍රමය අල් කුර්ආන්, අල් හදීස්, අල් ඉජ්මා හා අල් කියාස් යනාදිය මගින් නිර්දේශ වී ඇත.

 

භූමදානය සම්බන්ධ අල් කුර්ආන් වාක්‍යයන්:

1. مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ (سورة طه : 55)

“එයින්(පොළොවේ ඇති පස් වලින්) අපි නුඹලාව මැව්වෙමු. තවද අප නුඹලාව නැවත එහි යොමු කරන්නෙමු. තවද අපි තවත් වතාවක් නුඹලාව එයින් (විනිශ්චය දිනයෙහි) පිට කරන්නෙමු.” (තාහා - වැකිය 55)

ඉහත වැකිය මගින් අභාවයට පත්වූවන් භුමදානය කළ යුතුය යන අදහස පැහැදිලිව දක්වා ඇත. මෙය තවත් අල් කුර්ආන් වැකිවලින්ද තහවුරු වෙයි:

2. قَالَ فِيْهَا تَحْيَوْنَ وَفِيْهَا تَمُوْتُوْنَ وَمِنْهَا تُخْرَجُوْن (سورة الْا عراف : 25)

”එහිම නුඹලා ජීවත් වන්නෙහුය. එහිම නුඹලා මරණයට පත් වන්නෙහුය. එයින්ම නුඹලා (මරණින් මතු) පිට කරනු ලබන්නෙහුය යැයි ද ඔහු පැවසුවේය.” (අල් ආරාෆ් - වැකිය 25)

3. فَبَعَثَ اللَّهُ غُرَابًا يَبْحَثُ فِي الْأرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْأَةَ أَخِيهِ (المائدة : 31)

“තම සහෝදරයාගේ මළ සිරුර (භූමිදානය කර) සඟවන්නේ කෙලෙසදැ’යි ඔහුට පෙන්වා දෙනු පිණිස භූමිය හාරන්නා වූ කපුටෙකු අල්ලාහ් යැවීය.” (අල් මාඉදා - වැකිය 31)

පළමු මිනිසා වන ආදම්ගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකුගේ මළසිරුර බැහැර කරන ක්‍රමය නොදැන කල්පනා කරමින් සිටින විට එම සිරුර භූමදානය කළ යුතුය යන ක්‍රමය කපුටෙකු මගින් අල්ලාහ් පෙන්වා දුන් සිද්ධිය ඉහත වැකියේ සඳහන් වෙයි. මෙමගින් ලොව මරණයට පත් වුනු පළමු මිනිසාට සිදු කරන ලද අවසන් කටයුත්ත භූමදානය බව තහවුරු වෙයි.

4. ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ (سورة عبس : 21)

“පසුව ඔහුව මරණයට පත් කළේය. ඉන් පසුව ඔහුව වළ දැමුවේය.” (අබස - වැකිය 21)

ඉහත වැකිය මගින් මරණයට පත් වූ කෙනෙකුව සොහොනේ තැන්පත් කිරීම ඔහුට කරන යහපතක් යැයි අල්ලාහ් පවසයි. ඇත්තෙන්ම මළ සිරුරක් ඒවා සතුන්ගේ ගොදුරක් වන්නට ඉඩ නොතබා හෝ කුණු වී යන්නට විවෘත තැනක තබා මිනිසාට උවදුරු ඇතිවීමට නොතබා ඒවා භූමදානය කිරීම ගෞරවාන්විතම ක්‍රමය බව මෙම අල් කුර්ආන් වැකියට අදාළව අල් කුර්ආන් විශාරදයින් අර්ථ දක්වති.

 

5. أَلَمْ نَجْعَلِ الْأرْضَ كِفَاتًا أَحْيَاءً وَأَمْوَاتًا (سورة المرسلة - 25,26)

“ජීවත් වන දෑ ද මළ දෑ ද ග‍්‍රහණය කරන්නක් ලෙස මිහිතලය අපි පත් නොකළෙම් ද?” (අල් මුර්සලාත් - වැකිය 25,26)

මේ අනුව පොළොව මතුපිට ජීවත්වූවන්ට හා පොළොව යට මරණයට පත්වුවන්ට තැන්පත් ස්ථානයක් බවට පත් කර ඇති බව අල්ලාහ් සදහන් කර ඇති අතර මෙමගින් මරණයට පත්වූවන් භූමදානය කළ යුතු යැයි අවධාරණය කරයි.

භූමදානය පිළිබඳ සදහන් නබිවදන්:

 

6. عن أبي سعيدٍ الخُدْريِّ رضِيَ اللهُ عنه، أنَّ رسولَ اللهِ صلَّى الله عليه وسلَّم قال : اذهبوا، فادْفِنوا صاحِبَكم (صحيح مسلم : 2236)

නබි මුහම්මද් (සල්) තුමාණන් සිය සගයන් අමතා ‘ඔබලා ගොස් ඔබගේ මිතුරා භූමදානය කරන්න’ යැයි කීවෝය. (ග්‍රන්ථය : මුස්ලිම් 2236)

 

7. عن جابرٍ رَضِيَ اللهُ عنه، أنَّ النبيَّ صلَّى الله عليه وسلَّم قال : ادفِنوا القَتْلى في مصارِعِهم (سنن أبي داود : 8557)

‘උහද් සංග්‍රාම සමයෙහි යුද්ධයෙන් ඝාතනය වු අය එම ස්ථානයේම භුමදානය කරන මෙන් නබි මුහම්මද් (සල්) තුමන් උපදෙස් කළහ.’ (සුනන් අබුදාවුද් 8557)

 

8. عَنْ عَلِيٍّ رضي الله عنه، قَالَ لَمَّا مَاتَ أَبُو طَالِبٍ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقُلْتُ لَهُ إِنَّ عَمَّكَ الرَّيْخَ الضَّالَّ قَدْ فَوَارَيْتُهُ ثُمَّ أَتَيْتُهُ ، مَاتَ، قَالَ , اذْهَبْ فَوَارِهِ قُلْتُ إِنَّهُ مَاتَ مُرْرِكًا، قَالَاذْهَبْ فَوَارِهِ وَلَتُحَدِّثْ رَيْئًا حَتَّى تَأْتِيَنِي فَقُلْتُ قَدْ وَارَيْتُهُ فَأَمَرَنِي فَاغْتَسَلْتُ » (سنن النسائي : 193)

නබි මුහම්මද් (සල්) තුමාණෝ අලි තුමන් අමතා ‘මරණයට පත් වූ ඔබගේ පියා වන අබු තාලිබ්ව භූමදානය කරන්න’ යැයි පැවසුහ. (සුනන් අන් නසායී - 193)

 

ඉහත සඳහන් නබි වදන් තුළින් මරණයට පත් වූ අය අනිවාර්යයෙන් භූමදානය කළ යුතු බව පැහැදිලි වෙයි. මේ අනුව අල් කුර්ආනයේ භූමදානය හැර වෙනත් කිසිදු විකල්පයක් පිළිබදව සදහන් වී නැති අතර නබිවදන්වල අනිවාර්යයෙන් භූමදානය කරන්න යැයි සදහන් වී ඇත.

යමක් කරන මෙන් නියෝගයක් පැමිණි පසු එයට පටහැනි ලෙස කිසිවක් නොකරන මෙන් අමුතුවෙන් තහනම් පැනවීම අවශ්‍ය වන්නේ නැත. මන්ද යත් නියෝගයට පටහැනි ලෙසින් යමක් කිරීම තහනම් බව පළමු නියෝගයේම ගැබ්ව තිබෙන හෙයනි. එහෙයින් මෙය දිව්‍යමය නියෝගයක් වන හෙවත් හැකි සෑම විටෙකම අනිවාර්යෙන් කළ යුත්තකි. එනිසා ආදාහනය වැනි ක්‍රමයක් අනුගමනය කිරීම තහනම් වේ යැයි ආගමික විද්වතුන් විග්‍රහ කොට ඇත.

භූමදානය පිළිබඳ අල් ඉජ්මා (ආගමික විද්වතුන්ගේ ඒකමතික මතය)

මරණයට පත්වූවෙකු භූමදානය කිරීම අනිවාර්ය වේ යැයි ආගමික විද්වතුන්ගේ ඒකමතික මතය වෙයි යනුවෙන් ඉමාම් ඉබ්නුල් මුන්දිර්, ඉමාම් නවවී, ඉමාම් අල් මර්ළාවි, ඉමාම් ඉබ්නුල් මුලක්කින් හා ඉමාම් ඉබ්නුල් ආබිදීන් වැනි ප්‍රක්‍රට ආගමික විද්වතුන්ද පවසා ඇත.[1]  භූමදානය යනු විශ්වාසිකයනගේ මුස්ලිම්වරුන්ගේ මෘතදේහ වල සිරුරේ අවසන් කටයුත්තට අදාල එකම ක්‍රමවේදයයි. ඉමාම් ඉබ්නුල් මුන්දිර්, ඉමාම් නවවී, ඉමාම් අල් මර්තවි, ඉමාම් ඉබ්නුල් මුලක්කින් හා ඉමාම් ඉබ්නුල් ආබිදීන් වැනි ප්‍රක්‍රට ආගමික විද්වතුන්ද පවසා ඇත්තේ අභාවයට පත් වන්නන් භූමදානය කළ යුතු බවයි.

ඉහත සාධක අනුව මුස්ලිම්වරයෙකු මරණයට පත්වු විට ඔහුව හෝ ඇයව භූමදානය කිරීම අනිවාර්ය වේ. භූමදානය කිරීමට පටහැණිව ඒවා අදාහනය හෝ අන් ක්‍රමයකට විසි කිරීම දහමට අනුකූළ නොවූ තහනම් හා පාපී විෂයකි.[2]

මන්ද මිනිසා ‌ගෞරවාන්විතව ජීවත් වූ අයුරින් මරණයට පත් වූ පසුද ගෞරවයට සුදුස්සෙකු වේ. අල්ලාහ් දෙවියන් අල් කුර්ආනයේ මෙසේ පවසයි: “තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන්ව ගෞරවයට පත් කළෙමු.” (අල් ඉස්රා - වැකිය 70)[3]

“මරණයට පත්වුනු කෙනෙකුගේ අස්ථි බිඳීම පණ පිටින් සිටින කෙනෙකුගේ අස්ථි බිඳීම හා සමානය” යැයි නබි මුහම්මද් (සල්) තුමන් පැවසු බව ආයිෂා තුමිය දන්වා සිටියි. (මූලාශ්‍රය - සුන්න අබුදාවුද් 3207)[4]

ඒ අනුව මුස්ලිම්වරයෙකු මරණයට පත් වු විට ඔහුව ස්නානය කරවා කෆන් නම් සුදු රෙදිවලින් ඔතා සලාතය ඉටු කර භූමදානය කිරීම මුස්ලිම්වරුන් කෙරෙහි අනිවාර්ය වූ ෆර්ල් කිෆායා හෙවත් සාමූහික වගකීමකි. එසේ කිහිප දෙනෙකු හෝ එක්ව මෙම වගකීම අනිවාර්යයෙන් ඉටු කළ යුතුය. දහමේ නිදහසට කරුණකට හැර මෙම වගකීම් ඉටු නොකළේ නම් සමස්ත මුස්ලිම්වරුන්ම වරදකරු‌වන් වෙති.

ඒ අනුව මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට ඔහුව / ඇයව භූමදානය කිරීම ඉස්ලාමයේ ආරම්භයේ පටන් පැවත එන ඉස්ලාමීය ක්‍රමවේදයයි.

සර්වබලධාරී අල්ලාහ් සර්වඥය.

 

අෂ්-ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්                      

ලේකම් - ෆත්වා අංශය                                   

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් අයි. එල්.එම්.හාෂිම් සුරි

අධීක්‍ෂක - ෆත්වා කමිටුව

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම්                               

(වැඩබලන) මහලේකම්                                

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි  

සභාපති

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

________________________________________________________________________________________________

([1]  قال ابن المنذر رحمه الله : (وأجمعوا على أنَّ دَفْنَ المَيِّت لازِمٌ واجِبٌ على النَّاسِ لا يَسَعُهم تَرْكُه عند الإمكانِ، ومن قام به منهم سقط فَرْضُ ذلك على سائِرِ المُسلمين). ((الإجماع)) (ص: 44).

 

قال النووي رحمه الله: (دَفْنُ المَيِّت فرضُ كفايةٍ بالإجماعِ). ((المجموع)) (5/282). وقال: (واعلَمْ أنَّ غُسلَ الميِّت، وتكفينَه، والصَّلاةَ عليه، ودفنَه- فروضُ كفايةٍ بلا خلافٍ). ((المجموع)) (5/128).

 

قال المَرداويّ رحمه الله ُ: (قوله: (غُسل الميِّت، وتكفينُه، والصَّلاة عليه، ودفنُه- فرضُ كفايةٍ) بلا نزاعٍ). ((الإنصاف)) (2/330). وقال أيضًا: (حَمْله ودفْنه، فرضُ كفايةٍ إجماعًا). ((الإنصاف)) (2/378).

 

قال ابن الملقِّن رحمه الله : (الكَفَن للميِّت واجبٌ، وهو إجماعٌ، وكذا غُسلُه، والصَّلاةُ عليه، ودَفْنه). ((الإعلام)) (4/455).

 

قال ابن عابدين رحمه الله : (قوله (وحفْرُ قَبرِه... إلخ) شروعٌ في مسائِلِ الدَّفْن، وهو فرضُ كفايةٍ إن أمكَنَ، إجماعًا.حِلْيَة. واحترز بالإمكان عمَّا إذا لم يُمكِن؛ كما لو مات في سفينةٍ كما يأتي، ومُفادُه: أنَّه لا يُجزئ دفنُه على وَجْه الأرضِ ببناءٍ عليه، كما ذكره الشافعيَّة، ولم أرَه لأئمَّتنا صريحًا). ((الدر المختار وحاشية ابن عابدين)) (2/233).

 

[2]  دفن الميت فرض كفاية بالإجماع، وقد علم أن فرض الكفاية إذا تعطل أثم به كل من دخل في ذلك الفرض دون غيرهم، .....قال الشافعي رحمه الله: لو أن رفقة في سفر مات أحدهم فلم يدفنوه نظر إن كان ذلك في طريق آهل يخترقه المارة أو بقرب قرية للمسلمين فقد أساءوا ترك الدفن وعلى من بقربه دفنه، قال وإن تركوه في موضع لا يمر أحد أثموا وعصوا الله تعالى وعلى السلطان أن يعاقبهم على ذلك (المجموع شرح المهذب)

 

[3]  وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ (سورة الإسراء : 70)

[4]  عن عائشة رضي الله عنها: أن رسول الله ﷺ قال: كسر عظم الميت ككسره حيًّا.( سنن أبي داود 3207)