15.03.2020
19.07.1441
රට තුළ Covid-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ දැනුවත් කිරිම්
- ජුමුආ නැමදුම ඇතුළු වූ පස්වේල සාමූහික නැමදුම් හා මස්ජිදය තුළ හෝ පොදු ස්ථානවල අනෙකුත් සෑම එක්රැස්වීම් වලින් වැළකී සිටීම.
- සෑම මස්ජිදයේම නිසි වේලාවට අදාන් කිව යුතුයි. එසේම අදානය අවසානයේදී “සල්ලූ ෆී රිහාලිකුම්” (ඔබලා රැඳී සිටින ස්ථානවලම සලාතය ඉටු කරගන්න.) (සහීහ් මුස්ලිම් - 697) යනුවෙන් දැනුම් දීම.
- මස්ජිදය තුල සිටින මෞලවි තුමා හා මුඅද්දින් නැමැති ප්‍රචාරකයා වැන්නන් මස්ජිදයේම සාමූහිකව සලාතය ඉටු කරීම.
- නිවෙස් වල සිටින්නන් පස් වේල සලාතය නිසි වේලාවට සාමූහිකව ඉටුකිරීම. තහජ්ජුද් නැමැති රාත්‍රී කාල සලාතය, ලුහා සලාතය, දන් දීම හා උපවාසයන් වැනි අමතර නැමදුම් වල වැඩි අවධානයක් යොමු කරන අතරතුර පාප කර්මයන්ගෙන් මිදී සිටීම.
- දුවාදරුවන්ට නිවාඩු ලැබී ඇති නිසා ඔවුන් විනෝද සංචාර, මහමග රැස්වී සෙල්ලම් කිරීම වැනි දේවලින් වැළකී කුර්ආන් පාරායනය කිරීම, ප්රාර්ථනයන්හි නියැලීම තවද ඉගෙනීම් ඉගැන්වීම් වැනි යහ ක්‍රියාවන්වල නිරත කිරිමට දෙමව්පියන් දැඩි අවධානය යොමු කිරීම.
- කෙනෙක් තම සහෝදරයෙක් හමුවූ විට ඔහුට සලාම් කීම හා අතට අත දීම (මුසාෆහා) නබිතුමාගේ මග පෙන්වීම් වලින් එකකි. නමුත් covid-19 නැමැති රෝගය අතිනත දීම නිසා අධිකව ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති බව වෛද්යවරුන්ගේමතය වන නිසා මුණගැසීම් වලදී අතින් අත දීමෙන් වැළකී සලාම් කීමෙන් ප්‍රමාණවත් කර ගැනීම .
- ජනාසාව නැමැති මෘතශරීරයට ඉටු කළ යුතු වගකීම් ආගමික නීති රීතීන් වලට අනුව කිරිම අපගේ වගකීමකි. නමුත් මේ කාලවකවානුව සැලකිල්ලට ගෙන මෘත ශරීරයට ඉටු කළ යුතු ඉතා අත්‍යවශය වගකීම් පමණක් ඉටු කිරීමෙන් ප්‍රමාණවත් කර ගැනීම.
- Covid-19 නැමැති මෙම කෲර රෝගයෙන් ආසාදනයට ලක් වූවන්ට ඉක්මන් සුවය ලැබීමට ප්‍රාර්ථනා කිරීම, ඔවුන් සමග කාරුණිකව හැසිරීම හා හැකිතාක් ඔවුන්ට උදව් කිරීම අපගේ වගකීමකි.
- මෙම කෲර රෝගය මෙරටින් හා මුළු ලොවින්ම තුරන් වීමට සෑම දෙනාම ප්‍රාර්ථනා කිරීම.
- සමාජ ජාල තුලින් ආගමට පටහැනි හා පදනමක් නොමැති පුවත් පැතිරවීමෙන් වැළකී සිටීම.
සැලකිය යුතු කරුණු: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම පරිදි හා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශය සැලකිල්ලට ගෙන තවද අන්තර්ජාතික මුස්ලිම් විද්වතුන්ගේ සහ මුස්ලිම් සංවිධාන වල තීරණයන් පදනම් කොට ගෙන සමස්ථ ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමය විසින් ඉහත දැනුම්දීම දෙන ලදී.
අල්ලාහ් මතම අප විශ්වාසය තබමු ඔහුම අපිව ආරක්ෂා කරන්නා වේ.
අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්
සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය