29.03.2020
ශ්‍රී ලංකා පොලිසිය හා සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව විසින් නිකුත් කරන විශේෂ නිවේදනය
- ඇඳිරි නිතිය බල පැවැත්වෙන විට අනුගමනය කළ යුතු කරුණු
- ඇඳිරි නීතිය බල පැවැත්වෙන විට නිවසින් බැහැරව යාමෙන් සම්පුර්ණයෙන් වැළකී සිටීම.
- අත්‍යවශ්‍ය භාණ්ඩ හැකි පමණින් නිවසට ගෙන්වන සේවාව මාර්ගයෙන් (Delivery Service) ලබා ගැනීම (මේ සඳහා රාජ්‍ය අනුමැතිය ලද ආයතන වල නාමයන් විද්‍යුත් මාධ්‍යවල පළ විය).
- ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවකදී කිසිවෙකු නිවසින් පිටවිය නොහැක. අතිශයින්ම සුවිශේෂී අවශ්‍යතාවකදී පමණක් නිවසින් බැහැර වීමට පෙර අදාළ ප්‍රදේශයේ පොලිස් අවසරයක් (Curfew Pass) ලබා ගත යුතු අතර එය නිකුත් කරන විට කොන්දේසි අදාළ වේ.
- කොරෝනා වයිරසය පැතිරී යාම වැළැක්වීම සඳහා මහජන යහපත මුල් කරගෙන රජය ඇඳිරි නීතිය පනවා ඇති බව වටහා ගෙන වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. ඊට පටහැනි වන තැනැත්තන්ට නීතිමය ක්‍රියාමාර්ග දියත් කරනු ලැබේ.
- රජය ඇඳිරි නීතිය ඉවත් කරන ලද මොහොතක පහත කරුණු වලට සම්පුර්ණයෙන්ම කීකරු වී කටයුතු කළ යුතුයි.
- අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසට ගෙන්වන සේවාව මාර්ගයෙන් (Delivery Service) ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර එසේ නොහැකි අවස්ථාවකදී එක් නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් පිටව යා යුතුය.
- එසේ යන විට නිවසේ සිටින කුඩා හෝ මහලූ පුද්ගලයන් නොයවා තරුණ අය යාමට කටයුතු කළ යුතුය.
- නිවසින් පිටව යන විට නොවරදවා මුඛ/නාස් ආවරණයක් පැළඳ ගත යුතුය.
- භාණ්ඩ ලබා ගැනීමට පෝලිමේ සිටින විට එකිනෙකා අතර පරතරය මීටරයක් පමණ ඈතින් තබා ගත යුතුය.
- වෙළඳ පොලෙහි වැඩ කටයුතු ඉතා සුළු වේලාවකින් නිම කර ගැනීම.
- නිවසින් පිටතට ගොස් පැමිණි විට වහා සබන් දමා අත් සෝදා ගැනීම හා ස්නානය කර නිවැසියන් සමග සබඳතා පැවැත්වීම.
- ස්වයං නිරෝධායනයේ යෙදෙන විට අනුගමනය කළ යුතු කරුණු
පසුගිය සති දෙක තුළ කොරෝනා රෝගියෙකු බවට සැක කරන තැනැත්තෙකු ඇසුරු කර තිබේ ද? එසේ නම්, ඔබ වහාම ස්වයං නිරෝධායනයට යොමු විය යුතු ය.
- රෝග ලක්ෂණ පිළිබඳ ව අවධානයෙන් සිටින්න.
- නිවස තුළ සිටින අන් අයගෙන් වෙන් ව නිවසේම රැඳී සිටින්න.
- අන් අය සමග ගැවසීමේ දී අවම වශයෙන් මීටරයක් පමණ දුරස්ථ ව සිටින්න.
- සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණයක් පළඳින්න.
- කසින විට හෝ කිවිසන විට මුව ආවරණය කර ගන්න.
- නිරන්තරයෙන් සබන් යොදා අත් සෝදන්න.
- නිවසේ භාවිත කරන දෑ අන් අය සමග හුවමාරු කර ගැනීමෙන් වළකින්න.
- භාවිත කරන දෑ පිරිසිදු කර ගන්න, භාවිත කොට ඉවතලන දෑ විනාශ කරන්න.
- ඉවත දැමිය හැකි භාජනයක ආහාර ලබා ගන්න, රෝගියාටම වෙන් වූ වැසිකිළි හා නාන කාමර භාවිත කරන්න.
- ස්වයං නිරෝධායනය ආරම්භ කළ දින සිට අවම වශයෙන් දින 14 ක් මෙම ක්‍රමය අනුගමනය කරන්න.
මෙම කාලය තුළ රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම පහත අංක අමතන්න.
0112444480 / 0112444481 හෝ 1933 නැතහොත් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට ඊ-මේල් කරන්න.
ඔබ නිරෝධායන උපදෙස් වලට පටහැනි ව ක්‍රියා කළහොත් සිදුවන්නේ කුමක් ද?
නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අදාළ වේ.
- ඔබ නිරෝධායන ක්‍රියාවලියට අනුගත කළ හැකිය.
- ඔබගේ ගමන් බිමන් සීමා කළ හැකිය.
- අන් අයගෙන් වෙන් කර තැබීම හෝ ප්‍රතිකාර සඳහා බලහත්කාරයෙන් වුව ද යොමු කළ හැකිය.
- ඊට අවනත නොවීම හේතුවෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිය.
- වරදකරුවෙකු වුවහොත් මාස 06 ක් දක්වා සිර ද`ඩුවම් හෝ රු 2,000/- සිට රු 10,000/- දක්වා දඩයකට යටත් කළ හැකිය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව ද වරදකි.
- නොසැලකිල්ලෙන් හෝ හිතාමතා ම හෝ ද්වේශසහගතව රෝගය පැතිරීමට ඉඩ හැරීම, රෝගය පැතිරවීම හෝ නිරෝධායන රීති අනුගමනය නොකිරීම.
- මෙය වරෙන්තුවක් නොමැතිව සිර භාරයට ගත හැකි වරදකි.
- මාස 06 සිට වසර 02 දක්වා සිර දඬුවමකට ද රු 1,500/- ක දඩයකට ද යටත් කළ හැකිය.
වැරදි සඳහා අනුබල දීම ද වරදකි.
- ඉහත වැරදි සඳහා අනුබල දෙන තැනැත්තන් ද සහාය වන තැනැත්තන් ද වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි වරදකි.
- ඉහත වරදට ද`ඩුවමට ම යටත් කළ හැකිය.
ඉහත වැරදි සඳහා යොදාගත් නිශ්චල / චංචල දේපළ ද තහනමට ලක් විය හැකිය.
සැ: යු:
- ආගමික විෂයන් සඳහා සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව මුස්ලිම් ප්‍රජාවට පෙර දැනුම් දී ඇති මගපෙන්වීම් අනුගමනය කරන්න.
- සමස්ත ලංකා ජම්යියතුල් උලමා සභාව පෙර දැනුම් දී ඇති මගපෙන්වීම් අනුගමනය කර මස්ජිදයන් කේන්ද්‍ර කර ගනිමින් තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ අනුමැතිය ඇතිව සහනාධාර කටයුතු වල නියැළෙන්න.