ACJU/FRL/2020/21-238

2020.11.05

1442.03.17

 

අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු


අවාසනාවකට මෙන් කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් අප රටේ ඇති වී තිබේ. මෙවර එහි තීව්‍රතාවය පෙරටත් වඩා වැඩි බව අප දනිමු. කණ්ඩායම් රැස්වීම සීමා කිරීමේ පියවර අනුව මස්ජිද්වල සිකුරාදා ජුමුආ ඇතුළුව පස්වේල සලාතය සඳහා එක් වන බැතිමතුන්ගේ සංඛ්‍යාව 25 කට සීමා කරගන්නා මෙන් රජය නිර්දේශ කර ඇත. මෙයට පෙර 2020.06.16 දින කෝවිඞ් -19 අසාමාන්‍ය තත්වය තුල ජුමුආ ඉටු කිරීම සම්බන්ධව අප සභාව පහත සඳහන් කරුණු අවධාරණය කර තිබුනි.


‘යම් පෙදෙසක ජුමුආ ඉටු කිරීමට එහි නේවාසිකව සිටින හා නිසි වයසට පත් පුරුෂයන් 40 ක් රැස් විය යුතුය යනු ෂාෆාඊ මද්හබයේ අනිවාර්්‍ය නිර්දේශයකි. එනිසා මෙම රීතිය ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. ඉඩ කඩ අඩු වීම හෝ සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය නොමැති වීම හෝ එවන් හේතුවක් නිසා ජුමුආ සලාතයට රැස්වන සංඛ්‍යාව 40 ට අඩු වේ නම් එවිට ජුමුආ වෙනුවට ලුහර් සලාතය ඉටු කළ යුතුය’ 

https://acju.lk/news-ta/acju-news-ta/item/1964-19


මෙරටේ මුස්ලිම් ප්‍රජාව වසර ගණනාවක් තිස්සේ ජුමුආ ඇතුලු සියලු වගකීම ඉටු කරමින් සිටින්නේ රජයේ නිර්දේශවලට අනුකූල වෙමිනි. අල්හම්දුලිල්ලාහ්ණී සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව අවධාරණය කරන්නේද එම පිළිවෙතයි.


මුළුලොවේ හා අප රටේ දැනට පවතින සංවේගජනක තත්වය ඉතා ඉක්මනින් තුරන්වී ජුමුආ ඇතුළු අපගේ ආගමික වතාවත් සියල්ල පුර්ණ ලෙසින් ඉටු කිරීමට කාරුණික අල්ලාහ් අපට නැවතත් අවස්ථාවක් උදා කර දෙත්වා යැයිද අප විඳින සියළු අසීරුතා වෙනුවෙන් අපට විශාල කුලියක් දෙත්වා යැයිද පරම දයාබර අල්ලාහ්ගෙන් අයැද සිටින්නෙමු.


වස්සලාම්


අෂ් ෂෙයික් එම්.එල්.එම් ඉල්යාස්
ලේකම් ෆත්වා කමිටුව
සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව