2022.05.09
ප්රජාතන්ත්රවාදී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව තරයේ හෙළා දකී
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විරෝධය පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව ගාලු මුවදොර ඉදිරිපිට සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂනයේ නිරතව සිටි පිරිසට අද දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව කණගාටුවට පත් වන්නෙමු. ප්රජාතන්ත්රවාදයට එල්ල කරන මේ දරුණු ප්‍රහාරය අප තරයේ හෙළා දකින්නෙමු.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ හා විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ප්රචණ්ඩත්වයන් වැළකී සාමකාමීව තම කටයුතු කරගෙන යන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.
අෂ් ෂෙයික් එම්. එස්. එම්. තාසීම්
වැඩබලන මහ ලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
ACJU/NGS/2022/002
2022 ජනවාරි මස 07
මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ප්‍රතිචාර දැක්වීමයි
තම සභාවට එරෙහි චෝදනාව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) තරයේ ප්‍රතික්ෂේප කරයි.
අප සභාව විසින් වසර 42 කට පෙර නිකුත් කරන ලද, ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු ආගමික තීන්දුවක් සම්බන්ධයෙන් පැමිණිලි කරමින් අධිකරණ අමාත්‍යවරයා වෙත නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් යොමු කළ ලිපිය සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) සිය බලවත් කණගාටුව පළ කරයි. යම් ගැටලුවක් උද්ගතව ඇත්නම් ඒ පිළිබඳව විමසීම සඳහා තුන්වැනි පාර්ශ්ව වෙත නොයා, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික විද්වතුන් නියෝජනය කරන අප සභාව වෙත පැමිණ එම ගැටලුව ඉදිරිපත් කර සත්‍යාපනය කරගැනීමට කටයුතු කිරීම, වගකිවයුතු සහ උගත් පුද්ගලයෙක් මෙන්ම මහාචාර්යවරයෙක් ලෙස යෝග්‍ය වේ.
ගරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නගන චෝදනාව වන්නේ මීට වසර 42කට පෙර අප සභාව විසින් “අධිකරණ ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව, ඝාතන සිදුකිරීම සඳහා තීන්දුවක්” ලබාදුන් බවයි. එකී චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය වන අතර, එය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සියලු මුස්ලිම්වරුන්ගේ අති ගෞරවයට පාත්‍ර වූ, එකල අප සභාවේ තනතුරු දැරූ පුරෝගාමී ජ්‍යෙෂ්ඨ ආගමික විද්වතුන් හට දැඩි සේ අපහාසාත්මක වේ.
තවද, මෑතකදී පකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට අදාළව එරට ජනතාව සහ රජය විසින් වින්දිතයාගේ පවුලට කළ හැකි උපරිම සාධාරණය ඉටුකර තිබියදී, දීර්ඝ කාලයක් තිස්සේ විසඳී තිබූ ගැටළුවක් එකී අමානුෂීය ක්‍රියාව හා සම්බන්ධ කරමින් ඔබ විසින් නැවත මතු කරන්නේ මන්දැයි අපට විමසීමට සිදු වී ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අත්දකින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අරගල කරමින් සිටින මොහොතක, අපගේ මූලික අවශ්‍යතා සඳහා හා අත්‍යවශ්‍ය ආනයනයන් සපුරාලීම සඳහා පකිස්ථානය ඇතුළු විදේශ රටවලින් අවශ්‍ය බාහිර අරමුදල් කඩිනමින් රැස් කර ගැනීමට අපට සියලු අංශවල සහාය අවශ්‍ය වේ.
කෙසේ වෙතත්, කරුණු නිරවුල් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් පහත දැක්වෙන කරුණු පිළිබඳ සඳහනක් කිරීමට කැමැත්තෙමු:
අප සභාව, ඉස්ලාමීය ආගමික කටයුතු සම්බන්ධයෙන් පමණක් මගපෙන්වීම් ලබා දෙන ආගමික ආයතනයක් වන බැවින්, කිසිඳු කරුණක් පිළිබඳව අධිකරණමය මට්ටමින් බැඳෙන තීන්දු නිකුත් කිරීමට අපට බලතල නොමැත.
අප සභාව විසින් ඉස්ලාමීය ආගමික කරුණු සම්බන්ධයෙන් නිකුත් කරන්නේ ස්වේච්ඡාවෙන්, අවශ්‍ය නම් අනුගමනය කළ හැකි ආගමික තීන්දු හා මගපෙන්වීම් පමණි.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සහ ශ්‍රී ලාංකීය මුස්ලිම්වරු ලෙස අපි, සෙසු පුරවැසියන් මෙන්ම මේ රටේ එකම අධිකරණ පද්ධතියක් යටතේ සිටින බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
කෙසේ වෙතත්, ඒ ඒ දහම්වල මූලික මූලධර්මවලට පටහැනි සහ ආගන්තුක මතවාදයන් පිළිබඳව ඒ ඒ ප්‍රජාවන්ට පැහැදිලි කිරීම සහ මඟපෙන්වීම ආගමික ආයතනවල වගකීමකි. තවද යමෙක් දහමේ නාමය භාවිත කර සමාජය නොමග යවන්නේ නම්, එම මතවාදයේ වැරදි සහ විකෘති බව හුවාදක්වමින්, ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු ආගමික තීන්දු නිකුත් කරමින් ජනතාව දැනුවත් කිරීම ද එවැනි ආගමික ආයතනවල යුතුකමකි.
රටේ සෑම අංශයකටම බලපාන පරිදි බරපතල ආර්ථික දුෂ්කරතා උද්ගතව ඇති අවස්ථාවක, මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ පිටපත් රචකයා විසින් රටේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා මහජනතාව එකමුතු කිරීමට කටයුතු නොකොට, සියල්කොට් හි සිද්ධිය අදාළ නොවන කරුණක් තහවුරු කිරීම සඳහා ඈඳාගනිමින්, පාකිස්ථානය සමග රජයක් ලෙස පවත්වාගෙන ඇති සබඳතාවට හානි කිරීමට උත්සාහ කිරීම සහ ඒ වෙනුවට අන්තහ්-ආගමික ගැටලු මත සමාජය බෙදීමට උත්සාහ කිරීම ගැන අපේ දැඩි කණගාටුව ප්‍රකාශ කරමු.
දුෂ්ට බලවේගවල බලපෑම නිසා දුර්මඟ නොයා, අප සමග සුහද සාකච්ඡාවක් සඳහා පැමිණෙන මෙන් අපි ගරු රාජ්‍ය ඇමතිවරයාට කාරුණිකව ආරාධනා කරන්නෙමු.
සත්‍යය හා යුක්තිය දිනේවා!
අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)
ACJU/FRL/2020/21-238
2020.11.05
1442.03.17
අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු
අවාසනාවකට මෙන් කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් අප රටේ ඇති වී තිබේ. මෙවර එහි තීව්‍රතාවය පෙරටත් වඩා වැඩි බව අප දනිමු. කණ්ඩායම් රැස්වීම සීමා කිරීමේ පියවර අනුව මස්ජිද්වල සිකුරාදා ජුමුආ ඇතුළුව පස්වේල සලාතය සඳහා එක් වන බැතිමතුන්ගේ සංඛ්‍යාව 25 කට සීමා කරගන්නා මෙන් රජය නිර්දේශ කර ඇත. මෙයට පෙර 2020.06.16 දින කෝවිඞ් -19 අසාමාන්‍ය තත්වය තුල ජුමුආ ඉටු කිරීම සම්බන්ධව අප සභාව පහත සඳහන් කරුණු අවධාරණය කර තිබුනි.
‘යම් පෙදෙසක ජුමුආ ඉටු කිරීමට එහි නේවාසිකව සිටින හා නිසි වයසට පත් පුරුෂයන් 40 ක් රැස් විය යුතුය යනු ෂාෆාඊ මද්හබයේ අනිවාර්්‍ය නිර්දේශයකි. එනිසා මෙම රීතිය ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. ඉඩ කඩ අඩු වීම හෝ සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය නොමැති වීම හෝ එවන් හේතුවක් නිසා ජුමුආ සලාතයට රැස්වන සංඛ්‍යාව 40 ට අඩු වේ නම් එවිට ජුමුආ වෙනුවට ලුහර් සලාතය ඉටු කළ යුතුය’
https://acju.lk/news-ta/acju-news-ta/item/1964-19
මෙරටේ මුස්ලිම් ප්‍රජාව වසර ගණනාවක් තිස්සේ ජුමුආ ඇතුලු සියලු වගකීම ඉටු කරමින් සිටින්නේ රජයේ නිර්දේශවලට අනුකූල වෙමිනි. අල්හම්දුලිල්ලාහ්ණී සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව අවධාරණය කරන්නේද එම පිළිවෙතයි.
මුළුලොවේ හා අප රටේ දැනට පවතින සංවේගජනක තත්වය ඉතා ඉක්මනින් තුරන්වී ජුමුආ ඇතුළු අපගේ ආගමික වතාවත් සියල්ල පුර්ණ ලෙසින් ඉටු කිරීමට කාරුණික අල්ලාහ් අපට නැවතත් අවස්ථාවක් උදා කර දෙත්වා යැයිද අප විඳින සියළු අසීරුතා වෙනුවෙන් අපට විශාල කුලියක් දෙත්වා යැයිද පරම දයාබර අල්ලාහ්ගෙන් අයැද සිටින්නෙමු.
වස්සලාම්
අෂ් ෂෙයික් එම්.එල්.එම් ඉල්යාස්
ලේකම් ෆත්වා කමිටුව
සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව
සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විශේෂ වීඩියෝ දර්ශනය
ඉදිරිපත් කිරීම : අෂ්-ෂෙයික් එම්.එෆ්.එම්. ෆරූද්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
30.10.2020 / 12.03.1442
සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් එවනු ලැබු නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කිරීමෙහි ලා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉමහත් සතුටට පත් වෙයි.
අරාබි ලිත අනුව රබීඋනිල් අව්වල් මාසය මානව සංහතියට අතිශය වැදගත්කමක් ඇති මාසයකි. මන්දයත් මිනිස් සමාජයට ඍජූ ජීවන මාර්ගයක් පෙන්වීම සඳහා ලොවට ආශිර්වාදයක් ලෙසින් අල්ලාහ් විසින් එවන ලද අවසාන වක්තෘ නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ඉපදුනේ මෙම මාසයේ බැවිනි.
රබීඋන් යන අරාබි වචනයේ අරුත වසන්තය යන්නයි. වසන්ත ඍතුව පොළොවට හරිත හා සශ්‍රීක බව, අලංකාරය ගෙන දෙයි. එසේම, රබීඋනිල් අව්වල් මාසයෙහි නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ඉපිද මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පුර්ණ ජීවන ක්‍රමයක් දායාද කළේය.
මුහම්මද් නබි තුමාණන්ව හැඟීම් සහගතව සිහිකරන්නා වූ මෙම උතුම් දිනයේ වත්මන් ලොවට අවශ්‍ය කරන මානව දයාව, සානුකම්පාව, පරාර්ථකාමය හා සංහිඳියාව යන ගුණාංග නගා සිටුවීමේ හැකියාව එතුමන් ගෙන ආ සාමයේ පණිවිඩයට සත්‍යය ලෙසින් හැකිවනු ඇත.
මෙම උතුම් දිනයේදී මුස්ලිම්වරුන් විවිධ වූ යහකර්මයන්හි නියැලීම සිරිතකි. එමනිසා අප සියලුම දෙනා එකිනෙකා අතර ඇත්තා වූ අවබෝධයෙන්, සාමුහික එකමුතුභාවයෙන් යුතුව සහෝදරත්වයෙන් බැඳී අන් අයගේ හැඟීම්වලට ගරු කරමින් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
කොවිඞ් වසංගතය හේතුවෙන් අපගේ දේශයේ බොහෝමයක් ජනයා ආර්ථික තත්වයෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙම උතුම් දිනයේදී අවශ්‍යතා ඇත්තා වූ ජනයා හට ජාති ආගම් භේදයකින් තොරව අතහිත දෙමින් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. තවද, භයානක වූ මෙම කොරෝනා වසංගතය අප දේශයෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම ඉක්මණින් තුරන් වී සැමට සමෘද්ධිමත් ජීවිතයක් උදා වීමට ප්රාර්ථනාවන්හි නිරත වන මෙන්ද සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.
අපගේ මාතෘභූමියෙහි සාමය, ශාන්තිය හා ජනකොටස් අතර සුහදත්වය පැවතිය යුතු යැයි මෙම විශේෂ දිනයෙහි අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
2020.10.27
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි හිටපු සභාපති සහ වත්මන් මහලේකම් අෂ්-ෂෙයික් උස්තාද් මුබාරක් (ගෆූරී, මදනී) තුමාණන්ගේ අභාවය පිළිබඳ පුවත අපගේ දැඩි කනස්සල්ල ඇති කරන්නකි.
එතුමන් වර්ෂ 1991 සිට 2003 දක්වා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ගෞරවනීය සභාපති ලෙස සේවය කර ඇත. තවද වර්ෂ 2003 සිට 2010 දක්වා නියෝජ්‍ය සභාපති වශයෙන් ද 2010 පටන් අද දින අවසන් ගමන යන තෙක් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවෙහි ගෞරවනීය මහලේකම් වශයෙන්ද අපගේ සභාවට මඟ පෙන්වූ ශේෂ්ඨ විද්වතෙකි. වසර 33 ක් පමණ තමා අධ්‍යාපනය ලැබූ ගෆූරියා අරාබි විද්‍යාලයේ විදුහල්පති ලෙසත්, ජාමියා නලීමියා කලා පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇති අතර, තම ජීවිතයේ බොහෝ කාලය අධ්‍යාපනය හා දහමේ අභිවෘද්ධිය සඳහා කැපකර ඇත.
එතුමන් රටේ සුප්‍රසිද්ධ ඉස්ලාමීය දේශකයෙක් හා ලේඛකයෙකි. එතුමන්ගේ අභාවය පිළිබද පුවත මේ රටේ මුස්ලිම්වරුන්ට සහ රටේ ජනතාවට විශාල පාඩුවක් ගෙන දෙන්නකි. එතුමන්ගේ පවුලේ උදවිය, ඥාතීන් සහ ශිෂ්‍යයින් සියලු දෙනාට අපගේ ශෝකය සහ කණගාටුව පළ කර සිටින්නෙමු.
සර්වබලධාරී අල්ලාහ්, එතුමන්ට පාපක්ෂමාව ලබා දී ජන්නතුල් ෆිර්දවුස් නම් ස්වර්ගය පිරිනමත්වා.
සටහන : කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා තිබෙන නිසා ජනාසාවට සහභාගී වීමට නොහැකි උදවිය, එතුමන් වෙනුවෙන් දුආ ප්රාර්ථනාවන්හි නියැළෙන ලෙසත් ගාඉබ් (غائب) වන ජනාසා සලාතයෙහි නිරත වන ලෙසත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි.
අෂ්-ෂෙයික් මුෆ්ති එම්. අයි. එම්. රිස්වි
ගරු සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)
Ref : ACJU / GEN / 2020/025
2020.09.10 / 1442.01.21
ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්
2020.09.09 බදාදා, එනම් ඊයේ දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවෙහි සිදුවූ සිද්ධිය පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය හා කනස්සල්ල පළ කර සිටිමු.
එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් සහභාගී වූ සහකාර මහලේකම් අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් පිළිබදව මාධ්‍යයෙහි පල වූ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදීමක් ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ හදිසි රැස්වීමක් අද පෙ.ව. 10.30 ට අප ප්‍රධාන කාර්යාලයෙහි පැවැත් විණි. එහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලදී.
මෙම අවස්ථාවේ දී, අෂ්-ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද් තුමන් තම විමර්ශන කටයුතු අවසන් වන තුරු තමා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහලේකම් ධූරයෙන් ඉවත් වන බව ලිඛිතව දැනුම් දී තිබේ. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් බව මෙයින් දන්වා සිටිමු.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
ACJU/MED/2020/005
23.05.2020 / 29.09.1441
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ රමළාන් උත්සව පණිවි
ඩයකෝවිඩ්-19 වසංගතය පවතින අර්බුදකාරි තත්ත්වයක පුරා මාසයක් උපවාසශිලයේ හා යහක්රියාවන් වල යෙදී අද දින රමළාන් උත්සවය සමරන මුස්ලිම් ජනයාට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ රමළාන් උත්සව සුබපැතුම දන්වා සිටියි. තවද අප යෙදුනු උපවාසශීලය ඇතුලූ සියලූ යහකි‍්‍රයා අල්ලාහ් පිළිගනිත්වා යැයිද ප්‍රාර්ථනා කරමු.
කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ පියවර ලෙසින් ආරක්ෂක හා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව තිබෙන හෙයින්, පසුගිය වසරවල මෙන් නොව මෙවර අප රමළාන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් සමරමු. තවද එම නිර්දේශවලට අනුව අප මෙවර සැමරීම අපගේ නිවසට පමණක් සීමා කරමු. එමෙන්ම අප රට ඇතුලූ මුළු ලොවටම ඇති වී තිබෙන මෙම ව්‍යසනය ඉවත් වන මෙන්ද අප සැම මෙම උවදුරෙන් ආරක්ෂා කරන මෙන්ද සර්වබලධාරී අල්ලාහ්ගෙන් අප අයැද සිටිමු. මෙම ව්‍යසනය ලොවින් තුරන් කරන්නට අප සැම එක්ව හා සහයෝගයෙන් මෙන්ම තිර අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නට අවශ්‍ය ඉවසීම හා චිත්ත ධෛර්යය අපට ලබා දී ආශීර්වාද කරන මෙන් ලාංකික මුස්ලිම් අප සැම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.
මෙම උතුම් දිනයේ ඉස්ලාමීය මගපෙන්වීම් නිසි අයුරින් අනුගමනය කරමින් මුළු ලොවම හා අප මාතෘභුමිය මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට අප සියල්ලන්ම සර්වබලධාරි අල්ලාහ්ගෙන් අයැද සිටිමු.
එමෙන්ම මෙම දුර්භීක්ෂයෙන් අපගේ දේශය ගලවා ගැනීමට අව්, වැසි, දිවා, රාති‍්‍ර නොබලා කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය නිළධාරීන්, සෞඛ්‍ය අංශයේ නිළධාරීන්ට ද පොලිස් නිළධාරීන් හා ති‍්‍රවිද හමුදාවට ද අපගේ හෘදයාංගම ස්තූතිය මෙම රමළාන් උත්සව දිනයෙහි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රකාශ කර සිටියි.
අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
2020.03.27
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු
ජනාසාවක අවසන් කටයුතු සම්බන්ධව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ විශේෂ ඉල්ලීම
මුළු ලොවම එකම එක් ව්‍යසනයක් නිසා කම්පාවට පත්ව සිටිනු අපි දනිමු. කොරෝනා නම් වන මෙම වසංගතයට සිය ගණනින් දැනටමත් ගොදුරු වී මිය ගොස් ඇති අතර විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම තත්ත්වය පාලනය කිරීමේ එක් පියවරක් ලෙසින් ලොව රටවල් සෑම එකක්ම පාහේ ඇඳිරි නීතිය පනවා ඇත. අන් බොහෝ රටවල මෙන් අප රටේද දෛනික සියලු කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී ඇත.
මෙම ව්‍යසනයෙන් මීදීම පිණිස රජය විසින් ඇඳිරි නීතියට අමතරව තවත් විවිධ පියවර ගණනාවක්ම ගනිමින් සිටින අතර මුස්ලිම් ප්රජාවද රජයේ නීති නිර්දේශවලට අවනත වෙමින් නීති ගරුක පුරවැසියන් ලෙස කටයුතු කරමින් පෙර නොවිරූ අන්දමින් පස්වේල සලාතය සහ සිකුරාදා ජුමුආ නැමදුම තමතමන්ගේ නිවෙස්වලම ඉටු කර රජයේ නියෝග පරිදි සියලුම ආකාරයේ ආගමික හා සමාජමය එක් රැස්වීම්ද නවතා දමා ඇත. එමෙන්ම මුස්ලිම් ප්‍රජාව මෙරට හා රට වැසියන්ගේ ආරක්ෂාව පතා සහය දක්වමින් සිටියි.
මේ අතර අල්ලාහ්ගේ අභිමතය පරිදි කෙනෙකු අභාවයට පත් වූ විට එයට අදාළව මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා වගකීම් කිහිපයක් තිබෙන හෙයින් එය ඉටු කිරීම පිණිස කිහිප දෙනෙකු එක්රැස්වීම යනු නොවැළැක්විය කාරණාවකි. එහෙයින් මිනිසුන් රැස්වන විට මෙම රෝගය ආසාදනය වීමේ ප්‍රවණතාවක් ඇත යැයි සෞඛ්‍ය බලධාරීන් අවවාද කර ඇත. ඒ අනුව මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට පහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලාංකේය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි:
ඉහත කරුණු අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ලක්වාසී මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
සැ.යු. - අල්ලාහ් මෙසේ පවසයි : “අල්ලාහ් නුඹලාට පහසුව අපේක්ෂා කරන අතර නුඹලාට දුෂ්කරතාව අපේක්ෂා නොකරයි.” (සූරා අල් බකරා 185)
නබි මුහම්මද් තුමන් (සල්) මෙසේ උපදෙස් කර ඇත : “නිශ්චය වශයෙන්ම මෙය පහසු දහමකි. කවුරුන් හෝ මෙම දහම ඔහුට අසීරු කර ගතහොත් එය ඔහු අභිබවනු ඇත. (සහීහුල් බුහාරි 39)
ඉහත මාර්ගෝපදේශ මෙම ශුද්ධ කුර්ආන් වැකිය, නබිවදන හා ආගමික විශාරදයින්ගේ අදහස් පදනම් කර ගනිමිනි.
අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්
ලේකම් - ෆත්වා කමිටුව,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
2019.06.08
මාධ්‍ය ප්‍රකාශය
පසුගිය ගිය සති කිහිපය අප රටට අතිශය ශෝචනීය කාල වකවානුවක් බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. මෙවන් නොසන්සුන් වාතාවරණයක පසුගිය ජූනි මස 6 වන දින ත්‍රයි නිකායන්ට අයත් අති පූජ්‍ය මහා සංඝ නායකයන් මාධ්‍ය හමුවක් කැඳවා මෙරටේ සියලූ ජනකොටස් සාමයෙන් එක්සත්ව කටයුතු කළ යුතුය යැයිද විශේෂයෙන් මුස්ලිම් ජනයා සමග තමන්ට කිසිඳු අහිතක් හෝ නොසතුටක් නොමැත යැයිද ඈත අතීතයේ පටන් මුස්ලිම් ප්‍රජාව සමග සිංහළ ජනයා වාසය කළේ සුහඳ මිත්‍රශීලී ආකල්පයෙන් බව පෙන්වා දෙමින් එය එසේම පැවතිය යුතුය යැයිද විශේෂ ප්‍රකාශයක් කර තිබීම ඉතා අගය කළ යුතු කරුණකි.
මෙලෙසින් අප රටේ සාමය හා ජනකොටස් අතර එකමුතුබව සඳහා මහා සංඝරත්නය ඉටු කර ඇති මෙහෙය හා ලබා දී ඇති දායකත්වය සුළුපටු නොවේ. එසේම අතීතයේ සේම වර්තමානයේත් රටේ අභිවෘධිය උදෙසා එක්සත්ව කටයුතු කරන්නට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්රජාවද මුස්ලිම් ආගමික ප්‍රධානීන්ද නිරන්තරයෙන්ම සුදානමින් සිටින බව මෙරටේ සියලූ ජනයාට මෙන්ම රජයටද පවසනු කැමැත්තෙමු.
ත්‍රස්තවාදය, අන්තවාදය හා ජාතිවාදය වැනි අපගේ රටට ව්‍යසනයක් විය හැකි හා රට අස්ථාවර කළ හැකි දුෂ්ට බලවේග කුමන වෙසකින් පැමිණියද ඒ සියල්ල පරාජය කිරීමට ශ්‍රී ලාංකිකයන් ලෙසින් සියලූ වෙනස්කම් පසෙකලා අප සැම එක හඬින් නැගී සිටිය යුතුය.
ජනකොටස් අතර අන්‍යෝන්‍ය වැටහීම සහ එක්සත් බව ඇති කර රටේ සාමය හා සමාදානය මෙන්ම අභිවෘධිය ඇති කරත්වා යැයි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.
වස්සලාම්
අෂ් ෂෙයික් එම්.එම්. මුර්ෂිද් මුලෆ්ෆර්
සහකාර ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය
(All Ceylon Jamiyyathul Ulama)