චන්ද්‍ර ග්‍රහණය

යොමු අංකය: ACJU/FRL/2022/40-287

හිජ්රි: 1444.04.10 (2022.11.06)

 

“ඉර,හඳ සර්ව බලධාරී අල්ලාහ්ගේ සංඥා දෙකකි. ඒවා, කෙනෙකුගේ මරණය හෝ උපත සඳහා ග්‍රහණය වන්නක් නොවේ. ඒවා ග්‍රහණය වීම දුටුවහොත්, සර්ව බලධාරී අල්ලාහ්ගෙන් යහපත පතා ප්‍රාර්ථනා කරන්න, තක්බීර් පවසන්න, නැමදුමෙහි නිරතවන්න සහ දානමාන ඉටු කරන්න” යනුවෙන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: සහීහ් බුහාරි, 1044)

සූර්යයා හෝ චන්ද්‍රයා පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ග්‍රහණය වූ විට ග්‍රහණය සඳහා වූ සලාතය ඉටු කිරීම, දුආ ප්‍රාර්ථනාවන්, ඉස්තිඃග්ෆාර් හා සදකා දන්දීම වැනි යහ ක්‍රියාවන්හි නියැලීම සුන්නහ් පිළිවෙතක් වෙයි. ග්‍රහණය සිදු වූ බව තහවුරු වූ පසු ඉතිරි කාල වේලාව ග්‍රහණය සඳහා වූ සලාතය නිසි අයුරින් ඉටු කිරීමට ප්‍රමාණවත් නොවන්නේ නම්, ග්‍රහණ සලාතය ආරම්භ නොකර ලුහර්හි සුන්නහ් සලාතය මෙන් රක්අත් දෙකක් සලාතය ඉටු කළ හැක.

ඉන්ෂා අල්ලාහ්, 2022.11.08 අඟහරුවාදා දින චන්ද්‍රග්‍රහණයක් (Lunar Eclipse) සිදුවීමට නියමිත බව තාරකා විද්‍යා වාර්තා පෙන්වා දෙයි. එකී ග්‍රහණය ලොව බොහෝ ප්‍රදේශවලට පූර්ණ ග්‍රහණයක් ලෙස දිස්වනු ඇති අතර ශ්‍රී ලංකාවට අර්ධ ග්‍රහණයක් ලෙස දිස්වනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලංකා වේලාවට අනුව ප.ව. 01.32 සිට ප.ව. 07.26 දක්වා පවතින අතර, ශ්‍රී ලංකාවට ප.ව. 05.57 සිට පස්වරු 07.26 දක්වා කාලය තුළ දිස්වීමට ඉඩකඩ ඇති නමුත් ප.ව. 05:57 සිට ප.ව. 06:19 දක්වා කාලය තුළ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙසත් පස්වරු 07.26 දක්වා වූ ඉතිරි වේලාව ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙසත් දිස්වනු ඇතැයි ද එකී වාර්තාවෙහි සඳහන් වෙයි.

එබැවින් ප.ව. 05:57 සිට ප.ව. 06:19 දක්වා කාලය තුළදී අර්ධ චන්ද්‍රග්‍රහණය සිදුවීම දුටු විට හෝ දිස් වූ බව තහවුරු වූ විට ග්‍රහණය සඳහා වූ සලාතය ඉටුකිරීම, දුආ ප්‍රාර්ථනාවන්, ඉස්තිඃග්ෆාර් හා සදකා දන්දීම වැනි සුන්නත් වූ යහ ක්‍රියාවන්හි යොමු කිරීමට තම ප්‍රදේශවාසී ජනතාව දිරිගන්වන මෙන් මස්ජිද් ඉමාම්වරුන්ගෙන්, ආලිම්වරුන්ගෙන්, මස්ජිද් පරිපාලකයින්ගෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ෆත්වා කමිටුව ඉල්ලා සිටියි.

 

 

අෂ්-ෂෙයික් එච්. උමර්දීන්

සභාපති (වැඩබලන),

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)

 

අෂ්-ෂෙයික් එම්.ටී.එම්. සල්මාන්

ලේකම් (වැඩබලන),

ෆත්වා අංශය,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *