2019 නොවැම්බර් 18
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
අපගේ අතිගරු ජනාධිපතිතුමන්ට සුබ පැතුම්
අප මාතෘ භූමියේ 07 වන විධායක ජනාධිපති වශයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා පත් වීම මෙරටේ පුරවැසියන් වන අප සියලු දෙනාටම ඓතිහාසික සිද්ධියකි.
ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් වන අප, අපගේ නායකයා නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකින් තෝරා පත් වීම ශ්‍රී ලාංකේය අප සැමගේ සතුටට කරුණකි.
බහු ආගමිකයින් ලෙස බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කිතුනුවන් වන අපි මෙම ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස සලකන අතර මෙම රටේ සියලු ජන කොටස් අතර සමගිය හා සාමකාමී සහජීවනය පවත්වා ගනිමින් සංවර්ධනය හා සමෘද්ධිය කරා මෙරට ධජය ගෙන යනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.
සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU) යනු දේශපාලනික නොවන සංගමයක් වන අතර දශක 9 කට වැඩි එහි ඉතිහාසය පුරාම මෙරට සංවර්ධනය සඳහා රජයන් සමඟ සමීපව කටයුතු කර ඇති අතර ප්‍රජාවන් අතර සමගිය හා සාමකාමී සහජීවනය ගොඩනැගීමේ උත්සාහයන්හි ක්‍රියාකාරීව නිරත වී ඇත.
සාමය, සමගිය සහ සමෘද්ධිය ගොඩනැංවීමත් සමඟම මෙරට උන්නතිය උදෙසා අතිගරු ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීමට අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමු.
සර්වබලධාරී දෙවියන් වන අල්ලාහ් සිය විශේෂ මඟ පෙන්වීම තුළින් අපගේ මාතෘ භූමියට දයාව හා ආශිර්වාදය පිරිනමත්වා, සංවර්ධනය, සාමය, සමගිය සහ සමෘද්ධිය කරා මෙරට මෙහෙයවීමට ඔබට ශක්තිය ලබා දෙත්වා.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති – සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU)
අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහලේකම් – සමස්ත ලංකා ජම්යියතුල් උලමා සංගමය (ACJU)