පාකිස්තානු ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරාල් උමර් ෆාරූක් බුර්කි තුමාගේ ආරාධනයෙන් අභාවප්රාප්ත ප්රියන්ත කුමාර සොහොයුරාගේ ශෝක ප්රකාශ කිරීමේ උත්සවයක් 2022.01.20 දින පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. එයට සර්වාගමික නායකයින් සහභාගී වූ අතර සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් එහි සභාපති ගරු මුෆ්ති රිස්වි තුමාණන් සහභාගී විය.
මාධ්‍ය අංශය
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව