අයි.එස්.අයි.එස්. සංවිධානයේ බෝම්බකරුවන් අප රට තුළට පිවිස ඇති බවට පා.ම. චමින්ද විජේසිරි මහතා කරන ලද ප්‍රකාශයට අවධානය යොමු කරන මෙන් ඉල්ලීම

යොමු අංකය: ACJU/NGS/2023/203

2023 අගෝස්තු මස 24 වෙනිදා

 

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනාධිපති ලේකම් කාර්යාලය,

ගාලු මුවදොර – කොළඹ

ශ්‍රී ලංකාව

 

ගරු මහත්මයාණෙනී,

 

2023.08.23 දින පාර්ලිමේන්තු විවාදය අතරතුර පා.ම. චමින්ද විජේසිරි මහතා විසින් අයි.එස්.අයි.එස්. සංවිධානයේ බෝම්බකරුවන් අප රට තුළට පිවිස ඇති බවටත් ඒ පිළිබඳව පා.ම. වජිර අබේවර්ධන මහතා දැනුවත් බවටත් ප්‍රකාශයක් සිදුකර ඇත. පසුගිය කාලයේ පාස්කු ඉරුදින සිදුවීම තුළින් අප රටට විශාල හානියක් සිදුවූ බව අපි දනිමු. එකී සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳව පෙරාතුවම අප ලද තොරතුරු ආරක්ෂක අංශයට මෙන්ම අදාළ බලධාරීන්ට දැන්වූවත් කිසිඳු තීරණයක් හෝ සොයා බැලීමක් සිදු නොවූ බැවින් කිතුණු භක්තිකයන් පමණක් නොව රටේ සමස්ත ජනතාවම විශාල බලපෑමකට ලක් විය. තවද ආර්ථිකයේද විශාල පසුබෑමක් ඇති විය.

මේ අනුව රටේ යහපත හා අභිවෘද්ධිය සැලකිල්ලට ගෙන මින් මතුවට මෙවැන්නක් සිදු නොවිය යුතු බැවින් පා.ම. චමින්ද විජේසිරි මහතා කළ ප්‍රකාශය පිළිබදව සොයා බලා ඊට අදාළ නිසි පියවර ගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කරන මෙන් අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

(එකී ප්‍රකාශය ඇතුළත් සංයුක්ත තැටියක් මෙහි අමුණා ඇත)

 

ස්තූතියි,

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *