අල්-හාජ් මොහොමඩ් කාමිල් හුසේන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ශෝක පණිවුඩය

ACJU/NGS/2023/061

2023.02.06 (1444.07.14)

 

අල්-හජ් මොහොමඩ් කාමිල් හුසේන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය බලවත් ශෝකය ප්‍රකාශ කරයි.

إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ

“සැබැවින්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම ය. ඔහු වෙතම අපි නැවත යොමුවන්නන් වෙමු.”

අල්-හජ් මොහොමඩ් කාමිල් හුසේන් මහතා අප සභාවට සහාය දක්වමින් අන්තර් ආගමික සහ සිය ආගමික ප්‍රජාව තුළ සාමය ගොඩනැගීමේ ව්‍යාපෘති කිහිපයක නිරත වූ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරියෙකි.

 

සමාජ සුබසාධනය සඳහා ඔහුගේ වටිනා දායකත්වය තුළින් අප සභාව, මුස්ලිම් ප්‍රජාව ඇතුළු ලක්වැසියන් ඉමහත් ප්‍රතිලාභ ලබා ඇත.

 

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඔහුගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.

 

මහා කාරුණික අල්ලාහ්, වියෝවට පත් ඔහුගේ සියලු යහපත් ක්‍රියා පිළිගෙන, ඔහුගේ පරලොව ජීවිතය මෙලොවට වඩා යහපත් කරත්වා! ඔහුගේ පවුලේ අයට සැනසුම ලබා දී ඔවුන්ගේ ඉවසීමට මහත් කුසලක් ලබා දී ඔවුන්ව ජන්නතුල් ෆිර්දවුස් නැමැති ස්වර්ගයට අවතීරණ කරත්වා!

 

أللهم لا تحرمنا أجره ولا تفتنا بعده واغفر لنا وله

(අල්ලාහ්, අපගේ යහවිපාක අපෙන් ඉවත් නොකරනු මැනව! ඔහුගේ මරණයෙන් පසු අපව පිරික්සුමට ලක් නොකරනු මැනව! අපට සහ ඔහුට සමාව පිරිනමනු මැනව!

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *