අ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා උපදේශන වැඩසටහන් සංවිධානය කිරීම

යොමු අංකය: ACJU/NGS/2022/146

2022 ජූනි 02 වෙනිදා (1443.11.01)

 

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ

 

තරුණ පරපුර රැක ගැනීමත් ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම් කලින් කලට ලබාදීමත් දෙමාපියන්, ප්‍රදේශයේ භාරකරුවන් හා ආලිම්වරුන් ඇතුළු අප කාගේත් වගකීමකි.

මෙවර අ.පො.ස සා/පෙළ විභාගය අවසන් වී ඇති බැවින් ඊට පෙනී සිටි සිසුන්ට සුදුසුකම් ලත් වෘත්තිකයින් හා ආගමික විද්වතුන් හරහා අධ්‍යාපනික හා අධ්‍යාත්මික මගපෙන්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍රදේශයේ භාරකරුවන්, මස්ජිද් පරිපාලකයින්, අප සභාවේ ශාඛා සාමාජිකයින් හා වෘත්තිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ යෞවන කටයුතු අංශය සුදානම් බව ද දන්වා සිටීමට කැමැත්තෙමු.

අමතන්න: සම්බන්ධීකාරක – යෞවන කටයුතු අංශය (077-3918074)

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *