යොමු අංකය: ACJU/NGS/2023/245
2023 ඔක්තෝබර් මස 04 වෙනිදා (1445.03.20)
2023.09.29 දින, ඉන්දික තොටවත්ත නැමැත්තා විසින් ලොව පුරා කෝටි 200කට අධික ඉස්ලාම් භක්තික ප්‍රජාවක් තම ජීවිතයට වඩා ආදරය කරන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට නිග්‍රහයක් වන අයුරින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකියි.
වර්තමාන අප රට විවිධ ගැටළුවලට මුහුණ දී සිටින අවධියක ලොව සියලු මුස්ලිම්වරු විසින් ප්‍රතික්ෂේප කරන මෙවැනි වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් කිරීම කිසිවිටක නුවනට හුරු නොවන බවත්, මෙවැනි ද්වේෂසහගත ක්‍රියා නිසා ජාත්‍යන්තරයේ අප රටටත් ජනතාවටත් අපකීර්තියක් ඇති වන බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.
මෙම වීඩියෝ පටය නිකුත් වූ දා පටන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව අදාළ බලධාරීන් හමුවී නිසි පියවර ගැනීමට කටයුතු කරමින් සිටී. ගරු ජනාධිපති, පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි ලිපි යවා ඇති අතර, මේ සම්බන්ධයෙන් නිසි පියවර ගනු ඇතැයි ලාංකීය සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අප සභාව බලාපොරොත්තුවෙන් සිටියි.
ආගම්වලට නිගරු වන අයුරින් කටයුතු කිරීම, අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සහ ආගමික ද්වේෂසහගත ප්‍රකාශ සිදුකිරීම ආදී අවැඩ කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙස සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ලංකාවාසී සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් නිසි පියවර ගැනීමෙන් මෙරට බහු වාර්ගික ජනතාව අතර සමගිය සහ සහජීවනය තහවුරු වීමට පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කරමු.
අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් ඒ.සී.එම්. ෆාසිල් (හුමෙයිදි)
මහ ලේකම්, (වැඩ බලන)
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව