ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින්නන්ට උදව් කරමු

සමාජ සේවා අංශය

යොමු අංකය: ACJU/NGS/2023/096

2023 පෙබරවාරි 23 වෙනිදා (1444.08.02)

 

අපේ රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය නිසා සියලු දෙනා උසුලාගත නොහැකි තරම් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටීම අපි දනිමු. මෙහිදී දිනෙන් දින විදුලි බිල සහ භාණ්ඩ මිල ඉහළ යෑම මධ්‍යම පාන්තික ජනතාවට විශාල ලෙස බලපා ඇත. දිනකට තුන්වේල ආහාරය පවා නොලැබෙන අනන්තවත් පවුල් පිළිබඳ දුක්මුසු ආරංචි අප වෙත පැමිණෙමින් තිබේ.

සිය රෝගී තත්ත්වයන් සඳහා නිතර බෙහෙත් වර්ග භාවිත කරන බොහෝ පිරිස් ඒවාහි මිල අධික කම නිසා ඒවා නතර කරන බවත්, එසේ කටයුතු කිරීමෙන් රෝගීන්ට භයානක ප්‍රතිඵල ගෙන දෙන බවත් වෛද්‍යවරුහු අනතුරු අඟවති.

ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා අදාළ බලධාරීන් සම්බන්ධ කර ගනිමින් අප සභාව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මෙහිදී මෙනෙහි කළ යුත්තකි.

එබැවින් මෙම දුෂ්කරකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ජාති, ආගම් භේදයකින් තොරව සිය උදව් උපකාරයන් ඉටුකරන ලෙස ධනවතුන්ගෙන් ඉල්ලා සිටින අතර, මෙම කර්තව්‍යයට අප ශාඛාවන්, මස්ජිද් පරිපාලකයින් සහ වෙනත් සිවිල් ක්‍රියාකාරීන් ප්‍රමුඛත්වය ගන්නා මෙන්ද ඉල්ලා සිටී.

මිනිසුන්ගේ කුසගින්න නිවාළීම මහා කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය ලබා, නිරා ගින්නෙන් ආරක්ෂාව ලැබීමට හේතුවන බව අල්-කුර්ආනය සඳහන් කරයි.

එබැවින්, සර්වබලධාරී අල්ලාහ්, අවශ්‍යතා ඇති අයට උපකාර කර, අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගැනීමට ආශිර්වාද කරත්වා!

 

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

ගරු සභාපති,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්

අංශ භාර ලේකම් – සමාජ සේවා අංශය

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *