2022.01.30
1443.06.26
“මන්හජ්”
ඉස්ලාම් ආගමික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් සඳහා වූ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ස්ථාවරය හා මගපෙන්වීම්
හැඳින්වීම
වසර දහසකට අධික කාලයක පටන් අප රටේ ජීවත් වූ මුස්ලිම් ප්‍රජාව අහ්ලුස් සුන්නති වල් ජමාඅත්[1] නැමැති ඉස්ලාම් දහමේ විශ්වාසයේ ප්‍රතිපත්තිය මත පිහිටා තම ආගමික යුතුකම් හා ක්‍රියාවන් ඉටු කර ඇති අතර මෙරට ස්වෛරීත්වයට, අඛණ්ඩතාවට හා සාමයට දායකත්වයක් දී ඇත.
ඉතිහාසය පුරා, මෙරට මස්ජිදයන්, තකියා, සාවියා, දහම් පාසල් සහ අරාබි විද්‍යාල වැනි ආයතන විසින් අහ්ලුස් සුන්නති වල් ජමාඅත් නැමැති ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් අධ්‍යාත්මිකත්වය, සදාචාරය, අධ්‍යාපනය, සංස්කෘතිය, ශිෂ්ටාචාරය හා සමූහ බැඳියාවන් ආරක්ෂා කිරීමට ද ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කර ඇත.
ආගමික විද්වතුන් අතර ඇති වූ මතභේද සම්බන්ධයෙන් අපි කටයුතු කිරීමේදී, ඒ වෙනුවෙන් අප මුතුන් මිත්තන් විසින් නිර්වචනය කරන ලද මගපෙන්වීම්වලට ගරු කරමින් කටයුතු කළ යුතුයි. එසේ කටයුතු කළෙහු නම්, අප පුරෝගාමී විද්වතුන්ගේ මගපෙන්වීම් හා දායකත්වයන්හි සුරක්ෂිතභාවය තහවුරු වනු ඇත.
අපගේ ආගමික, සමාජ හා සංස්කෘතික විෂයන් ආරක්ෂා කර වැඩිදියුණු කිරීමේ අරමුණින් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියා කිරීම සහ අහ්ලුස් සුන්නති වල් ජමාඅත් නැමැති ප්‍රතිපත්තිය අනුව සියලු දෙනාටම එකට ගමන් කිරීමට හැකි වන පරිදි පැහැදිලි අඩිතාලමක් නිර්මාණය කිරීම මෙම මන්හජ් හෙවත් නිර්දේශයේ මුඛ්‍ය අරමුණයි.
ඒ අනුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත මුස්ලිම් ප්‍රජාවගෙන් සහ ඉස්ලාමීය ආයතනවලින් තම ආගමික, සමාජීය හා පොදු විෂයන් වලදී පහත සඳහන් ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටී.
1. අකීදා (විශ්වාසයේ මූලධර්මය):
1.1 අකීදා (විශ්වාසයේ මූලධර්මය) සම්බන්ධයෙන් අහ්ලුස් සුන්නති වල් ජමාඅත් නැමැති ප්‍රතිපත්තිය පිළිගෙන අනුගමනය කිරීම.
1.2 සැබෑ විෂයය නම් අල්ලාහ් ඒකීය ය. අල්ලාහ් (සෙසු අය විසින්) සදා සරණ පතනු ලබන්නා වූ ද (කිසිඳු) අවශ්‍යතාවක් රහිත වූ ද අයෙකි. ඔහු කිසිවෙකු ජනිත නොකළේය. ඔහු කිසිවෙකුගෙන් ජනිත කරනු ද නොලැබුවේ ය. තවද ඔහුට සමාන කිසිවෙකු නොවූයේම ය.
2. සර්වබලධාරී අල්ලාහ්ගේ දාත් සහ සිෆාතයන් (ගුණාංග)
2.1 අල්ලාහ්ගේ දාත් සහ සිෆාත් (ගුණාංග) සම්බන්ධයෙන් අල්-කුර්ආනයේ සහ අල්-හදීස්වල සඳහන් වන දෑ ඒ පරිදිම පිළිගැනීම. ඒවා අල්ලාහ්ට පමණක් ආවේණික වූ බවත්, ඒවා මැවුම්වලට උපමාවන් හෝ අවයවයන් හෝ ස්වරූපයන් හෝ නොවන බවත් පිළිගැනීම වේ. ඊට පටහැණිව ඒවා ප්‍රතික්ෂේප කිරීම (තඃතීල්) හා අල්ලාහ්ට ස්වරූපයක් උපකල්පනය කිරීම (තජ්සීම්) වැරදි ප්‍රතිපත්තීන්ය. ඒ කරුණු සම්බන්ධයෙන් විග්‍රහ කිරීමේදී අපගේ පුරෝගාමී ආගමික විද්වතුන් වන ඉමාම්වරුන් විසින් යොදා ගනු ලැබූ ‘තඃවීල්’[1] හා ‘තෆ්වීල්’[2] අර්ථ විවිරණ ක්‍රම භාවිත කළ යුතු වේ. ඉහත් සඳහන් අර්ථ විවිරණ ක්‍රමවේදයන්ම අහ්ලුස් සුන්නා වල්ජමාඅතයට අයත් සලෆුස් සාලිහීන්වරුන්, අල්-අෂ්අරියාවරුන් සහ අල්-මාතුර්දියාවරුන්ගේ මතය වන්නේය.
2.2 “අත්වේදම්” සියල්ලම ඔහු වේ (හමවෝස්ත්) යන චින්තනය, සියලු මැවීම් තුළට අල්ලාහ්ගේ අවතීර්ණ වීම “හුලූල්” යන චින්තනය හා සියලු මැවුම් හා අල්ලාහ් ස්වීකරණීය වීම “ඉත්තිහාද්” යන චින්තනය ඉස්ලාමයට විරුද්ධ ප්‍රතික්ෂේපය ඇති කරන ප්‍රතිපත්තියක් වන අතර මෙය ඉස්ලාමයට සහමුලින්ම පටහැනිය.
3. මලක්වරු (දේවදූතයෝ)
3.1 මලක්වරු (දේවදූතයෝ) යනු සර්ව බලධාරී අල්ලාහ් විසින් ආලෝකය මගින් නිර්මාණය කරන ලද විශිෂ්ට නිර්මාණයකි. ඔවුන් කිසිවිටෙකත් අල්ලාහ්ගේ අණට අකීකරු නොවන බවත් ඒවාට එලෙසින්ම අවනත වන බවත් විශ්වාස කිරීම.
4. ආගම් (ධර්ම ග්‍රන්ථ)
4.1 ආගම් (ධර්ම ග්‍රන්ථ) යනු මනුෂ්‍ය සමාජය මෙලොව යහමගෙහි ගමන් කිරීම සඳහා හා පරලොව ජීවිතයෙහි විමුක්තිය ලැබීම සඳහා සර්වබලධාරී අල්ලාහ් තම දූතයින් මාර්ගයෙන් මනුෂ්‍ය වර්ගයාට පිරිනැමූ අණ පනත් සහ මගපෙන්වීම් වේ. තවද අල්-කුර්ආනය යනු දයාලූ අවසාන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්හට පිරිනැමූ අවසාන ධර්ම ග්‍රන්ථය වේ යන ප්‍රතිපත්තිය දැරීම.
5. නබිවරුන් (වක්තෘවරුන්) සහ රසූල්වරුන් (පණිවිඩකරුවන්)
5.1 අල්-කුර්ආනයේ සහ අල්-හදීසයන්හි දැන්වීමට අනුව අල්ලාහ් විසින් මෙලොවට පත්කරන ලද සියලු නබිවරුන් (වක්තෘවරුන්) සහ රසූල්වරුන් (පණිවිඩකරුවන්) අල්ලාහ්ගේ දූතයන් බවත්, ඔවුන් සියලු ආකාරයේ පාපවලින් ආරක්ෂාව ලැබූ ‘මඃසූම්’ වේ යන ප්‍රතිපත්තිය දැරීම.
6. කාතමුන් නබී (අවසාන දූතත්වය)
6.1 නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සර්ව බලධාරී අල්ලාහ් විසින් පත් කරන ලද අවසාන නබිවරයා සහ රසූල්වරයා වේ. මෙය ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තියකි. මෙම ප්‍රතිපත්තියට පටහැනි කිසිඳු මතයක් ඉස්ලාම් දහමට සම්බන්ධ නොවන බව පිළිගැනීම.
6.2 යම් මුස්ලිම් භක්තිකයෙකු විසින් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පසු තමා නබිවරයෙක් යැයි වාද කළ හෝ වාද කරන අයෙකු තම ආගමික නායකයෙක් යැයි හෝ ආගමික ප්‍රතිසංස්කරණවාදියෙක් යැයි පිළිගැනීම ඉහත ඉස්ලාමීය මූලධර්මයට පටහැනි වූවකි.
7. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි ආදරය දැක්වීම, එතුමන් ප්‍රසංශා කිරීම හා එතුමන් වෙනුවෙන් සලවාත් පාරායනය කිරීම හා එතුමන්ගේ සුන්නත් සම්ප්‍රදායන් අනුගමනය කිරීම
7.1 දයාලූ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්හට තම ජීවිතයට වඩා ආදරය කිරීම හා තම දෙමාපියන්ට, තම දරුවන්ට සහ මෙලොව සිටින සෑම පුද්ගලයෙකුටම වඩා ආදරය දැක්වීම පරිපූර්ණ ආගමික විශ්වාසයේ ලක්ෂණයකි. එතුමන් සකල ලෝ වැසියන්ට ආශිර්වාදයක් ලෙසින් පත් කරනු ලැබීය. එකී ආශිර්වාදයට කෘතඥ වීම සහ සිහිපත් කිරීම ඉස්ලාමයේ දිරිගන්වා ඇති පිළිවෙතකි.
7.2 නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සියලු මැවුම් අතුරින් උසස්තමයා ය, එතුමා සර්ව බලධාරී අල්ලාහ්ට ඉතා සමීපතමයා ය, තවද එතුමාණෝ සියලු ආකාරයේ පාපවලින් ආරක්ෂාව ලැබූ ‘මඃසූම්’ බව විශ්වාස කිරීම හා එතුමන්ගේ යැයි තහවුරු වූ ප්‍රකාශයන්, ක්‍රියාවන් හා අනුමත කිරීම් සියල්ල ආගමික විෂයන් වේ යන ප්‍රතිපත්තිය දැරීම. එතුමන්ව ගෞරවයට පත් කිරීම සහ එතුමාට ආදරය දැක්වීම ඊමාන් හෙවත් ආගමික විශ්වාසයේ අංගයකි. සලාතය යන නැමදුමේදී එතුමා වෙනුවෙන් සලවාත් උසුරීම අනිවාර්ය කටයුත්තක් වන අතර අනෙක් අවස්ථාවලදී ද එය උසුරීම විශේෂ වූ සත් ක්‍රියාවකි.
7.3 නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මහිමය, කීර්තිය, චරිතාපදානය, චර්යාව සහ ජීවන රටාව (සුන්නාහ්) ඇතුළු එතුමා කෙරෙහි වූ ආදරය හා ප්‍රශංසාව ආදිය මුස්ලිම් හා මුස්ලිම් නොවන සමාජය අතර ඉස්ලාමීය ඉගැන්වීමට අනුව ස්මරණය කිරීමට කටයුතු කිරීම මුස්ලිම්වරු කෙරෙහි වූ වගකීමකි. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ උපත ලැබූ මාසය වන රබීඋනිල් අව්වල් මාසය මේ සඳහා අනගි අවස්ථාවකි. එම මාසය තුළදී එවැනි ක්‍රියාකාරකම්වල නියැලීම ඉතා සුදුසු ය.
8. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ශ්‍රී දේහය මිහිදන් කොට ඇති ස්ථානය බැහැදැකීම.
8.1 නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ශ්‍රී දේහය මිහිදන් කොට ඇති මස්ජිදුන් නබවි නැමැති මස්ජිදය වෙත ගොස් එතුමාණන්ගේ ශ්‍රී දේහය මිහිදන් කොට ඇති ස්ථානය සියාරා හෙවත් බැහැදැකීම විශේෂ වූ සුන්නාහ්වකි. (යහ ක්‍රියාවකි.)
9. කියාමත් දිනය (ලොව අවසාන දිනය)
9.1 අල්-කුර්ආනයේ හා අල්-හදීසයන්හි සඳහන් පරිදි ලොව අවසාන දිනය සහ ඒ හා සම්බන්ධ සෑම විෂයක්ම සත්‍යය බව විශ්වාස කිරීම.
10. කලා කද්ර් (සියලු දෑහි පැවැත්ම පිළිබඳ පවතින දේව න්‍යාය)
10.1 යහපත හා අයහපත අල්ලාහ්ගේ අභිමතය පරිදි සිදුවන්නේය යැයි විශ්වාස කිරීම
11. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය (අහ්ලුල්-බයිත්) හා සමකාලීන අනුගාමික සගයින් (සහාබිවරුන්)
11.1 නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සහාබිවරුන් අතුරින් අල්-කුලෆා උල්-රාෂිදූන්වරුන් වන අබු බක්ර් (රලියල්ලාහු අන්හු) තුමාණන්, උමර් (රලියල්ලාහු අන්හු) තුමාණන්, උස්මාන් (රලියල්ලාහු අන්හු) තුමාණන් සහ අලි (රලියල්ලාහු අන්හු) තුමාණන් යන අය ශ්‍රේෂ්ඨ සහාබිවරුන් වේ.
11.2 නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය (අහ්ලුල්-බයිත්වරු) සහ එතුමාණන්ගේ භාර්යාවන් (උම්මහාතුල් මුඃමිනීන්) යන සියල්ලෝම විශේෂ උත්තමයෝ වෙති. ඔවුන් සියල්ලන්ටම ආදරය හා ගරුත්වය දැක්වීම ඊමාන් හෙවත් ආගමික විශ්වාසයේ අංගයකි.
11.3 සහාබිවරු සියල්ලෝම අවංක හා යහමගෙහි ගමන් කළ උත්තමයෝ වූ අතර, ඔවුන් ඉස්ලාමයේ උන්නතිය උදෙසා කැපවීමෙන් කටයුතු කර ඇති අතර විවිධ පරිත්‍යාගයන්ද සිදු කර ඇත. ඔවුන්ට ආදරය හා ගරුත්වය දැක්වීම ඊමානයේ අංගයකි. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ එවැන් සමකාලීන අනුගාමික සගයින් (සහාබිවරුන්) විවේචනයට ලක් කිරීම සහ අපහාස කිරීම සහමුලින්ම තහනම් ය.[4] එකී සහාබිවරුන්ට අපහාස කිරීම අහ්ලුස් සුන්නති වල් ජමාඅත් නැමැති ප්‍රතිපත්තියට අනුව සහමුලින්ම පටහැනි ක්‍රියාවක් වන අතර එය නොමග යෑමකි.
12. ගෞරවණීය අව්ලියාවරු (දේව ගැතියන්)
12.1 අව්ලියා යනු දේව ගැතියන් යන අර්ථය වන අතර “වලී” නැමැති ඒක වචනයේ බහු වචනය වේ. ඔවුන් සර්ව බලධාරී අල්ලාහ්ගේ අණට කීකරු වෙමින්, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උපදෙස් නිසි අයුරින් පිළිපදිමින්, එතුමන්ගේ ජීවන රටාව අනුව ජීවත් වෙමින්, තම අභ්‍යන්තරය හා බාහිර තත්ත්වය පරිශුද්ධ කරගනිමින්, සර්ව බලධාරී අල්ලාහ්ගේ සමීපත්වයේ හා ආදරයේ උසස් ස්ථානයක් ලබා ගත්තෝ වෙති. ගෞරවණීය අව්ලියාවරු අල්ලාහ්ගේ සමීපතයෝ වෙති. මෙකී අව්ලියාවරුන්හට අල්ලාහ්ගේ අභිමතය පරිදි ලෞකික සම්ප‍්‍රදායට පටහැනිව ‘කරාමත්’ හෙවත් ප්‍රාතිහාර්යයන් සිදුවිය හැකි බව අහ්ලුස් සුන්නති වල් ජමාඅත් නැමැති ප්‍රතිපත්තියේ ස්ථාවරය යි.
13. සුන්නාහ් සහ බිද්අත්
13.1 නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යැයි තහවුරු වූ ප්‍රකාශයන්, ක්‍රියාවන් හා අනුමත කිරීම් සියල්ල සුන්නාහ් පිළිවෙත් ලෙස හැඳින් වේ. සුන්නාහ් පිළිවෙත් අනුගමනය කිරීම යහ ක්‍රියාවකි. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ නොතිබී ඉස්ලාමය තුළට අන්තර්ගත කරන ලද නව්‍ය කරුණු බිද්අත් ලෙස හැඳින් වේ. එම නව්‍ය කරුණ ඉස්ලාම් දහමට පටහැනි නොවන්නේ නම් ඒවා පිළිගැනීමට ලක් වූ බිද්අත් විෂයන් වේ. නමුත් එම නව්‍ය කරුණ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාවට හෝ සහාබිවරුන්ගේ කියමන්වලට හෝ ආගමික විද්වතුන්ගේ සම්මුතිය හෙවත් ඉජ්මා විෂයන්ට පටහැනි නම් ඒවා නොමග ගිය බිද්අත් විෂයන් වේ. මෙය ගෞරවණීය ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ (ඉමාම්වරුන්ගේ) ස්ථාවරය යි.
14. අල්-ෆික්හ්
14.1 අල්-කුර්ආන්, අල්-හදීස්, අල්-ඉජ්මා සහ අල්-කියාස් යන මූලාශ්‍ර පදනම් කර ගනිමින් ලබා ගත් නිගමන සහ අපගේ පුරෝගාමී ආගමික විද්වතුන් වූ සහාබිවරුන්, තාබියීන්වරුන් සහ ඉමාම්වරුන් විසින් ඒවාට ලබා දී ඇති විග්‍රහයන්, ආගමික කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා පදනම් විය යුතුයි.
15. මද්හබ් (ගුරුකුල)
15.1 අල්-කුර්ආන්, අල්-හදීස්, අල්-ඉජ්මා හා අල් කියාස් යන ආගමික මූලාශ්‍ර අනුසාරයෙන් මුජ්තහිද් මුත්ලක් යන සුදුසුකම්ලත් ආගමික විද්වතුන් විසින් මූලික ක්‍රමවේදයන් (උසූල්, කවාඉද්) පදනම් කරගනිමින්, කලක පටන් ගොනු කරගනිමින්, සම්පාදනය කරන ලද දේ මද්හබ් (ගුරුකල) යනුවෙන් හඳුන්වනු ලබයි. ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් ආගමික කරුණු සම්බන්ධයෙන් අනුගමනය කිරීම සඳහා ඒකමතිකව පිළිගන්නා වූ හනෆී, මාලිකී, ෂාෆී සහ හන්බාලී යන ගුරුකුල හතර ඉස්ලාමීය බැතිමතුන් විසින් ආරක්ෂා කරමින් පැවත ආහ. මෙම ගුරුකුල හතරෙහි අනුගාමිකයින් නිවැරදි මගෙහි සිටිති. මෙම ගුරුකුල හතර අනුගමනය නොකළ යුතු යැයිද ඒවා අනුගමනය කිරීම නොමග යෑමක් යැයිද ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් වැරදිය. මද්හබ් (ගුරුකුල) නොසලකා හරිමින් අල්-කුර්ආනයට හා අල්-හදීසයට ස්වයංසිද්ධව අර්ථකථනය කිරීම නොමඟ යෑමට හේතු වේ.
16. ෂාෆී මද්හබය (ගුරුකුලය)
16.1. දෛනික ආගමික කරුණු සම්බන්ධයෙන් මුල් අවදියේ පටන් එකිනෙකට වෙනස් මතයන් ස්වාභාවිකවම තිබීම අපට දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ මුල් අවදියේ පටන් වර්තමානය දක්වා බහුතර මුස්ලිම්වරු ෂාෆී ගුරුකුලය අනුගමනය කරන්නෝ ලෙස පැවත ආහ. ඒ අනුව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ආගමික මතයන් (ෆත්වා) හා මඟපෙන්වීම පදනම් වී ඇත්තේ ෂාෆී මද්හබය (ගුරුකුලය) මත ය.
16.2 ඉතා දුෂ්කර හා විලක්පයක් නොමැති අවස්ථාවන්හිදී පමණක් ලොව පුරා වෙසෙන මුස්ලිම් භක්තිකයින් ඒකමතිකව පිළිගනු ලබන සෙසු ගුරුකුල වන හනෆී, මාලිකී, හන්බලී ගුරුකුල වල ආගමික මතයන් අන්තර්ගත කරන විට එයට අදාළ නීති/ක්‍රමවේදය සැලකිල්ලට ගනිමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කටයුතු කරයි.
17. අල්-කුර්ආනය සහ අල්-හදීසය ස්වයංසිද්ධව අර්ථ දැක්වීම
17.1. අල්-කුර්ආනය සහ අල්-හදීස් වටහා ගැනීම සඳහා සහ අර්ථකථනය කිරීම සඳහා ඒහා අවශ්‍ය මූලික කරුණු හා පදනම් හෙවත් උසූල් පිළිපැදිය යුතු අතර, නියමිත අල්-කුර්ආන් වාක්‍ය සහ අල්-හදීසය පිළිබඳ විචාරකයින් වන මුෆස්සිර් හා මුහද්දිස්වරුන්ගේ අදහස් සහ පැහැදිලි කිරීම් කෙරෙහි අනිවාර්යයෙන් සැලකිල්ල යොමු කළ යුතුය. ඊට පටහැනිව තම තමන්ගේ පෞද්ගලික අදහස් මත පමණක් ඒවා වටහා ගැනීම හා අර්ථකථනය කිරීමට උත්සාහ කිරීම නොමග යෑමකි. එසේ සිදුවන විග්‍රහයන් කිසිවිටෙකත් පිළිගත නොහැකි විෂයකි.
18. අල්-ඉහ්සාන් (තසව්වුෆ්, තස්කියා) – චිත්ත පාරිශුද්ධිය සහ දේව සමීපත්වය
18.1. “අල්-හදීස් අල්-ජිබ්රීල්” නමින් සුප්‍රසිද්ධ නබිවදනෙහි අල්-ඉහ්සාන් නැමැති පදය චිත්ත පාරිශුද්ධිය හා දේව සමීපත්වය පිළිබඳව අදහස් කරන බව මුහද්දිස්වරු හෙවත් අල්-හදීස් විචාරක විද්වතුන් සඳහන් කරයි. එයට ‘තස්කියතුන් නෆ්ස්’, ‘ෆික්හුල් බාතින්’ සහ ‘තසව්වුෆ්’ වැනි විවිධ නම් භාවිත වේ. එකී චිත්ත තත්ත්වය වර්ධනය කිරීමට අහ්ලුස් සුන්නති වල් ජමාඅත්හි ප්‍රතිපත්තියේ මූලධර්මයට අනුකූලව නිවැරදිව ක්‍රියාත්මක වන අධ්‍යාත්මික තරීකාවන් (පිළිවෙත්) සහ ඒවායේ අධ්‍යාත්මික පුහුණු වීම් උපකාරී වන බව කෘතඥපූර්වකව පිළිගනිමු. තවද, අහ්ලුස් සුන්නති වල් ජමාඅත් නැමැති ප්‍රතිපත්තියේ මූලධර්මයට පටහැනි හෝ ෂරියාවට පටහැනිව ක්‍රියාකරන කිසිඳු තසව්වුෆ් චින්තනයක් අපි අනුමත නොකරමු.
19. සියාරතුල් කුබූර් (සොහොන් බැහැදැකීම)
19.1 සියාරතුල් කුබූර් හෙවත් සොහොන් බැහැදැකීම නබි පිළිවෙතකි (සුන්නත් විෂයකි). එම ක්‍රියාව ඔස්සේ මරණය සහ මරණින් මතු ජීවිතය පිළිබඳව සිහිපත් වෙයි. සියාරම් යනු අප අතර ජීවත් වූ සාන්තුවරුන්ගේ සොහොන් කොත් වේ. මේවා සංරක්ෂණය කිරීම අපගේ වගකීම යි. මේ අනුව ආගමික මාර්ගෝපදේශයන්ට අනුකූලව වෙනත් සුසාන භූමි හා සොහොන් කොත් බැහැදැකීම මෙන් මෙවන් සොහොන් කොත් බැහැදැකීමද සුන්නත් හෙවත් නබි පිළිවෙතකි.
20. අන් දහම් සහ ඔවුන් අදහන දෑ
20.1 අන් දහම්, ඔවුන් අදහන දෑ, ආගමික ස්ථාන, ආගමික සිද්ධාන්ත, විශ්වාසයන් හා පෞරාණික ස්ථාන ආදියට අපහාස කිරීම, කෙලෙසීම හෝ හානි කිරීම ඉස්ලාමයට අනුව සපුරා තහනම් ය. එවන් අකටයුතුකම් සිදු කිරීම ඉස්ලාමය තරයේ හෙළා දකියි.
21. අන් ආගමික සහෝදරයෝ සමග සබඳතාව
21.1 මුළු මිනිස් සංහතියම නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමාණන්ගෙන් පැවතෙන්නක් බව අපගේ විශ්වාසය යි. ඒ නිසා ජාති, ආගම් හා භාෂා භේදයෙන් ඔබ්බට ගොස් සමස්ත මනුෂ්‍ය වර්ගයාම එකම පවුලකට අයත් වේ. අන්‍යයන්ගේ ජීවිත, දේපළ, ගෞරවය හා අයිතිවාසිකම් නිසි ලෙස ආරක්‍ෂා කිරීමත්, රට තුළ එකිනෙකාට ලබා දී ඇති ආගමික අයිතිවාසිකම්වලට ගරු කිරීමත්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ සහයෝගීතාවෙන් ජීවත් වීමත් ඉස්ලාමයේ මඟපෙන්වීම යි.
21.2 ඉස්ලාමය විසින් යම් මුස්ලිම්වරයෙක් කිසිඳු පාලනයක් යටතේ ජීවත් වීම තහනම් කර නැත. මුස්ලිම්වරුන්ට ඕනෑම පාලනයක් යටතේ ජීවත් විය හැකිය. මුස්ලිම්වරුන් ජීවත් විය යුත්තේ ඉස්ලාමීය පාලනය යටතේ පමණයි යන මතය ඉස්ලාමයට අනුව සම්පූර්ණයෙන්ම වැරදි ය. කුමන පාලනයක් යටතේ ජීවත් වුවද අල්ලාහ් විසින් අණ කර ඇති යහ ක්‍රියාවන් ඉටු කළයුතු අතර තහනම් කළ (හරාම්) දේවලින් වැළකී ජීවත් විය යුතුය.
22. අන්තවාදී සිතුවිලි
- මුළු විශ්වයටම දයාලුවක්වූ අවසාන නබිවරයාණන් වන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම
- මුස්ලිම්වරු විසින් පිළිගත් නබිවදන් (අල්-හදීස්) ප්‍රතික්ෂේප කිරීම
- සහාබිවරුන්ගේ විෂයෙහි අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම
- ඉමාම්වරුන් සහ ආගමික විද්වතුන් අවමන් කිරීම, නොසලකා හැරීම හා ඔවුන්ගේ මාර්ගෝපදේශවලට අවනත නොවීම
- ඒකමතිකව පිළිගත් මද්හබ් හෙවත් ගුරුකුල නොසලකා හරිමින් ඒවා අනුගමනය කිරීම නොමග යෑමක් යැයි මත දැරීම
- දහමේ අනුකරුණු වලදී තම මතයට විරුද්ධ මතයක් දරන උදවියගේ මතය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් නොමග ගියවුන් යැයි පවසා ඔවුන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීමට හා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම
- රටේ ස්වාධිපත්‍යය, ඒකීයභාවය සහ සාමයට අහිතකර වන අන්දමින් හැසිරීම හා සෙස්සන් ඒ සඳහා පොළඹවීම
- අන්‍ය ආගම්වලට අපහාස කිරීම, මුස්ලිම්වරු ජීවත් විය යුත්තේ ඉස්ලාමීය පාලනයක් යටතේ පමණක් හෝ ඉස්ලාමීය පාලනයක් ඇති කිරීම ඉස්ලාමයේ මූලික පදනම වේ යන ප්‍රතිපත්තියක් දැරීම
- “අල්-වලා, වල්-බරා” යන සංකල්පය වරදවා අවබෝධ කර ගනිමින් මුස්ලිම්වරුන් යහපත් සබඳතාවක් පවත්වා ගත යුත්තේ මුස්ලිම්වරුන් සමඟ පමණක් යන මතය දැරීම හා මුස්ලිම් නොවන අය සමග ඇසුරු කිරීම වැරදි ය යන මතය දැරීම.
මෙවන් සියලු කරුණු ආගමික නාමයෙන් සිදුවන අන්තවාදී ක්‍රියාවන් වේ. මේවා වහාබ්වාදය යන නමින් හෝ වෙනත් නමකින් හැඳින්වුවද ඒ සියල්ල සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.
23. ඉස්ලාමීය ඉගැන්වීම ඉදිරිපත් කරන විටදී අනුගමනය කළ යුතු කරුණු
- අහ්ලුස් සුන්නති වල් ජමාඅත් නැමැති ප්‍රතිපත්තියේ මූලධර්මයන්ට අනුකූල වීම
- ආදරය, සහෝදරත්වය, මනුෂ්‍යත්වය වැනි විෂයන් ප්‍රවර්ධනය වන අයුරින් පිහිටීම
- රටේ ප්‍රජාතන්ත්‍රවාදී අගයන්වලට ගරු කරන අයුරින් තිබීම
- ඕනෑම අයෙකුගේ ගෞරවය හා මානය ආරක්ෂාවන අයුරින් සකස් වී තිබීම
- මුස්ලිම්වරුන් සහ අනෙකුත් ප්‍රජාවන් අතර සතුරුකමක් සහ විරසකයක් ඇති කරන අන්දමින් කටයුතු නොකිරීම
- බලහාත්කාරකමකින් හා මත පෙවීමකින් තොරව, මධ්‍යස්ථ, ශිෂ්ට හා ආචාරශීලීව යහපත් උපදෙස් මගින් සමාජයට දහම ඉගැන්වීමේ ක්‍රමවේද භාවිත කිරීම
- ආගමික කරුණු සම්බන්ධයෙන් ඉහත සඳහන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ස්ථාවරය පිළිගෙන කටයුතු කිරීම
- ඉහත සඳහන් ප්‍රතිපත්ති අනුව දහම ඉගැන්වීමේ ක්‍රමවේද සකස් විය යුතු යැයි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව අවධාරණය කරයි.
නිගමනය
ඉහත සඳහන් කරුණු පිළිගෙන කටයුතු කරන මෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවගෙන් අප සභාව කාරුණිකව ඉල්ලා සිටී. තවද සියලු මුස්ලිම්වරු අතරද සහෝදර ප්‍රජාව අතරද සාමයෙන් සහජීවනයෙන් ජීවත් වී ආදරය, කරුණාව, මධ්‍යස්ථ බව හා රිස්සීමෙන් කටයුතු කරමින් ආදර්ශවත් ප්‍රජාවක් නිර්මාණය කිරීමට දායක වන මෙන් අප ආරාධනා කරන්නෙමු.
ඉස්ලාමීය අගයන් හා ඉගැන්වීම් අනුව ජීවත්වන ඉස්ලාම් දහමේ මෙන්ම සමාජයේ හා දිවයිනේ සංවර්ධනයට දායක වන කීකරු ආදර්ශවත් මුස්ලිම් ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රජා නියෝජිතයින්, ආගමික විද්වතුන්, වෘත්තිකයින්, ප්‍රභූවරුන්, මුස්ලිම් පල්ලි පරිපාලකයින් සහ සිවිල් සමාජ සංවිධාන යන සියලු දෙනා එක්ව කටයුතු කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කාරුණිකව ඉල්ලා සිටියි.
වස්සලාම්.
- අෂ්-ෂෙයික් (මුෆ්ති) එම්.අයි.එම්. රිzස්වි
ගරු සභාපති
- අෂ්-ෂෙයික් ඒ.සී. අගාර් මොහොමඩ්
ගරු නියෝජ්‍ය සභාපති
- අෂ්-ෂෙයික් එම්.අර්කම් නූරාමිත්
ගරු මහලේකම්
- අෂ්-ෂෙයික් ඒ.එල්.එම්. කලීල්
ගරු භාණ්ඩාගාරික
- අෂ්-ෂෙයික්එච්. උමර්ඩීන්
ගරු උප සභාපති
- අෂ්-ෂෙයික් එම්.එල්.එම්. රිලා
ගරු උප සභාපති
- අෂ්-ෂෙයික්එම්.ජේ. අබ්දුල් කාලික්
ගරු උප සභාපති
- අෂ්-ෂෙයික්එස්.එච්. ආදම් බාවා
ගරු උප සභාපති
- අෂ්-ෂෙයික්ඒ.එල්.එම්. හාෂිම් සූරි
ගරු උප සභාපති
- අෂ්-ෂෙයික්එම්.එස්.එම්. තාසිම්
ගරු උපලේකම්
- අෂ්-ෂෙයික්එම්.එම්.එම්. මුර්ෂිඩ්
ගරු උපලේකම්
- මහාචාර්යඅෂ්-ෂෙයික් අහ්මද් අස්වර්
ගරු උපභාණ්ඩාගාරික
- අෂ්-ෂෙයික්එම්.එල්.එම්. ඉල්යාස්
ගරු විධායක කමිටු සාමාජික – ලේකම්, ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.එෆ්.එම්. ෆාzසිල්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්කේ.එම්. මුක්ෂිත්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික් එම්.එම්. හසන් ෆරීඩ්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික් (මුෆ්ති) එම්.එච්.එම්. යූසුෆ්
ගරු විධායක කමිටු සාමාජික, ෆත්වා කමිටු සාමාජික
- අෂ්-ෂෙයික් ඒ.සී.එම්. ෆාzසිල්
ගරු විධායක කමිටු සාමාජික, ෆත්වා කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්එස්.එල්. නව්ෆර්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික් එම්.කේ. අබ්දුල් රහ්මාන්
ගරු විධායක කමිටු සාමාජික, ෆත්වා කමිටු සාමාජික
- අෂ්-ෂෙයික් එස්.ඒ.එම්. ජව්ෆර්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික් අබ්දුල්ලා මහ්මූඩ් ආලිම්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික් ඒ.ආර්අබ්දුල් රහ්මාන්
ගරු විධායක කමිටු සාමාජික, ෆත්වා කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්එම්.එච්.එම්. බුර්හාන්
ගරු විධායක කමිටු සාමාජික, ෆත්වා කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්සකී අහ්මද් (අලවි)
ගරු විධායක කමිටු සාමාජික, ෆත්වා කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්ඉසෙඩ්.එම්. නූමාන්
ගරු විධායක කමිටු සාමාජික
- මහාචාර්ය අෂ්-ෂෙයික්එම්.එල්.එම්. මුබාරක් (මදනි)
ගරු විධායක කමිටු සාමාජික, ෆත්වා කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්එම්.එස්.එම්. ෆරූද්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්එම්.ඒ.ඒ.එම්. බිෂිර්
ගරු විධායක කමිටු සාමාජික, ෆත්වා කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්එම්.අයි.එම්. ෂුහෛබ්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්එම්.එස්.එම්.නාලිම්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්ඒ.එච්.ඉහ්සානුද්දීන්
ගරු විධායක කමිටු සාමාජික
- අෂ්-ෂෙයික්එම්.ටී.එම්. සල්මාන්
ගරු උපලේකම් – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික්ඒ්.එම්. අසාද් (MA)
ගරු උපලේකම් – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.එච්.එම්. යහ්යා
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, කේ.එච්.එම්.ඒ. මෆාස්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, එම්.එෆ්.එම්. රියාල්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, ඒ. එම්. නජ්මුදීන්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් ඒ.ජී. හාමිද් සදකා
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.ඉසෙඩ්. එම්. අමීනුද්දීන්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එස්.එච්.එම්. ඉස්මායීල්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- ආචාර්ය, අෂ්-ෂෙයික් එම්.ඉසේඩ්.එම්. මුෆීර්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, ඒ.ආර්. අමානුල්ලාහ්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.ඒ.එම්. ලෆර්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, එන්.එම්. ඉර්සාන්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් ඒ.එම්. හාරූන්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, ජාවිඩ් ඉක්බාල්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.එන්.එම්. ඉර්ෂාද්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් නාහූර් ලරීෆ්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.එන්. අෆ්රාස්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.එෆ්.එම්. රම්සි
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.අයි. හජ්ජි මුහම්මද්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.අයි. කලීල් රහීම්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, එම්.එම්. ලියාවුද්දීන්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, එම්.ඒ.එම්. අන්ෆාස්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්. සවුමි කරීම්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් ඒ්.එච්.එම්. අක්රම් (MA)
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් ඒ.ජේ.එම්. මක්දූම්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් මුෆ්ති, එම්.එම්.ඒ. ඉම්තියාස්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එස්.එස්.එම්. රූමි
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් එම්.එච්.එම්. හුදෙයිෆා
ගරු සාමාජික – ෆත්වා කමිටුව
- අෂ්-ෂෙයික් ඒ.ආර්. රමීම්
ගරු සාමාජික – ෆත්වා කමිටුව
30.01.2022 දින ප්‍රකාශයට පත් කරන ලදී.
සටහන: මෙය දමිළ භාෂාවෙන් ඇති මුල් ලේඛනයේ පරිවර්තනයකි. කිසියම් වියවුල් කාරණයක් වුවහොත් දමිළ භාෂාවෙන් යුත් මුල් ලේඛනය වෙත යොමු වන්න.
[2]) ඒවාට ඉතා සුදුසු අර්ථ විවරණ සිදු කිරීම.
[3]) ඒවාට අර්ථදැක්වීම් නොකළ යුතු අතර එහි සැබෑ යථාර්ථය සර්වබලධාරී අල්ලාහ් කෙරෙහිම බාර කිරීම.
[4]) සහාබිවරුන්ගේ මහිමය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 2015.05.20 දින සමස්ත සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් “මනාකිබුස් සහාබා” යන නමින් ජාතික සමුළුවක් පවත්වන ලදී.