ඊදුල්-ෆිත්ර් දිනය සම්බන්ධ මගපෙන්වීම

ACJU/NGS/2021/069

2021.05.11

■ මෙවර ඊදුල්-ෆිත්ර් දිනය ඉතා අපහසු වාතාවරණයක සමරන බව සිහි තබා ගනිමින් තමාගේ, තම පවුලේ හා සියලු රටවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා නිර්දේශ කොට ඇති මගපෙන්වීම් නිසි අයුරින් පිළිපැදීම.

■ ඊදුල්-ෆිත්ර් නැමදුම මස්ජිද්වල හෝ එළිමහන් බිම්හි පිරිස් වශයෙන් රැස්වී ඉටුකිරීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම. ඒ සඳහා නිවැසියන් පමණක් එක්කාසු කර ගනිමින් තම නිවසේ එය ඉටුකිරීම. වැඩි විස්තර සඳහා පහත සබැඳිය වෙත යොමුවන්න.

(https://acju.lk/news-ta/acju-news-ta/item/2149-eid-prayer-and-kuthba-guidance-tamil)

■ මෙවර ඊදුල්-ෆිත්ර් සැමරුම නිවැසියන් පමණක් එක්කාසු කර ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිත අන්දමින් ඉටුකිරීමට සුදානම් කිරීම. එමෙන්ම ගමන් බිමන් හා එක්රැස්වීම්වලින් සම්පූර්ණයෙන් වැළකී සිටීම. තාක්ෂණික උපකරණ භාවිත කරමින් ඥාතී හිත මිතුරන්හට ඊදුල්-ෆිත්ර් පැතුම බෙදා හැරීම හා ප්‍රාර්ථනා කිරීම.

■ ඊදුල්-ෆිත්ර් දින හෝ වෙනත් දිනවල අන් අය හමු වූ විට අතට අත දී ආචාර කිරීම (මුසාෆහා) හෝ වැළඳ ගැනීම (මුආනකා) වැනි කරුණුවලින් වැළකී සිටීම.

■ ශව්වාල් මස උදා වූ මොහොතේ සිට ඊදුල්-ෆිත්ර් නැමදුම ඉටුකරන තෙක් අධික ලෙස තක්බීර් ප්‍රකාශ කිරීම.

■ ඊදුල්-ෆිත්ර් උත්සව සමයේදී දුගී දුප්පත් උදවිය විෂයේද අවධානය යොමු කරමින් එවන් අය සොයා හැකි අන්දමින් උදව් උපකාර කිරීම.

සර්ව බලධාරී අල්ලාහ්, මෙම වසංගතයේ බලපෑමෙන් ලෝවැසි සියල්ලන්වම ආරක්‍ෂා කරත්වා!
වස්සලාම්

අෂ්-ෂෙයික් එම්ග අර්කම් නූරාමිත්
මහලේකම්ල
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික් විද්වතුන්ගේ සභාව

Related Posts

ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති තුමා සහභාගී වී ‘විවිධත්වයේ එකමුතුකම’ මැයෙන් දේශනයක් ද පැවැත්වීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *