“එකම රටක්, එකම නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම සම්බන්ධයෙනි

ACJU/NGS/2021/239

2021.10.29

 

“එකම රටක්, එකම නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම පිළිබඳ දැන අප විමතියට පත්ව ඇත්තෙමු. මෑතකාලයේදී මෙම තේමාව පොදු මාතෘකාවක් වශයෙන් පැවතීම අප සැම දන්නා කරුණකි. දිවයිනේ වෙසෙන සියලුම පුරවැසියන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව “එකම රටක් එකම ප්‍රජාවක්” ලෙස සියවස් ගණනාවක් ඔවුනොවුන් තම ආගමික සංස්කෘතීන් සහ සාරධර්ම අනුගමනය කරමින් ආගමික නිදහස මත පදනමව ජීවත් වන්නෝය.

විවිධ දහම්වලට ගරු කරන ආගමික නායකයන් රැසක් ජීවත් වන මෙරට තුළ දහම් අපහාසයන්හි නියැලෙන සහ මුස්ලිම්වරුන්ගේ ධාර්මික හැඟීම් රිදවන ආන්දෝලනාත්මක කෙනෙකු වගකීම් සහගත තනතුරකට පත්කිරීම පිළිබඳ අප කනස්සල්ලට හා අතෘප්තියට පත්ව සිටින්නෙමු. මෙයින් මුස්ලිම් ජනතාව විවිධ ආකාරයෙන් පීඩාවට පත්වේ යන බියක් මුස්ලිම් ජනතාව තුළ මතුව තිබෙන්නේය.

මේ පත්කිරීම ජාත්‍යන්තර මට්ටමින් අප රටට අගෞරවයක් ගෙන දෙන කරුණක් වශයෙන් පවතින්නේය.

අප මව්බිම හා ජනතාව තුළ සාමය, සමගිය, සෞභාග්‍යය, නීරෝගීභාවය සහ අභිවෘද්ධිය ඇති වී සියලු දෙනාම සමගියෙන් ජීවත් වීමට අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

අෂ්-ෂේක් අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *