2021.06.02
කොවිඩ්-19 තුන්වන රැල්ල නිසා මේ වන විටත් අප රටේ කොවිඩ් ආසාදිත දෛනික මරණ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහල යමින් පවතී. මේ අතරින් මුස්ලිම් ප්‍රජාව තුල මෙම කොවිඩ් ආසාදිත මරණ අනුපාතය අතිශයින්ම භයානක මට්ටමකින් ඉහල ගොස් ඇති බව නිරීක්ෂණයවේ.
දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත ජනාසාවන් පිලිබඳ සංඛ්‍යා ලේඛන විස්තර අනුව මෙම තත්ත්වය දිනෙන් දින අයහපත් වෙමින් පවතින බව පෙනී යන බැවින් මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන එකමුතුවක් ලෙස මෙම පොදු කාරුණික ඉල්ලීම සහෝදර ජනතාවට සහ ප්‍රජාවට යොමු කරන්නෙමු.
වර්තමානයේ කොවිඩ්-19 හා සම්බන්ධ මෙම අවදානම් සහිත අභියෝග සලකා බලා පහත දක්වා ඇති මාර්ගෝපදේශයන් ජනගතකර නිසි පියවර ගන්නා මෙන් ආගමික වියතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයින්, මස්ජිඩ් දායක සභාවන්, සිවිල් සමාජ නායකයින්, ආගමික සංවිධාන ඇතුළු සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු.
01. කොවිඩ්-19 ව්‍යාප්තිය වැලක්වීමට නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් නියමාකාරයෙන් සම්පුර්ණයෙන් පිළිපැදීමේ වැදගත්කම මතක් කර සිටින්නෙමු.
02. කවරෙකුට හෝ කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇත්නම් වහාම ඔබගේ ප්‍රදේශයට අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් ප්‍රකාරව කටයුතු කිරීම ගැන සියලු දෙනා හට මතක් කරන්න.
03. ඔබගේ ප්‍රදේශයේ එන්නත් කිරිම සිදුකරන විට සුදුසුකම් සපුරන සියලු දෙනා ඒ සඳහා යොමු කරන්න.
04. ඔබගේ මස්ජිදය තුලින් හා දායක සභාවේ දායකත්වයෙන් ඔබ ප්‍රදේශයේ කොවිඩ්-19 ව්‍යාප්තිය වැලක්වීමට සාධනීය හා ආරක්ෂාකාරී පියවර ගන්නා අතරම තත්ත්වය ගැන පරීක්ෂාකාරීව හා අවධානයෙන් සිටින්න.
05. සර්වබලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් සෑමවිටම මෙම තත්ත්වය සමනයවීමටත් පොදුවේ සෞඛ්‍ය හා ආරක්ෂාවටත් අපගේ රටේ යහපතටත් දුආ ප්‍රර්ථනා කිරීමට අදිටන් කර ගනිමු.
ඉතා ඉක්මණින් කොවිඩ්-19 තුරන් කර සියලු රටවැසියන්ට ආශිර්වාදයත් සාමය හා එකමුතුවත් මුළු ලොවටම සුවයත් ලැබේවායි සර්වබලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් ප්‍රර්ථනා කරන්නෙමු! ආමීන්!!
– All Ceylon Jamiyyathul Ulama (ACJU)
– Supreme Council of Sufi Thareeqas (SCOT – SL)
– National Shoora Council (NSC)
– All Ceylon YMMA Conference (ACYMMAC)
– Muslim Council of Sri Lanka (MCSL)
– Markez Islamic Center (MIC)
– Sri Lanka Jamaathe Islami (SLJI)
– Moors Islamic Cultural Home (MICH)
– Conference of Sri Lankan Malays (COSLAM)
– Memon Association of Sri Lanka (MASL)
– Anjuman E Saifi ( Sri Lanka) Trust Dawoodi Bohras
– All Ceylon Union of Muslim League Youth Fronts (ACUMLYF)
– RPSL Consortium
– Sri Lanka Muslim Media Forum (SLMMF)
– Center for Islamic Studies – Harmony Center (CIS-HC)
– Colombo District Masjids Federation (CDMF)
– Sri Lanka Muslim Womens Conference (SLMWC)
– Zam Zam Foundation (ZZF)
– Association of Muslim Youth of Sailan (AMYS)
– All University Muslim Student Association (AUMSA)
– Sri Lanka Muslim Civil Society (SLMCS)
– Muslim Ladies Study Circle (MLSC)
– Association of Muslim Women Professionals and Entrepreneurs (AMWPE)
– Sri Lanka Katheeb & Muazzin Welfare Organisation (SLKMWO)
– Kandy District Masjids Federation (KDMF)