ACJU/NGS/2021/018
08.03.2021
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මරණයට පත්වූවන්ගේ මෘතදේහයන් සඳහා නිර්දේශ කොට ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව භූමදානය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඕටමාවඩි ප්‍රදේශයේ ජනතාවට අපගේ ප්‍රණාමය පුද කර සිටින්නෙමු. ශ්‍රී ලංකා යුධහමුදාව, පොලීසිය, සෞඛ්‍ය නිළධාරීන්, මඩකලපුව දිස්ත්‍රික්ක රජයේ සේවකයින් ඇතුළු මේ සඳහා දායකත්වය දැක්වූ සියල්ලන් හට අපගේ ප්‍රණාමය හිමිවන්නේය.
මෙයට අදාළ ප්‍රදේශයන් හි වාසය කරන්නා වූ ජනතාවගේ හැඟීම් සැලකිල්ලට ගෙන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මරණයට පත්වූවන් භූමදානය කිරීමට තවත් ස්ථාන කිහිපයක් හඳුනාගත යුතු යැයි අපේක්ෂා කරන්නෙමු. මෙය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මරණයට පත් වූ සහෝදර ආගමිකයන් හටත් ඒ සඳහා වෙන් කරන ලද ස්ථාන ලබා ගැනීමට රුකුලක් වනු ඇත.
අෂ්-ෂේක් අබ්දුල් කාලික්
සභාපති (වැඩබලන)
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව