ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සලසන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ඉල්ලා සිටියි

යොමු අංකය : ACJU/NGS/2022/250

2022 අගෝස්තු මස 02 වෙනිදා (1444.01.03)

 

وَاَنْفِقُوْا فِىْ سَبِيْلِ اللّٰهِ وَلَا تُلْقُوْا بِاَيْدِيْكُمْ اِلَى التَّهْلُكَةِ وَاَحْسِنُوْا ۚ اِنَّ اللّٰهَ يُحِبُّ الْمُحْسِنِيْنَ

“නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියපැහැදම් කරවු. නුඹලාගේ දෑත් විනාශය කරා නොදමවු. තවද යහපත කරවු. සැබැවින්ම අල්ලාහ් යහපත කරන්නන්ව ප්‍රිය කරන්නේය.” (මූලාශ්‍රය : අල්-කුර්ආනය, 2:195)

عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال : ( قال الله : أَنْفِق يا ابن آدم أُنْفِق عليك ) رواه البخاري ومسلم

“ආදම්ගේ පුතණුවනි! (මිනිසුනේ! අන් අය වෙනුවෙන්) වියදම් කරන්න. මම ඔබ වෙනුවෙන් වියදම් කරන්නෙමි’ යනුවෙන් සර්වබලධාරී අල්ලාහ් පවසන බව නබි මුහම්මද් (සල්) තුමාණෝ පැවසුවේය. (මූලාශ්‍රය : බුහාරි, මුස්ලිම්)

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගිය දින කිහිපයක පටන් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ගංවතුර සහ නායයෑම්හි බලපෑම් එල්ල වී තිබීම අපි දනිමු. මෙවන් තත්ත්වයක් තුළ, විපතට පත් ජනතාවට අපට හැකි අන්දමින් උපකාර කිරීම සර්වබලධාරී අල්ලාහ්ගේ තෘප්තිය සහ ආරක්ෂාව අපට හිමිවීමට හේතුවක් වනු ඇත.

එබැවින් මෙම ශුද්ධ වූ මුහර්රම් මාසයේ දී, එම ප්‍රදේශවල පිහිටි අප ප්‍රාදේශීය ශාඛා සහ මස්ජිද් පරිපාලකයින් හරහා විපතට පත් ජනතාවට සහන ලබා දෙන ලෙස ධනවතුන් සහ බලපෑමට ලක් නොවූ ප්‍රදේශවල සිටින සියලු ජනයාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මුල්‍ය දායකත්වයක් ලබාදීමට කැමති අය කොළඹ දිස්ත්‍රික් මස්ජිද් සම්මේලනය හෝ මහනුවර දිස්ත්‍රික් මස්ජිද් සම්මේලනය සහ අප නුවර දිස්ත්‍රික් ශාඛාව අමතා තම ප්‍රදේශවලට ආධාර කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව කාරුණිකව ඉල්ලා සිටී.

වැඩි විස්තර සඳහා අප සභාවේ සමාජ සේවා අංශය : සම්බන්ධීකාරක – අෂ්-ෂෙයික් එම්.එච්.එම් ෆවාස් 0777-571876

 

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *