ACJU/NGS/2024/394
2024.10.13 (1446.04.09)
අප රටේ ඇති වී තිබෙන අසාමාන්‍ය කාලගුණික තත්ත්වය හේතුවෙන් අප රටේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව තිබෙන බව අප දනිමු.
මේ තත්ත්වය තුළ කුල, ආගම් භේදයකින් තොරව විපතට පත් ජනතාව වෙත උදව් උපකාර කිරීම ඉස්ලාම් අපට පෙන්වා දී ඇති සදාචාරමය යුතුකමකි.
ඒ ආකාරයට අපේ රටේ සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මස්ජිද් සම්මේලනයන් සහ ආලිම්වරුන් ඇතුළුව අනෙකුත් සුබසාධන සංවිධානයන් සමග එක් වී එම ප්‍රදේශයේ ධනවතුන්ගේ සහය ද ලබා ගෙන විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර ලබා දී නිසි සහන සැලසීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ආයාචනා කරයි.
එමෙන්ම මෙවැනි දුෂ්කර කාල වලදී නබි (සල්) තුමාණන් පෙන්වා දුන් පරිදි ඉස්තිග්ෆාර්, දුආ ආදී ප්‍රාර්ථනාවන්හි නිරත වන ලෙස සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අෂ්-ෂෙයික් එම්.එල්.එම්. රිලා
සභාපති (වැඩ බලන)
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහ ලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව