ගුරුවරුන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධව

යොමු අංකය: ACJU/NGS/2022/367

2022 නොවැම්බර් මස 05 වෙනිදා (1444.04.09)

 

ගෞරවනීය ගුරුභවතුන් වෙත,

අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ

 

ගුරුවරු සිසුන්ගේ මගපෙන්වන්නන් වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඔබගෙන් අධ්‍යාපනය හදාරනවාක් මෙන් තම බාහිර පෙනුම, ඇඳුම් පැළඳුම් සහ චර්යාවන් තුළින් බොහෝ ඉගෙනුම් ලබා ගනිති. එබැවින් තම අධ්‍යාපනයට ප්‍රමුඛතාවක් දුන් අයුරින් තම නිසි ඇඳුම් පැළඳුම් හා ගති පැවතුම් තුළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ආදර්ශයක් ලබා ගත හැකි අයුරින් හැඩගස්වා ගැනීම අත්‍යාවශ්‍ය වෙයි.

එබැවින් සංස්කෘතික අගයන්ට අවධානය යොමු කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව තම ඇඳුම් පැළඳුම් සකස් කර ගන්නා ලෙස අපි සියලු ගුරුභවතුන්ගෙන් නිහතමානීව ඉල්ලා සිටිමු.

එමෙන්ම ඇඳුම් පැළඳුම්හි නිර්වචනය සම්බන්ධයෙන් ඉස්ලාම් දහම තුළින් පැහැදිලි මාර්ගෝපදේශ ලබා දී ඇත. එබැවින් එම චක්‍රලේඛයට අනුව තම ඇඳුම් පැළඳුම් සකස් කර ගන්නා මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලු මුස්ලිම් ගුරුභවතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

වස්සලාම්,

 

 

අෂ්-ෂෙයික් එච්. උමර්දීන්

සභාපති (වැඩ බලන)

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *