ඡන්ද දිනයෙහි නැණවත් ලෙසින් කටයුතු කරමු

13.11.2019 /15.03.1441

ඡන්ද දිනයෙහි නැණවත් ලෙසින් කටයුතු කරමු

ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත බව අප දනිමු. ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව හැටියට අප කැමති අපේක්‍ෂකයෙකුට ඡන්දය ලබා දීමට අපට අයිතිය ඇත. එනිසා මෙම අයිතිය අපතේ නොයවා වගකීමෙන් යුතුව ඡන්දය භාවිත කරන මෙන් ඉල්ලා සිටිමු.

එදින සවස වන තෙක් කාලය ගත නොකර හැකි පමණ උදෑසනින්ම ඡන්දපොළට ගොස් තමන් කැමති අපේක්‍ෂකයාට ඡන්දය ප‍්‍රකාශ කරන මෙන්ද, ඡන්ද පොළවල කටයුතු කරන නිලධාරීන් හා කාර්ය මණ්ඩලයටද ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට පහසු වනු අයුරින්ද, ඡන්දය ප‍්‍රකාශ කිරීමට යන විට ජාතික හැඳිනුම්පත හෝ අන්‍යයතාවය තහවුරු කළ හැකි වෙනත් නීත්‍යානුකූල ලියවිල්ලක් ගෙන යන මෙන්ද ඉල්ලා සිටිමු.

ඡන්ද පොළට යන විට තමන්ගේ අන්‍යයතාවය තහවුරු කිරීම අවශ්‍ය හෙයින් විශේෂයෙන් මුහුණු ආවරණය පළදින කාන්තාවන් තම මුහුණු නිරාවරණය කොට අනන්‍යතාව තහවුරු කරන මෙන් ද,  අදාල නිලධාරීන්ට තම කාර්යයන් ඉටුකිරීමට සහයෝගය දක්වන මෙන්ද, එසේ යන විට තමන්ට මහ්රම් නෑකමක් ඇති පුරුෂයෙකු සමග යන මෙන්ද,  හැකි පමණින් වාහනයකින් එම ස්ථානයට යන මෙන්ද, ඡන්දය ප‍්‍රකාශ කළ සැණින් තමන්ගේ නිවෙස්වලට යන මෙන්ද ඉල්ලා සිටිමු. මෙසේ කිරීම මගින් අනවශ්‍ය ගැටුම් මගහරවා ගත හැකිය යැයි උපදෙස් කරන්නෙමු.

තවද ඡන්දය ප‍්‍රකාශ කළ සැණින් මහමග රැදී කාලය නාස්ති නොකොට ප්‍රයෝජනවත් ක්‍රියාවන්හි කාලය ගත කරන මෙන්ද, ඡන්දයෙන් තේරී පත්වන්නා රටට ආදරය කරන, රට වැසියන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන, රට සංවර්ධිත කිරීමට උනන්දුවත් හැකියාවත් ඇති පුද්ගලයෙකු වන මෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටිමු.

මෙහි සඳහන් මගපෙන්වීම් තම තමන්ගේ පෙදෙස්වල ජනයාට පැහැදිලි කර දෙන මෙන් ආගමික ප‍්‍රධානීන් මස්ජිද්වල පරිපාලකයින් මෙන්ම ජම්ඉයියතුල් උලමා සංගමයේ ප‍්‍රාදේශීය හා දිස්ත‍්‍රික්ක කාර්යාලවල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිමු.

 

සටහන : මෙම දැන්වීම එළඹෙන 15 වන සිකුරාදා ජුමුආ සලාතය අවසානයේ මස්ජිදයේ ප‍්‍රසිද්ධියේ කියවන්නට කටයුතු කරන මෙන් දිවයිනේ සියලුම මස්ජිද්වල භාකරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

 

අෂ් ෂෙයික් එ.සී. අගාර් මුහම්මද්

නියෝජ්‍ය සභාපති,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *