ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වලට රජය සවන් දිය යුතුය…උද්ඝෝෂනවල නිරත වන්නන් රටේ නීතියට ගරු කළ යුතු අතර ප්‍රචණ්ඩත්වයට යොමු නොවිය යුතුය

යොමු අංකය: ACJU/NGS/2022/085

2022 අප්‍රේල් මස 06 වෙනිදා (1443.09.04)

 

 

මේ වන විට මෙරට ජනයා දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පාරට බැස ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරමින් සිටියි.

ජනතාවට තම අදහස් හා අවශ්‍යතා ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරිපත් කිරීමට අයිතියක් ඇත. කෙසේ වෙතත්, මේ හේතුවෙන් උද්ඝෝෂන පැවැත්වීමේදී ජීවිත හෝ දේපළ හානි සිදු නොවන අයුරින් හැසිරෙන ලෙසත්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොකරන ලෙසත්, මහජනතාවට බාධාවක් නොවන පරිදි හා රටේ නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඉන්ධන හිඟය, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, විදුලි කප්පාදුව වැනි ගැටලු රැසකට ජනතාව මුහුණ දී සිටින මොහොතක ජනතාවගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වලට සවන් දෙන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

අප රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට වහා සහනයක් ලබාදී අප මාතෘභූමියේ සෞභාග්‍යය උදාකර දෙන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ශුද්ධ වූ රමළාන් මාසයෙහි සර්වබලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරයි.

 

 

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම්

මහලේකම් (වැඩ බලන),

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *