ACJU/NGS/2022/216
10.07.2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පුද්ගලික නිවස්නයට ඊයේ දින (09.07.2022) ගිනිතැබීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ දැඩි හෙළාදැකීමට ලක්වන අතර, ඊට වගකිවයුත්තන් නිසි ලෙස හඳුනාගෙන, ඔවුන්ව නීතිය හමුවට පමුණුවන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය යනු ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියකි. කෙසේ වුවත්, මෙකී උද්ඝෝෂණ හෝ විරෝධතා නිසා කිසිදු ජීවිතයකට හෝ පුද්ගලික හෝ රාජ්‍ය දේපළකට හානි සිදුනොවිය යුතු අතර, ඒවා ප්‍රචණ්ඩකාරී ද, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීති උල්ලංඝනය නොකරන බවට ද වගබලාගත යුතු බවට කාරුණිකව ඉල්ලා සිටිමු.
තවද, ජනතාවගේ අරගලයේ රැඳීසිටිමින් පුවත් වාර්තා කළ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල කළ පහරදීම් අපි දැඩි සේ හෙළාදකින අතර, ඒවායේ වින්දිතයන්ට ඉක්මන් සුවය අත්වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
ඉන්ධන, විදුලිය, කිරිපිටි, ආහාර, ඖෂධ ආදී මූලික අවශ්‍යතා සපුරාගැනීමේ දී පවතින භාණ්ඩ හා සේවා හිඟය නිසා දරිද්‍රතාවලින් පෙලෙන සහ අසරණ ජනතාව විඳින අසීරුතා පිළිබඳව සලකාබලමින් ඔවුන් හට හැකි උපරිමයෙන් නිරන්තරයෙන් උදව්-උපකාර කිරීමට මහජනයා ඉදිරිපත් විය යුතුය.
මේ තීරණාත්මක අවස්ථාවේ දී අප සියල්ලන්ම වගකීම්සහගතව ක්‍රියාත්මක වෙමින් රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීමටත්, රට යළි සංවර්ධනයේ මාවත කෙරෙහි දිශාගත කිරීමටත් කටයුතු කළ යුතුය.
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව