ACJU/NGS/2022/058
2022.03.22 (1443.08.18)
ඉස්ලාම් යනු ජල සම්පත ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය වැඩි වශයෙන් අවධාරණය කරන දහමක් ලෙස වැජඹෙන්නේය. අල් කුර්ආනය මෙම සම්පත පිළිබඳ මෙසේ සඳහන් කරයි. අපි අහසින් ප්‍රමාණ කොට ජලය පහළ කළෙමු. පසුව එය මිහිතලයේ අපි තැන්පත් කළෙමු. සැබැවින්ම අපි එය ඉවත් කිරීමටද ශක්තිය දරන්නන් වෙමු. ( අල් කුර්ආන් 23-18)
පෘථිවියේ සිටින වෙනත් ජීවියෙකුට ජලය ලබා දීම ඉස්ලාමයේ විශිෂ්ට පුණ්‍යකර්මයක් ලෙස සැලකේ. එවැනි ක්‍රියාවක් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන අතර අල්ලාහ් දෙසට අපව සමීප කරන්නේය. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ : කෙනෙකු හට ජලය ලබාදීමම සදකා (දන්දීම) හි විශිෂ්ඨ සදකාව වන්නේය. (මූලාශ්‍රය: සුනන් නසාඊ, ඉබ්නු මාජා හා අබු දාවුද්)
ජලය යනු අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවසෞභාග්‍යක් බව අප අමතක නොකළ යුතුයි. අප දිනකට කොපමණ ප්‍රමාණයක් ජලය නාස්ති කරනවාද යන්න ගැන සිතීමට හෝ තේරුම් ගැනීමට උත්සහ කරන්නේ නැත. ජලය නොමැතිව දුක් විඳින අසරණයන් අප අමතක නොකළ යුතුය. සියලුම ජීවීන්ට ජලය අවශ්‍ය වන අතර සියලුම ජීවීන් අල්ලාහ්ගේ මෙම පුදුමාකාර සෞභාග්‍ය මත යැපෙන්නේය.
වුළු (ශරීරය පිරිසිදු) කිරීමදෙී අධික ලෙස ජලය අපතේ යැවීම සහ ගලා යන ජලාශ්‍ර ආශ්‍රිතව මුත්‍රා කිරීම ඉස්ලාම් දැඩිව හෙළා දකින්නේය.
අබ්දුල්ලාහ් ඉබ්න් අම්ර් රළියල්ලාහු අන්හු තුමා වාර්තා කරයි: සඳ් රළියල්ලාහු අන්හු තුමා වුළු (පිරිසිදු) කරමින් සිටින විට අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පසුකර ගියෝය. මෙය කොපමණ නාස්ති (කිරීමක්)ද? යනුවෙන් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් ඇසුවෝය. එයට සඳ් රළියල්ලාහු අන්හු තුමා වුළු (පිරිසිදු) කරන විටදීත් නාස්තියක් සිදුවේද යැයි ඇසුවේය. එයට අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ඔව්, ගලා යන ගං මූලාශ්‍රයක සිට ඔබ වුළු (පිරිසිදු) කිරීමක් කළද තුන් වතාවකට වැඩියෙන් කරන විට නාස්තියක් සිදුවන්නේය යනුවෙන් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් පිළිතුරු දුන්නේය. (මූලාශ්‍රය: ඉබ්නු මාජා)
නාස්ති කරන්නන් අල්ලාහ් ප්‍රිය නොකරන බව අල් කුර්ආනය අනතුරු අඟවයි. දෙවිඳුන් ඔබට අවසර දී ඇති දේ අනුභව කරන්න, පානය කරන්න, කෙසේ වෙතත් ප්‍රමාණය ඉක්මවා නාස්ති නොකරන්න. නියත වශයෙන්ම අල්ලාහ් නාස්ති කරන්නන් ප්‍රිය නොකරයි (අල්-කුර්ආනය 7:31)
ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 දින සිහිපත් කරනු ලබන්නේය. එය ජලයේ අත්‍යාවශ්‍යතාවය සිහිගන්වන අතර දැනට ජලය නොමැතිව ජීවත්වන බිලියන සංඛ්‍යාත ජනතාවගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳවද අපව දැනුවත් කරන්නේය.
පුද්ගලයෙකුට ජලය ලබා දීමේ සරල ක්‍රියාව ඉස්ලාම් දහම තුළ ඉහළ පුණ්‍යකර්මයක් ලෙස සලකනු ලබන්නේය. එබැවින් පුද්ගලයෙකුට ජලය ලබා ගැනීමට පහසුකම් සලසා දීම ඔහුගේ මරණයෙන් පසුවද ප්‍රයෝජනවත් වන යහපත් ක්‍රියාවක් (සදකා ජාරියාවක්) ලෙස ඉස්ලාම් සලකන්නේය. ජල හා වාරි ව්‍යාපෘතිවලට පරිත්‍යාග කිරීමෙන් අපටත් එවැනි දන්දීම් කළ හැකිය. කුරුල්ලෙකු මෙම ජලය පානය කළත්, ලබාදෙන තැනැත්තා එයින් ප්‍රයෝජන ලබන්නේය. එසේනම් ජලය අපතේ නොයවා ප්‍රමාණවත්ව භාවිතා කර අන් අයටද එය දන්දීමක් ලෙස ලබා දීමේ ආශිර්වාද ලත් කණ්ඩායම අතර අල්ලාහ් අපවද එක්කරත්වා
අෂ්-ෂේක් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව