ACJU/NGS/2022/053
2022.03.08 (1443.08.04)
මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව මෙම පණිවිඩය නිකුත් කරන්නේ ඉමහත් සතුටිනි. ඉස්ලාමය පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයේම වගකීම් සහ අයිතිවාසිකම් පැහැදිලිව හා ප්‍රායෝගිකව නිර්වචනය කර ඇති අතර ඔවුන් සඳහා වන අවශ්‍ය තත්වයද ඔවුන්ට ලබා දී ඇත.
ස්ත්රින් පිළිබඳ වූ ඉස්ලාමයේ දැක්ම ඉතා පැහැදිලි සහ තාර්කිකය. ඉස්ලාමය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ තත්වයන් හඳුන්වා දෙන අතරම, ඉස්ලාමීය ඉතිහාසයේ මුල් කාලයේ සිටම ඔවුන් හට සමාජ, ආර්ථික සහ වෙනත් කාරණාවලට සහභාගී වීමට ඇති අයිතිය සහ නිදහස සහතික කර ක්‍රියාත්මකද කර ඇත.
තවද ස්ත්‍රී හෝ පුරුෂ වේවා කවුරුන් ඇත්තෙන්ම විශ්වාස කරමින් යහක්රියා කරන්නේද එවැන්නන් ස්වර්ගයට පිවිසෙති. ඔවුන් අල්පමාත්‍ර අයුත්තක් හෝ කරනු නොලබති -(සුරා අන්නිසා-124) යනුවෙන් ස්ත්‍රී පුරුෂ සම නීතිය පිළිබඳව කුර්ආනය පවසන්නේය.
අධ්‍යාපනය හැදෑරීම සෑම මුස්ලිම්වරයෙකුගේම අනිවාර්්‍ය වගකීමකි යන බයිහකී ග්‍රන්ථයේ සඳහන් වී ඇති නබිතුමන්ගේ එක් හදීස් දැන්වීමකට අනුව දැනුම හැදෑරීම ස්ත්‍රී පුරුෂ දෙකොටසේම අයිතියක් හා වගකීමක් යැයි ඉස්ලාමය අවධාරණය කරයි. ස්ත්‍රීන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව එක්තරා දිනයෙක ඔවුන් එක්රැස් කොට ඉගැන්වීමට නබිතුමන් කටයුතු කළ බව බුහාරි ග්‍රන්ථයේ සඳහන් වී ඇත.
තමන්ට නොගැලපෙන ස්වාමිපුරුෂයෙකු ප්‍රතික්ෂේප කිරීමටත්, තමන්ට බාධා කළහොත් විවාහ ගිවිසුම අහෝසි කිරීමටත් ඉස්ලාමය කාන්තාවන්ට අයිතිය ලබා දී ඇත. තමන් සන්තකයේ ඇති දේ පරිත්‍යාග කිරීමටත්, තමන් වෙනුවෙන් සහ තම ස්වාමිපුරුෂයා, දරුවන්, මව සහ පියා යන පිරිසෙන් තමන් කැමති ඕනෑම අයෙකු වෙනුවෙන් නිෂ්ඵල හා නාස්තියකින් තොරව වියදම් කිරීමට ඔවුන්ට අයිතියක් ඇත. ඉස්ලාම් ඔවුන්ට එවැනි අයිතිවාසිකම් රැසක් ලබා දී ඇත.
ඉස්ලාමය කාන්තාවන්ගේ දේපළ ගැන සඳහන් කරන විට “දෙමාපියන් හා (සමීප) ඥාතීන් (බූදල් වශයෙන්) අත හැර (මිය) ගිය දැයින් කොටසක් පිරිමින්ට හිමිය. දෙමාපියන් හා (සමීප) ඥාතීන් (බූදල් වශයෙන්) අත හැර (මිය) ගිය දැයින් කොටසක් ස්ත්රීන්ට ද හිමිය. එයින්(වස්තුවෙන්) කුඩා හෝ විශාල වුවද නිශ්චිත කොටසක් විය යුතුය. (සුරා අන්නිසා-7)” යනුවෙන් අල්- කුර්ආනය පවසන්නේය.
හොඳම පුද්ගලයා වන්නේ සිය බිරියට යහපත් වන්නා වේ. මා ඔබ සැම අතුරින් හොඳම ස්වාමිපුරුෂයා වෙමි (තිර්මිදී) යන රුවන්වැකියට අනුව තම ස්ත්‍රීන් සමග දයාවෙන් හා ඉවසීමෙන් කටයුතු කරන යහපත් පුරුෂයන් බවට අපව අල්ලාහ් පත් කරත්වා.
අෂ්-ෂේක් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව