සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ එකමුතුකම සහ සහජීවන කමිටුව සහෝදර ආගම් සමඟ යහපත් සබඳතා ගොඩනගා ගැනීම යන වැඩසටහන යටතේ 2022.03.11 දින ජාත්යන්තර හින්දු ගුරු පීඨාධිපති ගරු ශ්රී අයියප්පදාස සාම්පසිව සිවාචාර්යතුමා හමුවිය.
මෙම සංචාරය සඳහා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර ප්රධාන ලේකම්වරයෙකු අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්, කාර්ය මණ්ඩල සාමාජිකයින් වන අෂ්-ෂේක් සල්මාන් සහ අෂ්-ෂේක් නූමාන් ඔමාර් සහ කොළඹ දිස්ත්රික් උතුරු ප්රාදේශීය ශාඛාවේ සාමාජිකයින් සහභාගී විය.
