25.04.2019
ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑම
වගකීම් සහිත රටවැසියන් හැටියට අපගේ මාතෘභූමිය ආරක්ෂා කිරීමටත්, සාමය හා නිසි පාලනය පවත්වාගෙන යෑමටත් මුස්ලිම්වරුන් වන අපි බැඳී සිටින්නෙමු. ආරක්ෂක අංශ හා නීතිය පවත්වාගෙන යෑමට ඇති ආයතන සමග පුර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස අපි සැමගෙන් ඉල්ලා සිටින්නෙමු. විශේෂයෙන් ම සියළු සහෝදරියන්ගෙන් ඉතා බලවත් ලෙස ආයාචනා කොට සිටින්නේ දැනට අප රටේ ඇතිවී ඇති හදිසි හා බරපතල තත්ත්වය සැලකිල්ලට ගෙන කෙනෙකුගේ අනන්‍යතාව අවශ්‍යය වන තත්ත්වයකදී ආරක්ෂක අංශ මුහුණ පාන දුෂ්කර තත්ත්වය අවබෝධ කර ගෙන කටයුතු කරන ලෙසය. එහෙයින් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අපගේ සහෝදරියන් විසින් මුහුණු ආවරණය (නිකාබ්) පැළඳීමෙන් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑමට සිටින ආරක්ෂක අංශයන්ට බාධාවක්වන අයුරින් කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
එලෙසම සෑම අයෙකුම තමන්ගේ ජාතික හැඳුනුම් පත අවශ්‍ය අවස්ථාවකදී නිළධාරීන් වෙත ඉදිරිපත් කිරීම පිණිස තමන් භාරයේ තබා ගන්නා ලෙස උපදෙස් දෙන්නෙමු.
අෂ් ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්
ලේකම් – ෆත්වා අංශය,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය.