ජාතිවාදය අවුස්සන හඬ නැගීම් හා කි‍්‍රයාවන් සම්බන්ධව මුස්ලිම් සංවිධාන හා සංගම් විසින් ඉදිරිපත් කරන ඒකාබද්ධ ප‍්‍රකාශය

ඉස්ලාමය සාමූහික සහජීවනය අවධාරණය කරන දහමකි. මේ ආකාරයට සමාජීය සබැඳියාවට හානිකරන කිසිදු කි‍්‍රයාමාර්ගයක් ඉස්ලාම් ධර්මය අනුමත නොකරයි.

ධර්මයන් අතර අනවශ්‍ය ප‍්‍රශ්නයන් ඇති කරන ආකාරයට මුස්ලිම්වරු කි‍්‍රයා නොකළ යුතු අතර අන් ආගමික සහෝදරයන්ගේ ආගමික අගයන් වලට ගරු කළ යුතුයි යනුවෙන් ද ඉස්ලාමය උගන්වා දෙයි.

ඉස්ලාමයට එරෙහිව කටයුතු කරන බලවේගයන් කි‍්‍රයාත්මක වන විටදී ඔවුන් කි‍්‍රයාත්මක වන ආකාරයටම මුස්ලිම්වරු කි‍්‍රයා කිරීම ඉස්ලාමය අනුමත නොකරයි. අයහපත් කි‍්‍රයාවන් යහපත් කි‍්‍රයාවන් මගින් වලක්වන ලෙසට ද අයහපත පෙන්වාදෙන විටදී මෘදු භාවයෙන් කතා කරන ලෙසට ද අන් ආගමික සහෝදරයන්ගේ සිත් නොරිදවන ආකාරයට වදන් භාවිත කරන ලෙසට ද ඉස්ලාමය මගපෙන්වා දෙයි.

අනෙකුත් ධර්මයන් විවේචනය කිරීම ඉස්ලාමය දැඩිව හෙළා දකින අතර අනෙකුත් ආගමික නායකයන් සමග ගෞරවයෙන් කටයුතු කිරීමට ඉස්ලාමය මගපෙන්වා දෙයි. ඉස්ලාම් ධර්මයේ මෙම ඉගැන්වීම් උදාසීන වන ආකාරයට ලිවීම ද කතා කිරීම ද සමාජ ජාලයන් භාවිත කිරීම ද අප දැඩිව හෙළා දකින්නෙමු.

ඕනෑම මුස්ලිම්වරයෙකු අනෙකුත් ආගමකට හෝ ආගමික නායකයන්ට අගෞරව කරන ආකාරයට අදහස් ඉදිරිපත් කිරීම අප හෙළා දකින අතර මෙම ක‍්‍රමවේදය ඉස්ලාමීය ඉගැන්වීම් වලට  සම්පූර්ණයෙන්ම පටහැනි යැයි විවෘතව ප‍්‍රකාශ කරන්නෙමු.

තවද ඉස්ලාමයට ද මුස්ලිම්වරුන්ට ද මුස්ලිම්වරුන්ගේ ශුද්ධ ග‍්‍රන්ථය වන අල් කුර්ආනයට ද අපහාසාත්මකව සිදු කරන සෑම කටයුත්තක්ම අප හෙළා දකින අතර මෙවැනි දෑ සඳහා ඉදිරිපත් වන පුද්ගලයන්ට විරුද්ධව නිසි පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙලෙස නීතියට හා සාමූහික සංහිදියාවට පටහැනිව කරන්නා වූ කි‍්‍රයාවන් නැවැත්වීමට නීතියේ හස්තය ඉදිරිපත් නොවුවහොත් මාතෘ භූමියට ද අපගේ සහෝදර වැසියන්ට ද හානිකර බලපෑම් ඇති විය හැකි වේ.

තවද ජාතීන් අතර ඇති විය හැකි මතභේදයන් හදුනාගෙන ඒවා නැතිකර දැමීමට රජය අවධානයෙන් කි‍්‍රයා කළ යුතු අතර මුස්ලිම්වරුන් සම්බන්ධ කරුණු ගැන ඉස්ලාමීය විද්වතුන් හා  මුස්ලිම් සමාජයේ නායකයන් සමග සංවාදයේ නිරත වීම මගින් යහ ප‍්‍රතිඵලයන් රජයට ලබා ගත හැකි යනුවෙන් ද අප අවධාරණය කරන්නෙමු.

All Ceylon Jamiyyathul Ulama – ACJU

All Ceylon Young Muslim Men’s Association Conference – YMMA

Sri Lanka Jama’athe Islami – SLJI

All Ceylon Thowheedh Jama’ath –ACTJ

Muslim Council of Sri Lanka – MCSL

National Shoora Council – NSC

Sri Lanka Islamic Center

Sri Lanka Islamic Student’s Movement

All Ceylon Union of Muslim League Youth Fronts – ACUMLYF

World Assembly of Muslim Youth – WAMY

Jama’ath Ansaris Sunnathil Mohammadiyya – JASM

Jama’athus Salama

International Islamic Relief Organization- IIRO

Association of Muslim Youth of Sailan (Sri Lanka) – AMYS

Colombo District Masjid Federation – CDMF

Sri Lanka Shariee’ah Council

Al Hikma Welfare Association

All Ceylon Muslim Educational Conference – ACMEC

Jama’ath ut Thowheed

Rapid Response Team – RRT

Sri Lanka Muslim Media Forum – SLMMF

All University Muslim Students Association – AUMSA

Advocacy & Reconciliation Council

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *