දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය ගරු අශෝක සපුමල් රන්වල මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා මූලස්ථානයට පැමිණියහ

2024.11.26 දින, මෙරට 10 වැනි පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ගරු. අශෝක සපුමල් රන්වල මහතා ශ්‍රී ලාංකීය ඉස්ලාම් ආගමික විද්වතුන්ගෙන් සැදුම් ලත් උත්තරීතර සභාවක් වන සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ට උපහාර පිදීම සඳහා විධායක කමිටු සාමාජිකයින් සමඟ විශේෂ හමුවක් පැවැත්වීය.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව වෙනුවෙන් එහි ගරු සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, උප සභාපතිවරු, නියෝජ්‍ය ලේකම්වරු ඇතුළු විධායක කමිටු සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

කථානායකවරයා හට ලබා දුන් හැදින්වීම :

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා විසින් අප සභාවේ සහ ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් පිළිබඳව හැඳින්වීමක් කළ අතර අප සභාව මගින් සිදු කරනු ලබන කාර්යය පිළිබඳව ද පැහැදිලි කරන ලදී. සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දේශපාලන පක්ෂයකින් ස්වාධීන වූ ආගමික ආයතනයක් බවත්, එමගින් සියලු ශ්‍රී ලාංකිකයින්ට සෑම විටම සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට මග පෙන්වන බවත් මෙහිදී පැහැදිලි කළහ.

 

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපතිගේ කතාව :

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති අෂ්-ෂෙයික් මුෆ්ති එම්. අයි. එම් රිස්වි තුමා සිය කතාවෙහි,

• 1924 වන වසරේ, ගාල්ල බහ්ජතුල් ඉබ්රාහීමියියා මද්රසා‌වෙහි ජ්‍යෙෂ්ඨ ආගමික් විද්වතුන් විසින් ආරම්භ කරන ලද සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව, අද වන විට වසර සියයක් පසුකරමින් වැදගත් ආගමික සංධිස්ථානයක් ලෙසට කටයුතු කරමින් සිටින බවට මතක් කරන ලදී.

• “බහු ආගමික සමාජයක සමගිය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම, ඉස්ලාමීය මූලික ප්‍රතිපත්ති මත පදනම්ව මුස්ලිම් ප්‍රජාවට මග පෙන්වීම” ආදී සභාවේ ප්‍රධාන අරමුණු ඉස්මතු කරන ලදී.

• දේශපාලනය හා ඉස්ලාමීය දෘෂ්ටිකෝණයෙන් යුක්තිය, සමානාත්මතාවය සහ සදාචාරාත්මක පැහැදිලිකමේ අවශ්‍යතාවය ද අවධාරණය කරන ලදී.

 

කථානායකවරයා හට පිරිනමන ලද ප්‍රකාශනයන් :

සී.ජී. වීරමන්ත්‍රී මහතා විසින් රචිත ‘ඉස්ලාමීය නීති සංග්‍රහය; ජාත්‍යන්තර දෘෂ්ඨි කෝණයෙන්’ යන ග්‍රන්ථය සහ ‘විවෘත දෑසින් ඉස්ලාමය, ‘සමාජ සංවාද’, ‘අන්තවාදී නොවනු’, ‘මන්හජ්’ (ආගමික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් සඳහා වූ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ස්ථාවරය සහ මග පෙන්වීම්) යනාදී පොත් කථානායකවරයා හට පිරිනමන ලදී.

 

කථානායකවරයාගේ කතාව :

කථානායක ආචාර්ය ගරු අශෝක සපුමල් රන්වල මහතා සිය කතාවෙහි,

• රටේ සෑම ජනවර්ගයකටම අයත් ජනතාවට තම තමන්ගේ ආගමික සංස්කෘතික අනන්‍යතාවන් රැක ගනිමින් රට තුළ ජීවත් වීමට පූර්ණ අයිතිය ඇති බව සදහන් කරන ලදී.

• ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පාර්ලිමේන්තු සැසියේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී සඳහන් කළ දේ ගෙනහැර දක්වමින්, රට තුළ සමගිය සහ සහජීවනය තහවුරු කරන උත්සාහයන් සිදු කරන බවට සහතික කරන ලදී.

• ජාති ආගම්වාදී අදහස් අවුස්සමින් ජනතාව භේද කරන බලවේගවලට කිසිවිටෙකත් ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

 

අවසානය :

හමුව අවසානයේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මගින් ප්‍රකාශයට පත් කරන ලද අල්-කුර්ආනයේ සිංහල පරිවර්තනය සහ තවත් ප්‍රකාශන කිහිපයක් ද කථානායකවරයා වෙත පිළිගන්වන ලදී.

nn
yy
oi
ff
re

 

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *