යොමු අංකය: ACJU/NGS/2022/249
2022 අගෝස්තු 01 වෙනිදා (1444.01.02)
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහූ
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විවිධ බලපෑම් එල්ල වී දෛනික ජන ජීවිතයට දැඩි දුෂ්කරතා ඇති වී තිබේ. මෙම වර්ෂාව හේතුවෙන් ස්ථාන රැසක ගංවතුර ආපදා ඇති වී ඇති අතර හදිසි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
මෙහිදී විපතට පත්වූවන්ට හැකිතාක් උපකාර කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව එම ප්‍රදේශවාසී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. එමෙන්ම මෙම වර්ෂාවෙන් ඇති වන අනතුරුවලින් සහ එයින් ඇති වන දුෂ්කරතාවලින් තමන් ආරක්ෂා කර දෙන ලෙසත්, දුෂ්කරතාවන්ට පත්වන ජනතාවට ආශිර්වාද කරන ලෙසත් සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් අප සභාව මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ගංවතුර, නාය යෑම් වැනි විපත් ඇතිවීමට ඉඩ ඇති ස්ථානවල ජනතාව රජය ලබා දෙන උපදෙස්වලට අවනත වන ලෙසත්, එවැනි අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ආගමික විද්වතුන් අදාළ ප්‍රදේශවල ජනතාවට මඟ පෙන්වමින් පහත දූආ ප්‍රාර්ථනාව පාරායනය කර සර්ව බලධාරී අල්ලාහ්ගෙන් පිහිට පැතීමට යොමු කරවන ලෙසත් අප සභාව කාරුණකව ඉල්ලා සිටී.
අධික වර්ෂාවක් ඇදහැලෙන විට පාරායනය කළ යුතු දුආ ප්‍රාර්ථනය:
اللهم حَوَالَيْنَا، ولا علينا، اللهم على الآكام والظِّرَاب وبطون الأودية، ومنابت الشجر
“යා අල්ලාහ්, අපගේ වටපිටාවට මෙම වර්ෂාව පතිත කරනු මැනව. අපට හානියක් වන අයුරින් පත් නොකරනු මැනව! යා අල්ලාහ්, සානු, කඳු, ඇළ දොළ, කෙත්වලට මෙම වර්ෂාව පතිත කරනු මැනව!” (මූලාශ්‍රය : බුහාරි 1013)
සුළඟ වේගයෙන් හමන විට පාරායනය කළ යුතු දුආ ප්‍රාර්ථනය:
اللهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَهَا، وَخَيْرَ مَا فِيهَا، وَخَيْرَ مَا أُرْسِلَتْ بِهِ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا، وَشَرِّ مَا فِيهَا، وَشَرِّ مَا أُرْسِلَتْ بِهِ
“යා අල්ලාහ්, මේ සුළඟේ යහපත සහ එහි ගැබ් වී ඇති යහපත සහ එය සමඟ එවන ලද යහපත මම නුඹෙන් ඉල්ලා සිටිමි. තවද මෙම සුළඟේ නපුරෙන් සහ එහි ගැබ් වී ඇති නපුරෙන් සහ එය සමඟ එවන ලද නපුරෙන් මම ආරක්ෂාව පතමි.” (මූලාශ්‍රය: මුස්ලිම් 899)
සර්ව බලධාරී අල්ලාහ්, අපහට යහපත් කාලගුණයක් උදාකොට සියලු අනතුරු වලින් ආරක්ෂා කරත්වා!
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව