යොමු අංකය: ACJU/NGS/2021/190
2021 සැප්තැම්බර් 04 වෙනිදා
2021 සැප්තැම්බර් 3 වන දින නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී සිදු වූ අමානුෂික ප්‍රහාරයෙන් විපතට පත් අය කෙරෙහි අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු. ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයෙකු බවත් ඔහුගේ අමානුෂික ක්‍රියාව මෙහෙයවනු ලැබුවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී මතවාදයක් බවත් වාර්තා වීම ගැන අපි දැඩි කම්පාවට හා කණගාටුවට පත්ව සිටිමු.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිවිල් සංවිධාන හා ඒකාබද්ධව වර්ෂ 2015 දී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී මතවාදය ප්‍රතික්ෂේප කරමින් සහ හෙළා දකිමින් ‘ඒකාබද්ධ ප්‍රකාශයක්’ නිකුත් කළහ. මෙම ත්‍රස්තවාදී මතවාදය මගින් සාමය, ආදරය, දයාව, යුක්තිය, මධ්‍යස්ථභාවය සහ සැමට ගෞරවය ප්‍රවර්ධනය කරන ඉස්ලාම් නැමැති සුන්දර දහම පළුදු කොට ඇත.
ලොව පුරා බොහෝ තරුණ පිරිස් විවිධාකාර ආකාර අන්තවාදී මතවාදයන්ට ගොදුරු වී ඇති බව කණගාටුවට කරුණකි. එමනිසා අපේ තරුණ පරම්පරාව රැකගැනීම හා මඟපෙන්වීම සඳහා වැඩි ප්‍රයත්නයන් දැරීම අත්‍යවශ්‍ය ය.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් තුමියගේ ප්‍රකාශය අපි ඇත්තෙන්ම අගය කරමු; “එය වෛරයකි, වැරැද්දකි, තනි පුද්ගලයෙකු විසින් එල්ල කර ඇත්තකි, එය ආගමට, ජාතියට හෝ සංස්කෘතියට සම්බන්ධ නොවූවකි. මෙම අමානුෂීය ක්‍රියාවන්හි වගකීම ඔහු පමණක් දරයි.” යනුවෙන් ඇය කළ මෙම ප්‍රකාශය තුළින් ආදරය, යුක්තිය සහ අපක්ෂපාතී බව ප්‍රවර්‍ධනය කරන පුදුමාකාර නායකත්ව ගුණාංගය පිළිඹිඹු වෙයි.
ශුද්ධ වූ අල්-කුර්ආනයේ 41:34 වන වාක්‍යයේ සඳහන් පරිදි ඉවසීම, දයානුකම්පාව සහ වාර්ගික සමගිය විදහා දැක්වීම ගැන නවසීලන්ත ජනතාවට අපි බෙහෙවින් ප්‍රශංසා කරමු. එනම්,
“තවද යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) ඉතා යහපත් දැයින් (අයහපත) වළක්වවු. එ(සේ කළ )විට නුඹ අතර හා කවරෙකු අතර සතුරුකමක් ඇත්තේ ද ඔහු සැබැවින්ම සමීපතම මිතුරෙකු මෙන්( වන්නේ)ය.“
වර්තමාන ලෝකය තුළ සියලු දෙනාටම සාමය, ආදරය, දයාව, යුක්තිය, මධ්‍යස්ථභාවය සහ ගෞරවය ප්‍රවර්‍ධනය කරමින් සියලු ආකාරයේ අන්තවාදයන් මුලිනුපුටා දැමීම සඳහා අපි සියලු දෙනාම වගකීම දැරිය යුතුයි.
ලොව පුරා වෙසෙන සියලු මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා අප ප්‍රාර්ථනා කරන අතර සර්වබලධාරි අල්ලාහ් අන්තවාදීන්ගේ ක්‍රියාවන්ගෙන් සහ සියලු ආකාරයේ නපුරුකම් වලින් මානව වර්ගයා ආරක්ෂා කර සදාකාලික සාමය හා සමෘද්ධිය ලබා දී මෙලොව ආශීර්වාද කරත්වා.
අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව