නියඟ තත්ත්වය නිමා වීම සඳහා වර්ෂාව පතා ඉස්තිස්කා සලාතය ඉටුකර දුආ ප්‍රාර්ථනාවන්හි නිරත වෙමු

යොමු අංකය: ACJU/FRL/2023/71-361

2023 අගෝස්තු මස 10 වෙනිදා (1445.01.22)

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික උෂ්ණත්වය සහ නියඟය හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව සිටිති. මෙම අවස්ථාවේදී අපි අල්ලාහ්ගේ කරුණාව පතා ප්‍රාර්ථනා කළ යුතුය.

ජලය අපට ඉතා අත්‍යවශ්‍යයි. එහි හිඟභාවය නිසා ගස්වැල් විනාශ වී යන අතර පශු සම්පත් ඇතුළු බොහෝ ජීවීන් පීඩාවට පත්වේ. ජල විදුලි උත්පාදනය ද ඉතා අසීරු තත්ත්වයට පත්විය හැක. එමෙන්ම කෘෂිකාර්මික කටයුතු ද අඩාල වී යයි.

මෙවන් අසාමාන්‍ය තත්ත්වයක් තුළදී අපගේ එදිනෙදා ජීවිතයේ පුරුදුපුහුණු නිවැරදි කරගැනීම සහ වඩාත් ඉස්තිෆාර් හෙවත් පශ්චාත්තාපයේ නියැළීම නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පෙන්වා දුන් යහ පිළිවෙතකි. ඒ හරහා අපේ පාපවලට ක්ෂමාව ලැබෙන අතර අල්ලාහ්ගේ කරුණාව ලැබීමටද හේතු විය හැක.

එබැවින් තම පාපී ක්‍රියාවන් සඳහා පශ්චාත්තාපයේ නියැළිය යුතු අතර දිවයින පුරා පවතින නියඟ තත්ත්වයෙන් බැහැර වී සරුසාර පරිසරයක් උදාවීමට සියලු ඉස්ලාම් බැතිමතුන් ප්‍රාර්ථනා කළ යුතුය. විපතට පත් ප්‍රදේශවල ඉස්ලාම් බැතිමතුන්ට “සලාතුල් ඉස්තිස්කා” හෙවත් වර්ෂාව පතා නැමදුම් ඉටු කිරීමටත්, වර්ෂාව පතා පාරායනය කළයුතු ප්‍රාර්ථනාවන් ඉටු කිරීමටත්, කටයුතු සලසා දෙන ලෙස එකී ප්‍රදේශවල වගකිව යුතු පුද්ගලයින්ගෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කාරුණිකව ඉල්ලා සිටියි.

නබි නුහ් (අලෛහිස් සලාම්) තුමාණෝ තම ප්‍රජාවට සිදුකළ දේශනාව අල්ලාහ් පහත පරිදි අල්-කුර්ආනයේ සඳහන් කරයි.

“නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව ඇයැදිවු. සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය” යැයි පැවසුවෙමි. එවිට ඔහු නුඹලා වෙත අහසින් (වර්ෂාව අවශ්‍යය පරිදි) අධිකව පහළ කරන්නේය. ධනයෙන් ද පිරිමි දරුවන්ගෙන් ද ඔහු නුඹලාට අධිකව පිරිනමන්නේය. නුඹලාට වතු යායන්(වගාවන්) ඇති කරන්නේය. නුඹලාට ගංගා ද ඇති කරන්නේය.” (අල්-කුර්ආනය 71:10-12)

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ් වෙතින් වර්ෂාව පතා පාරායනය කරන ලද ඇතැම් දුආ ප්‍රාර්ථනාවන්:

 (اللَّهُمَّ اسْقِنا غَيثًا مُغِيثًا مَرِيئًا مَرِيعًا نَافِعاً غَيْرَ ضارٍ، عَاجِلاً غَيْرَ آجِلٍ” – سنن أبي داود (116

 (اللَّهُمَّ أغِثْنَا ، اللَّهُمَّ أغِثْنا ، اللهٌمَّ أغِثْنا – صحيح مسلم (897

 (اللهٌمَّ اسْقِ عِبَادَكَ ، وَبَهَائِمَكَ ، وَانْشُرْ رَحْمَتَكَ وَأحْيِ بَلَدَكَ المَيِّت – سنن أبي داود (117

 

අෂ්-ෂෙයික් ඒ.එල්.එම්. රිලා

සභාපති (වෙනුවට)

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

 

අෂ්-ෂෙයික් එම්.කේ. අබ්දුර් රහ්මාන්

ලේකම් – ප්‍රචාරක අංශය

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *