ACJU/NGS/2020/007
2020/04/21 (1441/08/27)
පසුගිය වසරේ පාස්කු ඉරු දින සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධව
පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරු දින අපේ රටේ සිදු වූ කුරිරු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර පිළිබදව මෙරට සියලු ජනයා මහත් ශෝකයකින් හා බලවත් කම්පනයකින් සිහිපත් කරන මෙම මොහොතේ අපගේ බලවත් කණගාටුව ද ප්‍රකාශ කරන අතර නැවත වරක් එම ම්ලේච්ඡ ක්‍රියාව තරයේ හෙළා දකිමු.
ඒ අතරම, මෙවැනි සිදුවීම් වලින් මියගිය සහ දුක් විඳින අයගේ ඥාතීන්ට අපගේ ගැඹුරු කම්පාව සහ කණගාටුව පිරිනමන අතර ඥාතීන් අහිමිවූවන්ට සන්සුන් භාවය හා ජීවිතයේ සෑම ආකාරයකම යහපත් දෑ අත් විය යුතු යැයි සර්වබලධාරී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.
අහිංසක වන්දනාකරුවන් සහ අනෙකුත් සිවිල් වැසියන් ඔවුන්ගේ පූජනීය ස්ථානවල ඝාතනය කිරීම ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවක් බවට කිසිදු සැකයක් නැත. මෙය කරන අය මනුෂ්‍යත්වයේ සතුරෝ ය. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවට සම්බන්ධ ඕනෑම කෙනෙකුට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුය.
ශුද්ධ වූ අල් කුර්ආනයෙහි 5 වන පරිච්ඡේදයෙහි 32 වන වැකියෙහි
“කවරෙකු (අයුක්ති සහගතව තවත්) ආත්මාවක් ඝාතනය කරන්නේ ද ඔහු මිනිසුන් සියල්ල ඝාතනය කළ කෙනෙකු මෙන් වන්නේය’ තවද ‘කවරෙකු ආත්මාවක් ජීවත් කරවන්නේ ද ඔහු මිනිසුන් සියල්ල ජීවත් කරවන්නෙකු මෙන් වන්නේය.” යනුවෙන් සර්වබලධාරී අල්ලාහ් සඳහන් කොට ඇත.
බෞද්ධ, කිතුනු, හින්දු හා ඉස්ලාම් ඇතුළු කිසිදු දහමක් ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙන බව අපි දනිමු. කෙසේ වෙතත්, පොදුවේ කුමන දහමක් තුළ ද, එම දහමේ නාමයෙන් එහි ඉගැන්වීමට සම්පූර්ණයෙන් පටහැනිව ක්‍රියා කරන හා විනාශකාරී ක්‍රියා සිදු කරන පිරිසක් සිටීම අපට පෙනේ. කෙසේ වෙතත්, එවැනි නොමග ගියවුන් කිහිප දෙනෙකුගේ නින්දාසහගත හැසිරීම ප්‍රමාණ කිරීම මගින් කිසිදු දහමක් හෝ එහි අනුගාමිකයින් ඇගයීම සාධාරණ නොවන බව අපි මෙහිදී පෙන්වා දීමට කැමැත්තෙමු.
මෙම භයානක සිදුවීමෙන් ඉක්බිතිව මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ස්ථීර පියවර ගනිමින් ප්‍රමුඛව කටයුතු කළ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන්ට සහ පීඩාවට ලක් වූ ඉවසිලිමත් ජනතාවට අපගේ අවංක කෘතඥතාව පළ කර සිටිමු.
එමෙන්ම අප සියලු දෙනාම මෙම මාතෘ භූමියේ දුවාදරුවන් වීමෙන් අප අතර ඇති ගැටළු සහ මතභේද මෘදුව සංවාදශීලීව විසඳා ගැනීමට අප සියලු දෙනා උත්සාහ කළ යුතු බව මෙහිදී අවධාරණය කිරීමට කැමැත්තෙමු.
දහම, භාෂාව සහ භූමිය ඇතුළු සියලු වෙනස්කම් වලින් ඔබ්බට ගොස් අපේ ජාතිය ගොඩනැගීම සඳහා අප සියලු දෙනාම එක්සත් වී එකට අත් වැල් බැඳ ගත යුතු කාලය පැමිණ ඇති බව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කවුරුත් තේරුම් ගනිමු.
සර්වබලධාරී අල්ලාහ් අපේ රට සියලු ආකාරයේ අන්තරායන් හා විපත් වලින් ආරක්ෂා කරත්වා! ශාන්තිය හා සාමය පවත්නා උයනක් බවට පත් කරත්වා!
ස්තූතියි
අෂ් ෂෙයික් එම්. එම්.ඒ. මුබාරක්
මහ ලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව