2021.12.08
ඊයේ (2021.12.08) විහාර මහාදේවි උද්‍යානයේ දී ‘දහම් පහන’ සහ ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයන් විසින් සංවිධානය කරන ලද “ප්‍රියන්ත කුමාර සොහොයුරාට සහ ඔහුගේ පවුගේ උදවියට ශෝකය ප්‍රකාශ කිරීමේ” අවස්ථාවට ඔවුන්ගේ ආරාධනය පරිදි සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහයෝගීතා සහ සම්බන්ධීකරණ කමිටුවේ සාමාජික විද්වතුන් සහ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සාමාජික විද්වතුන් සහභාගී වූහ.
මෙම අවස්ථාවට බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කිතුනු ආගමික නායකයින් සහභාගී වී තම අදහස් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
මාධ්‍ය අංශය