2019.06.19
මක්තබ් දහම් පාසල සම්බන්ධව බොදුබලසේනා සංවිධානයේ අසත්‍ය ප‍්‍රචාරය සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) තරයේ හෙළා දකියි
ශ‍්‍රී ලංකාවාසී මුස්ලිම් ළමුන්ට ආචාර ධර්ම සහ යහගුණ ප‍්‍රගුණ කරන මක්තබ් අධ්‍යාපනය ත‍්‍රස්තවාදයට සහ අන්තවාදයට සහය වන්නක් ලෙසින් බොදුබල සේනා සංවිධානය විසින් මාධ්‍යයට නිකුත් කළ ප‍්‍රචාරය සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) තරයේ හෙළා දකියි. සත්‍යට එරෙහිව මෙවැනි කටකථා පතුරවන්නන් විෂයයෙහි විමසිල්ලෙන් සිටින ලෙසද ලංකා වාසී සැමගෙන් අප සම්මේලනය ඉල්ලා සිටියි.
ලාංකික මුස්ලිම්වරුන්ට මෙරට වසර දහසකට අධික ඉතිහාසයක් ඇත. ඈත අතීතයේ පටන් මුස්ලිම් දරුවන්ට ආචාර ධර්ම උගන්වා ඔවුන්ව යහපත් පුරවැසියන් බවට පත් කරන අධ්‍යාපනය මුස්ලිම් පල්ලිවල ලබා දෙනු ලැබේ.
මෙවන් ඉතිහාසයක් ලද මස්ජිද් හරහා වූ ආගමික දැනුම හදාරවන ක්‍රමයක් මුස්ලිම් ආගමික කටයුතු දෙපරේතමේන්තුව විසින් 2010 වසරේදී හඳුන්වාදෙන ලදී. එම පාඨමාලාවට අනුව පෙළපොත් සම්පාදනය කර ඒ සඳහා වන නියාමන රීතීන් හඳුන්වා දී මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන එම ළදරු පාසැල් මක්තබ් යන නමින් ප‍්‍රතිසංස්කරණය කරන ලදී. එම මක්තබ් පාසැල් ඒ ඒ මස්ජිද්හි අධීක්‍ෂණය හා මාර්ගෝපදේශ යටතේ පවත්වන්නැයි සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) උපදෙස් කරමින් සිටියි.
මක්තබ් යන අරාබි වචනයෙහි අරුත ලියන හා ඉගෙනගන්නා ස්ථානය යනුයි. මත්කබ් පාසැල්වල සිදු වන්නේ ලිවීමට හා කියවීමට ඉගැන්වීම හෙයින් මෙම නාමය මේ ස්ථානවලට යොදා ඇත.
මක්තබ් සිසුන්ගෙන් මාසිකව අය කරනු ලබන මුදල මත්කබ් පාසැල්වල ගුරුවරුන්ට වැටුප් ගෙවීම සහ අධ්‍යාපනය හා සම්බන්ධ අනෙකුත් වියදම් සඳහා වැය කරනු ලැබේ. මෙම කටයුතු ඒ ඒ පල්ලිවල මක්තබ් සම්බන්ධ කටයුතු කිරීමේ වගකීම භාරව සිටින්නන් විසින් සිදු කරනු ලැබේ. ඊට පටහැණිව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයට (ACJU), එහි පරිපාලනයට හා කළමනාකරණයට භාවිත නොකරන බව සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය (ACJU) වගකීමෙන් කියා සිටියි.
එනිසා සියවස් ගණනාවක් මෙහි පැවත එන කුඩා ළමුන්ගේ ආගමික අධ්‍යාපනය සම්බන්ධ මෙහෙයක් අසත්‍ය හා අමූලික ප‍්‍රචාර සිදු කිරීම මගින් ජාතිවාදි ද්වේෂය උසි ගන්වන්නට හා සාමය හා එකමුතුබව විනාශ කරන්නට කටයුතු නොකරන ලෙස අප සම්මේලනය කාරුණිකව ඉල්ලා සිටියි.
අෂ් ෂේහ් මුර්ෂිද් මුලෆ්ෆර්
සහකාර ලේකම්
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනයට (ACJU)