2022.07.22 දින, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ යෞවන කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද මස්ජිද් පරිපාලකයින් සඳහා යෞවන කටයුතු අංශයේ සේවාවන් හඳුන්වාදීමේ වැඩසටහනක් දික්ඔය ජුමුආ මස්ජිදයේ හා හැටන් ජුමුආ මස්ජිදයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සම්පත් දායකයින් ලෙස සහෝදර රම්සි (සම්බන්ධීකාරක – යෞවන කටයුතු අංශය) සහ අෂ්-ෂෙයික් සල්මාන් තුමා (සම්බන්ධීකාරක – එකමුතු හා සහජීවනය සඳහා වූ කමිටුව) සහභාගී විය.
