මුස්ලිම්වරුන් සඳහා වන වැදගත් මාර්ගෝපදේශ කිහිපයක්

15.05.2019 (08.09.1440)

මුස්ලිම්වරුන් සඳහා වන වැදගත් මාර්ගෝපදේශ කිහිපයක්

රටෙහි පසුගිය දින කිහිපය තුල සිදුවුනු සිද්ධි නිසා උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අප සංගමය මෙන්ම අනෙකුත් මුස්ලිම් සිවිල් සංවිධාන දිගින් දිගටම සාකච්ඡුා පවත්වමින් ඒ ඒ අවස්ථාවලට සුදුසු මගපෙන්වීම් ලාංකික මුස්ලිම් ජනයාට ලබා දෙමින් සිටියේය.
තවද මෙම කාර්‍යභාරය සංකීර්ණතාවලින් තොරව ඒකාකාරීව හා එක්සත්ව සිදු කිරීම සඳහා තිබෙන්නා වු මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධාන සියල්ල එක්ව පොදු කමිටුවක් ස්ථාපිත කර ඇත. මෙම පොදු කමිටුවේ කි‍්‍රයා පටිපාටියක් අනුව අවශ්‍ය හා හදිසි අවස්ථාවල අතිගරු ජනාධිපතිවරයා, ගරු අග‍්‍රාමාත්‍යවරයා සහ ආරක්‍ෂක අංශවල ප‍්‍රාධානීන් සමග සම්බන්ධ වී කරුණු පැහැදිලි කිරීම් සිදුකර නිසි පියවර ගැනීම සඳහා ඔවුන්ට පුර්ණ සහය ලබා දෙනු ලැබේ.

පසුගිය අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරු දින සිදු කරන ලද අමානුෂික ත‍්‍රස්ත ප‍්‍රහාර රැුල්ල මුළු මහත් ශ‍්‍රී ලාංකික ජනතාවම දැඩි කම්පාවට පත් කළේය. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ තිබෙන සියලූ මුස්ලිම් සංවිධාන ප‍්‍රමූඛ දිවයිනේ පැතිරී වාසය කරන සමස්ත මුස්ලිම් ජනතාවම මෙම කුරිරු කි‍්‍රයාවලට එරෙහිව සිය හෙළා දැකීම එක හඬින් ප‍්‍රකාශ කර සිටියහ. එපමණක් නොව එවන් ම්ලේච්ඡු කි‍්‍රයාවල යෙදී සිටියවුන් හා යෙදෙන්නට හැකිය යැයි සැක සිතුනු පුද්ගලයන් හා ස්ථාන ගැනද නොපමාව ආරක්‍ෂක අංශවලට දැනුම් දී ඔවුන් කොටු කර ගැනීමටද මුස්ලිම්වරුන් සම්පුර්ණ සහය ලබා දුන්හ. මුස්ලිම්වරුන්ගේ මෙවන් සහය නොතිබෙන්නට සිදු වුවාට වඩා අති දැවැන්ත විනාශයක් අප රටට ඇති වන්නට තිබුනු බව ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් පවා ස්තූති මුඛයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටි බව ප‍්‍රකට කරුණකි. දේශයේ සාමය, ආරක්‍ෂාව හා භෞමික අඛණ්ඩතාවය රැුක ගැනීම සඳහා එදත්, අදත්, ඉදිරියටත් දේශ හිතෛෂී ලාංකික මුස්ලිම් ජනයාගේ සම්පුර්ණ සහයෝගය රජයට හා ආරක්‍ෂක අංශවලට ඒකාන්තයෙන්ම තිබෙනු ඇත. මන්ද යත් අහිංසකයන් ඉලක්ක කර ගෙන සිදු කරන කිසිදු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් ඉස්ලාමය කිසිසේත් අනුමත නොකරන හෙයිනි. මග වරදවා ගත් හෝ වෙනයම් දුෂ්ට බලවේගවල ඉත්තන් ලෙසින් මෙහෙයවනු ලැබු මුස්ලිම් නමින් පෙනී සිටි අතලොස්සක් පුද්ගලයන් විසින් සිදු කරනු ලැබු වනචාරී කි‍්‍රයාවලට මුළු මහත් ලාංකික මුස්ලිම් ප‍්‍රජාවටම චෝදනා එල්ල කිරීම හෝ තවත් ඉදිරියට යමින් කිසිදු වරදක් නොකළ මුස්ලිම් ජනයාට හිරිහැර කිරීම, ඝාතනය කිරීම හෝ ඔවුන්ගේ නිවාස, දේපළ, ව්‍යාපාර සුනුවිසුනුකර ගිනි බත් කිරීම කොහොත්ම සාධාරණ විය නොහැක. රජය හා ආරක්‍ෂක අංශද දිගින් දිගටම අවධාරණ කරමින් සිටින්නේද මෙයම බැවින් මෙම තත්ත්වය නොබෝ දිනකින් සමනය වනු ඇතය යනු අපගේ විශ්වාසයයි, අපගේ පැතුමයි.

මෙවන් තත්ත්වයක පහත කරුණු සැලකිල්ලට ගනිමින් ඉවසීමෙන් කටයුතු කරන මෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංගමය ලාංකික මුස්ලිම් ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියි,

01. සියලූම තත්ත්වයන්හිදී සිරිත් පරිදි මුස්ලිම්වරුන් යොමු විය යුත්තේ අල්ලාහ් දෙසටය හා කන්නලව් කළ යුත්තේ ඔහුටය. අල්ලාහ්ගේ පිහිට හා ආරක්‍ෂාව ලබනු පිණිස සලාතය, උපවාසය, ප‍්‍රාර්ථනාව, දානය හා සමාව අයැදීම වැඩි වැඩියෙන් සිදු කළ යුතුය.

02. මෙම අර්බුදකාරී වාතාවරණයෙහි කලකිරීමට, කලබලයට හෝ බියට පත් නොවී පැහැදිලි මනසින් හා තියුණු විමසිල්ලෙන් මුස්ලිම්වරුන් නැණවත් ලෙසින් කටයුතු කළ යුතුය.

03. මේ රටේ වැසියන් ලෙසින් ලාංකික මුස්ලිම්වරුන්ගේ ජීවිත හා දේපළ ආරක්‍ෂා කර දීම රජයේ වගකීමකි. එය එලෙසින්ම සිදු වනු ඇත යැයි අප විශ්වාස කරන අතර අප පවතින නීතියට හා රජය විසින් අවස්ථානුකූලව සිදු කරන නව නිර්දේශවලට ගරු කරමින් අප අකුරටම නීතිය පිළිපැදිය යුතුය.

04. විශේෂයෙන් දැනට හදිසි නීතිය කි‍්‍රයාත්මක කර ඇති බැවින් එය ගැන අවශ්‍ය පමණ දැනුවත් වී සංවර ජනකොටසක් ලෙසින් ඒ අනුව කි‍්‍රයා කළ යුතුය.

05. සමාජ ජාල ඔස්සේ තමන්ට ලැබෙන ඕනෑම හා සියලූම පුවත් කිසිදු වගවිභාගයකින් තොරව අන් අයට යැවීමෙන් වැළකී සිටිය යුතුය. වගකීමෙන් තොරව කි‍්‍රයා කිරීම නිසා අතීතයේ ඇතිවු වුනු විනාශකාරී ප‍්‍රතිවිපාකවලින් පාඩම් ලැබ ප‍්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.

06. තමන් වාසය කරන ප‍්‍රදේශවල මුස්ලිම් ප‍්‍රජා නායකයන් හා ආගමික ප‍්‍රධානීන්ගේ උපදෙස් අනුව ඔවුන්ට කීකරුව කටයුතු කළ යුතුය.

07. පවතින අසහනකාරී තත්ත්වයෙන් මිදීමට හා රටේ සාමය ඇති වනු පිණිස පස්වේල සලාතයෙහිම කුනූත් අන්නාසියා ප‍්‍රාර්ථනාව සිදු කර අල්ලාහ්ගේ උදව් පැතිය යුතුය. දිනකට පස්වේලම මෙය සිදු කළ යුතු බැවින් බැතිමතුන්ට අසීරුතා ඇති නොවන ආකාරයෙන් ජමියතුල් උලමා සංගමය පෙන්වා දී ඇති පරිදි එම ප‍්‍රාර්ථනාව කෙටි කර ගත යුතුය.

08. මේ රටේ බහුතර සිංහළ ජනයා සාමය හා රටේ අභිවෘධිය ගැන සිතන යහපත් හා කරුණා ගුණයෙන් යුත් පර සත්කාරය විෂයයෙහි ලෝ ප‍්‍රකට ජන කොටසක්ය යන කරුණ අමතක නොකර අතීතයේ ඔවුන් සමග කටයුතු කළා සේම ඉදිරියටත් සුහද ආකාරයෙන් කටයුතු කළ යුතුය.

09. තමන් වාසය කරන පෙදෙස්වල ආගමික හා සමාජ ප‍්‍රධානීන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ප‍්‍රදෙශයේ සාමය හා සංහිඳියාව රැුක ගැනීමට සහය විය යුතුය.

හස්බුනල්ලාහු වනිඃමල් වකීල් – අල්ලාහ්ම අපට ප‍්‍රමාණවත්ය. විශිෂ්ඨතම රැුකවලා ඔහුමය.

වස්සලාම්

අෂ් ෂෙයික් අගාර් මුහම්මද්
නියෝජ්‍ය සභාපති
සමස්ත ලංකා ජම්ය්යතුල් උලමා සංගමය

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *