ACJU/NGS/2022/215
2022.07.09
වර්තමානයේ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තම මූලික අවශ්‍යතා පවා ඉටුකර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින අතර මේ හේතුවෙන් තම අවශ්‍යතා ඉටුකර දෙන ලෙස රජයට බලකරමින් මහජනතාව උද්ඝෝෂණ හා පෙළපාලි සඳහා යොමුවී සිටින්නෝය.
අවාසනාවකට මෙන්, මෙම අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා යෝජිත විසඳුම්, ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වීම නිසා ජනතාව තුළ රජය කෙරෙහි විශ්වාසය භංග වී ඇත.
තවද මෙම අර්බුදය විසඳීම සඳහා ආගමික නායකයින්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන වැනි විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා රජය විසින් ක්‍රියාත්මක නොකිරීම හෝ සලකා බැලීමක් සිදු නොවීමද ජනතාව දැඩි ලෙස කලකිරීමට පත් කර ඇත.
පවතින අර්බුදකාරී තත්ත්වයට තිරසාර විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු වත්මන් රජයට නොහැකි වීම නිසා රට සෞභාග්‍යයේ මාවතට ගෙන යාම සඳහා දක්ෂ, සුදුසුකම් සහිත අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවන පරිදි ජනාධිපති, අගමැති ඇතුළු රජය ඉල්ලා අස්වන ලෙස අප ඉල්ලා සිටිමු.
සෑම පුරවැසියෙක්ම විශේෂයෙන්ම සෑම දේශපාලඥයෙක්ම තම මතභේද පසෙක තබා මෙම තීරණාත්මක තත්ත්වය කඩිනමින් විසඳා අපගේ මාතෘභූමිය සෞභාග්‍යය සහ සංවර්ධනය කරා ගෙන යාමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව
අෂ්-ෂේක් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව