රට තුළ COVID-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්න

ACJU/NGS/ 2021/061

2021.04.23 (1442.09.10)

 

අපේ රටේ කොරෝනා වෛරසය නැවත පැතිරීමේ අවදානමක් පවතී. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙසත්, අපව, අපගේ පවුල් සහ රටවැසියන් මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා වගකීමෙන් යුතු ව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

නබි මුහම්මද් (සල්) තුමාණෝ මෙසේ පැවසූහ. “ලාදුරු රෝගය පැතිරී ඇති නගරයකට ඇතුළු නොවන්න. රෝගය පැතිරී ඇති නගරයෙන් පිටව නොයන්න.” (සහීහ් බුහාරි: 5729, සහීහ් මුස්ලිම්: 2219) යන නබිවදන මගින් ඉස්ලාමය අපට උගන්වා ඇත්තේ රෝග සම්බන්ධයෙන් පූර්වාරක්ෂාවෙන් කටයුතු කළ යුතු බවයි.

මෙම වෛරසයේ බලපෑමෙන් ආරක්ෂා වීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන මෙන් ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

  • රමළාන් සහ වෙනත් කාලවලදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කොට ඇති උපදෙස් හා මගපෙන්වීම මුස්ලිම් ප්‍රජාව විසින් නිසි ලෙස අනුගමනය කළ යුතුය. විශේෂයෙන් මුඛාවරණ පැළඳීම, නිතර අත් සේදීම, මීටර් 01 ක දුරක් පවත්වා ගැනීම සහ ජනාකීර්ණ ස්ථාන මඟහැරීම වැනි කාරණා දැඩි ලෙස පිළිපැදීම.
  • ආගමික විද්වතුන් තම ආගමික කතිකාවන්හිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මහජනයාට මතක් කරමින් විටින් විට උපදෙස් දීම.
  • සාමුහික නැමදුම් සහ වෙනත් අවස්ථාවන්හිදී මස්ජිදයන්වල කටයුතු කළ යුතු අන්දම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සහ වක්ෆ් මණ්ඩලය විසින් නිකුත් කොට ඇති මාර්ගෝපදේශ නිසි අයුරින් අනුගමනය කිරීම.
  • විටින් විට පහත සඳහන් ප්‍රාර්ථනාව පාරායනය කිරීම:

“اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبَرَصِ وَالْجُنُونِ وَالْجُذَامِ وَمِنْ سَيِّئِ الأَسْقَامِ”

(අර්ථය: අල්ලාහ්! ලාදුරු රෝගය, උමතුකම, වසංගත රෝග හා දරුණු රෝගවලින් මා ආරක්ෂාව පතන්නෙමි. (අබු දාවුද් : 1554)

සර්ව බලධාරී අල්ලාහ් අපගේ මව්බිම සහ මුළු ලෝකයම මෙවන් මාරාන්තික රෝගවලින් ආරක්ෂා කරත්වා. ආමීන්,

 

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *