රබීඋනිල් අව්වල් මාසය

2023.09.17 (1445.03.01)

 

රබීඋනිල් අව්වල් මාසය යනු ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශකයේ තුන් වන මාසයයි. මෙය සෆර් මාසයෙන් පසුව එළඹෙයි. රබීඋනිල් අව්වල් යන අරාබි යෙදුමේ අරුතය  පළමු වසන්තය යන්නයි.  රබීඋනිල් අව්වල් මාසය ඉස්ලාමීය ඉතිහාසයේ වැදගත් තැනක් උසුලයි. එයිදැයත් අවසාන වක්තෘ හෙවත් අල්ලාහ්ගේ සත්‍ය පණිවිඩකරු කාරුණික මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ල්ම් තුමාණන් උපත ලැබුවේ ද මෙලොවින් සමු ගත්තේ ද මෙම රබීඋනිල් අව්වල් මාසයේය.

තවද (නබිවරය) සමස්ත විශ්වයන්ට දයාලුවක් වශයෙන් මිස අපි නුබව (නබිවරයෙකු වශයෙන්) වොඑව්වෙමු. (සූරා අල් අන්බියා – 107)

තවද (නබිවරය ) අපි නුබව සමස්ත ජනයාටම ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් මිස නොයැව්වෙමු. එනමුත් ජනයින්ගෙන් බොහෝ දෙනා (එය) නොදනිති.  (සූරා සබා –  28)

මනුෂ්‍යයන්ට කරුණාව  නොදක්වන්නාට  අල්ලාහ් ද කරුණාව නොදක්වයි යැයි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ල්ම් තුමාණන් පැවසුහ. (දන්වන්නා – ජාබිර් රලියල්ලාහු අන්හු ග්‍රන්ථය   සහීහ් බුහාරි 7376)

අල්ලාහ් තආලා සමස්ත විශ්වයන්ට දයාලුවක් වශයෙන් නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ල්ම් තුමාණන්ව එවනු ලැබුවේය, එතුමාණන් අතිශය කාරුණික හා මානව දයාවෙන් අගතැන් පත් කෙනෙකුව සිටියේය. කුඩා ළමුන් පටන් මහලු අය ඇතුලත්ව මිතුරන් මෙන්ම සතුරුකම් කරන්නන්ට ද එතුමාණ්ගේ කරුණාව හා දයාව දක්වන ලදි. එමෙන්ම සතුන්ටද අප‍්‍රාණික දේවලටද නබිතුමාණන් කරුණාව පෙන්වුහ. නබිතුමණන්ගේ ජීවිතය කරුණාව සහ සානුකම්පවෙන් සපිරි එකක් විය.

 

රබීඋනිල් අව්වල් මාසයේ සුවිශේෂී සිදුවීම් :

  1. ලොවට දයාලුවක් වු මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ල්ම් තුමාණන් ඉපදීම.  (ග‍්‍රන්ථය: අල් බිදායාහ් වන් නිහායාහ් – කොටස 02)
  1. මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ල්ම් තුමාණන් මක්කාවේ සිට මදීනා නගරයට සංක‍්‍රමණය කිරීම. (ග‍්‍රන්ථය: අල් බිදායාහ් වන් නිහායාහ් – කොටස 03)

3.ඉස්ලාමීය ඉතිහාසයේ පළමු මස්ජිදය වන කූෆා මස්ජිදය ඉදිකිරීම (හිජ්රි 01) (ග‍්‍රන්ථය: අල් බිදායාහ් වන් නිහායාහ් – කොටස 03)

  1. උස්මාන් රලියල්ලාහ් අන්හු තුමා මුහම්මද් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ල්ම් තුමාණන්ගේ දියණිය උම්මු කුල්තුම් රලියල්ලාහු අන්හා තුමියව විවාහ කර ගැනීම – හිජ්රි 03 (ග‍්‍රන්ථය: තාරිකුත් තබ්රි – කොටස 03)
  1. මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ල්ම් තුමාණන් සිය 63 වෙනි වියෙහිදි මෙලොවින් සමුගැනීම. – හිජ්රි 11 (ග‍්‍රන්ථය: අල් බිදායාහ් වන් නිහායාහ් – කොටස 05)
  1. ඉස්ලාමයේ පළමු කලීෆා වශයෙන් අබූ බක්ර් රලියල්ලාහ් අන්හු තුමාණන් පත් කරනු ලැබීම. – හිජ්රි 1 (ග‍්‍රන්ථය: අල් බිදායාහ් වන් නිහායාහ් – කොටස 05)

 

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

 

අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන්

ලේකම් – හිලාල් කමිටුව

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *