ACJU/NGS/2021/068
2021.05.11
සෑම යහ ක්‍රියාවකම කුසල එහි අවසානය අනුව හිමිවනු ඇත. එම නිසා, අපි රමළාන් මස අවසාන කාලපරිච්ඡේදය ඉතා ප්‍රයෝජනවත් අයුරින් ගත කරමු.
කෝවිඩ්-19 වසංගතයේ පැතිරීමත් සමගම මෙවර රමළාන් මස උපවාසශිලයේ යෙදී අවසාන දින කිහිපයට අපි අවතීර්ණ වී සිටිමු. වර්තමානයේ මුළු ලොවටම බලපා ඇති ව්‍යසනයෙන් ලෝ වැසි සියල්ලන්ම ආරක්ෂා වී නැවත යථා තත්ත්වයට පත්වන මෙන් මෙම ශුද්ධ වූ මාසයේ අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම පහත මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.
■ රමළාන් මාසයේ අවසාන දින කිහිපය යනු අපට බොහෝ කුසල් ලබා ගත හැකි කාල පරිච්ඡේදයකි. එහෙයින් මෙම දිනවල සියලු නැමදුම් කටයුතු අපගේ නිවෙස්වල සිටම ඉටු කිරීම.
■ රමළාන් මාසයේ අවසාන දින කිහිපය තුළ මස්ජිදයන්හි එක්රැස් නොවී මේ සම්බන්ධව වක්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් නිසි අයුරින් පිළිපැදීම.
■ කෝවිඩ්-19 වසංගතය පැතිරී යන අවස්ථාවක සෞඛ්‍ය බලධාරින් විසින් නිකුත් කර ඇති නිර්දේශ එලෙසින්ම අනුගමනය කිරීම. මෙවන් තත්ත්වයකදී එම මගපෙන්වීම් පිළිපැදීම ඉස්ලාම් දහමේ ඉගැන්වීම වන හෙයින් මුස්ලිම්වරු ආදර්ශමත් අයුරින් කටයුතු කිරීමට වගබලා ගැනීම. අත්‍යාවශ්‍ය අවශ්‍යතාවන් සඳහා පමණක් නිවසින් පිටව යා යුතු අතර එසේ නිවසින් පිට වන විට මුඛාවරණ පැළඳීම මෙන්ම ශරීර දුරස්ථභාවය පවත්වා ගැනීම.
■ සකාතුල් ෆිත්ර් නැමැති දන්දීම අනිවාර්ය වූවත් ඊදුල්-ෆිත්ර් නැමදුමට පෙර එය ඉටු කිරීම.
සර්ව බලධාරී අල්ලාහ් අපගේ උපවාසශීලය ඇතුලූ සියලූ යහක්‍රියා පිළිගනු මැනව.
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික් විද්වතුන්ගේ සභාව