ACJU/NGS/2021/073
15.05.2021
02.10.1442
ප්‍රිය ඉස්ලාමීය සොයුරු-සොයුරියනි!
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.
සෑම රමළාන් මාසයකම හැකියාව ඇති සෑම මුස්ලිම්වරයෙකුම අනිවාර්යයෙන් උපවාසයේ නියැලිය යුතු යැයි සර්වබලධාරී අල්ලාහ් නියෝග කර ඇතිමුත්, නොයෙක් හේතු මත උපවාසයේ නියැලීමෙන් වැළකීමට ද සමහර පුද්ගල කණ්ඩායම්වලට අවසර ලබා දී තිබේ. ඔවුන්ට මඟහැරුණු උපවාසයන් සඳහා හිලව් වන අයුරින්, රමළාන් මාසයෙන් පසුව එම උපවාසවල නැවත නියැලෙන ලෙසත්, හෝ දුප්පත් අයවලුන්ට ෆිද්‍යා දන් දිය යුතු යැයි ඉස්ලාමය විසින් යුතුකමක් පවරා තිබේ.
එබැවින්, රමළාන් මාසයේ අනිවාර්ය උපවාසයන් මඟහැරුණු පුද්ගලයන් පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.
- තාවකාලිකව රෝගී වීම, මාස් ශුද්ධිය, දරු ප්‍රසූතිය, දීර්ඝ ගමන්වල නියැලීම ඇතුළු කරුණු හේතුවෙන් උපවාසය මඟහැරුණු අය ඊළඟ රමළාන් මාසයට පෙර එසේ මඟහැරුණු උපවාස රැකීම හෙවත් කලා කිරීම සිදුකළ යුතුය. හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහිතව වුවත් ඊළඟ රමළාන් මාසය වන විට එලෙස මඟහැරුණු උපවාස නැවත ඉටුනොකළේ නම්, ඔවුන් විසින් එම උපවාසයන් රැකීමට අමතරව ඔවුන්ට මඟහැරුණු සෑම උපවාසයක් සඳහාම, තමන් දෛනිකව ආහාරයට ගන්නා සහල් වර්ගයෙන් ග්‍රෑම් 600 බැගින් දුප්පතුන්ට ෆිද්‍යා ලෙස දන් දිය යුතුය. කෙසේ වුවත්, එසේ මඟහැරුණු උපවාසයන් වසර ගණනක් ගතවීත් නැවත ඉටුනොකර සිටින්නේ නම්, ඊට හිලව් වන ලෙස දුප්පතුන්ට දන්දෙන ෆිද්‍යා ප්‍රමාණය වසරක් පාසා වැඩි වනුයේ වසරකට එක් ෆිද්‍යාවක් බැගිනි.
- උපවාසය රැකීම නිසා තමන්ට අවදානමක් හෝ අපහසුතාවක් ඇති වේ යැයි බියෙන් උපවාස නොකර සිටින ගර්භණී කාන්තාවන් හෝ කිරි දෙන මව්වරු ඒ සඳහා හිලව්වට අතපසු වූ උපවාසයන් ඊළඟ රමළාන් මාසය තුළ ඉටුකිරීම ප්‍රමාණවත් වේ. සිය දරුවාට හානි වේවි යන හේතුව මත පමණක් පදනම්ව උපවාස නොකර සිටින මව්වරු ද, ඊළඟ රමළාන් මාසය වන විට එලෙස මඟහැරුණු උපවාස නැවත රැකීමට අමතරව, ඔවුන්ට මඟහැරුණු සෑම උපවාසයක් සඳහාම, තමන් දෛනිකව ආහාරයට ගන්නා සහල් වර්ගයෙන් ග්‍රෑම් 600 බැගින් දුප්පතුන්ට ෆිද්‍යා ලෙස දන් දිය යුතුය. ඊළඟ රමළාන් මාසය වන විට එලෙස මඟහැරුණු උපවාස නැවත ඉටුනොකළේ නම්, ඔවුන් විසින් එම උපවාසයන් කෙදිනක හෝ රැකීමට අමතරව ඔවුන්ට මඟහැරුණු සෑම උපවාසයක් සඳහාම, තමන් දෛනිකව ආහාරයට ගන්නා සහල් වර්ගයෙන් ග්‍රෑම් 600 බැගින් දුප්පතුන්ට ෆිද්‍යා ලෙස දන් දිය යුතුය. කෙසේ වුවත්, එසේ මඟහැරුණු උපවාසයන් වසර ගණනක් ගතවීත් නැවත ඉටුනොකර සිටින්නේ නම්, ඊට හිලව් වන ලෙස දුප්පතුන්ට දන් දිය යුතු ෆිද්‍යා ප්‍රමාණය වසරක් පාසා දෙගුණ වේ.
- වයෝවෘද්ධ බව හෝ ස්ථිර අසනීප තත්ත්ව වැනි හේතු නිසා උපවාසය රැකිය නොහැකි අය, එසේ තමන්ට මඟහැරෙන සෑම උපවාස දිනක් සඳහාම තමන් දෛනිකව ආහාරයට ගන්නා සහල් වර්ගයෙන් ග්‍රෑම් 600 බැගින් දුප්පතුන්ට ෆිද්‍යා ලෙස දන් දිය යුතුය (මෙවැනි අවස්ථාවන් හි දී වසර ගණනක් ගතවුවද, දාන ලෙස ලබාදිය යුතු ෆිද්‍යා ප්‍රමාණය දෙගුණ නොවී, එලෙසින්ම පවතී).
නැමදුම් ක්‍රියාවන් අඛණ්ඩව සිදුකළ හැකි වන ලෙසින් යහපත් සෞඛ්‍ය තත්‍ත්වයක් පවත්වාගැනීමට සර්වබලධාරී අල්ලාහ් ත’ආලා අප සියල්ලන්ටම ආශිර්වාද කරත්වා.
අෂ්-ෂෙයික් එම්. එල්. එම්. ඉල්යාස්
ලේකම්,
ෆත්වා කොට්ඨාශය
සමස්ත ලංකා ජමියියතුල් උලමා
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ජමියියතුල් උලමා