2019 මැයි මස 06 වන දින
රමළාන් මාසය ප්‍රයෝජනවත්ව ගත කරමු
රමළාන් මාසය යනු අප ගතකරන මාසයන්ගෙන් සුවිශේෂී වූ මාසයකි. මන්ද එය ශුද්ධ වූ කුර්ආනය පහළ කරනු ලැබු මාසය වන අතර ප්‍රාර්ථනාවේ හා ඉවසීමේ ද මාසයයි. තවද අප ඉස්ලාමීය විද්වතුන්ගේ මග පෙන්වීම් සහිතව උනන්දුවෙන් හා ඉවසීමෙන් යහකි‍්‍රයා වැඩිවශයෙන් කිරිමට අදිටන් කර ගනිමු.
ගැත්තන් උපවාසයේ යෙදී ඔවුන්ගේ පෞද්ගලික – සමාජීය හා මිනිස් සංහතියේ උනන්තිය සඳහා කරන ලද ප්‍රාර්තනාවන් අල්ලාහු තආලා විසින් පිළිගනු ලබයි. පසුගිය දිනවල සිදු වු ඉතා ඛේදනීය කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් අප සියලු දෙනාගේම ජන ජීවිතය අවුල් වී තිබෙන මෙවන් කාලයක සියලුම ලක්වැසියන් සාමයෙන් හා සමාදානයෙන් අත්වැල් බැඳ මාතෘ භූමියට සෞභාග්‍යයෙන් පිරි හෙට දිනක් උදාවීම සඳහා අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.
රමළාන් මාසයේ අනුගමනය කළ යුතු කරුණු සඳහා වන මාර්ගෝපදේශ:
- ශූද්ධ වූ කුර්ආනය පහළ කරනු ලැබු මෙම මාසයෙහි අප වැඩිවශයෙන් එය පාරායණය කිරිම.
- කාලය නාස්ති නොකර දහවල් කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද සලාත් තිලාවත් ඉස්තිග්ෆාර් වැනි කුසල් කි‍්‍රයාවkajල වැඩියෙන් කාලය ගත කිරිම.
- මත භේද ඇති කරුණු ගැන තර්ක විතර්කවල නොයෙදී අපගේ ආගමික වියතුන්ගේ මගපෙන්වීම අනුව එක්සත්ව කටයුතු කිරිම.
- විශාල ලෙසින් මුදල් වැය කරන ඉෆ්තාර් හෝ සහර් නොපවත්වා එම මුදල් දුගීන්ට හා අඩු හිගකම් ඇති අය වෙනුවෙන් සදකා ලෙසින් වියදම් කිරිම සහ සකාත් ගෙවීමද නිසියාකාරව ඉටු කිරිම.
- දුගින්ට හා ඥාතීන්ට සහර් සහ ඉෆ්තාර් බෝජන සඳහා ඇරයුම් කර එය චාම් ආකාරයෙන් පැවැත්වීම.
- විශේෂයෙන් තරුණයින් රමළාන් මාසයේ රාත්‍රියෙහි අන් අයට හිරිහැර ඇති වන ආකාරයෙන් මාර්ගයන්හි ක්‍රීඩා කිරීම ඝෝෂා ඇති කිරීම වැනි නොහික්මුනු කි‍්‍රයාවලින් වැළකීම සහ මේ පිළිබඳ දෙමව්පියන් හා වැඩිහිටියන් වැඩි අවධානය යොමු කිරිම.
- මස්ජිද්වල රාත්‍රි කාලයේ විශේෂ නැමදුම් සිදු කරන විටද බයාන් දේශනා පවත්වන විටද ශබ්ද විකාශන උපකරණ යොදා අනවශ්‍ය ලෙස එය පිටතට ඇසෙන්නට සැලැස්වීම මගින් අන් අයට හිරිහැර ඇති නොකර එම ශබ්ද මස්ජිදය තුලට පමණක් ඇසෙන පරිදි එම දේශනයන් කිරිම.
- සහර් වේලාවට නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය වැඩි කිරීම මගින් අසල්වාසීන්ට හිරිහැර ඇති විය හැකි හෙයින් එය අපට පමණක් ඇසෙන පරිදි පහත් හඬින් තබා ගැනීම.
- රමළාන් මාසයේ නිවසේ සාදන විශේෂ ආහාර පාන හා රසකැවිලි කිසිම ආගම් භේදයකින් තොරව අසල්වාසීන්ටද ලබා දී සතුට බෙදා ගැනීම.
- රාතී‍්‍ර කාලයෙහි ස්ත්‍රීන් තරාවීහ් වැනි සලාතයන් සඳහා මස්ජිදයට යාමට සුදුසු හා ආරක්ෂාකාරී වාතාවරණයක් අප වාසය කරන පෙදෙසේ නොමැති නම් ස්ත්රීන්ට නිවසේදීම එම කටයුතු කර ගන්නා මෙන් උපදෙස් ලබා දීම.
මස්ජිදයට පැමිණෙන්නන් මස්ජිද් පරීශ්‍රයේ වාහන නවතා තැබීමෙන් වැළකිය යුතු අතර නොවැළැක්විය හේතුන් නිසා එසේ වාහනවලින් පැමිණෙන්නන් අන් අයට අවහිර හිරිහැර ඇති නොවන ආකාරයෙන් තමන්ගේ වාහන නවතාතැබීමට කටයුතු කිරිම.
ඉහත උපදෙස් කි‍්‍රයාත්මක කිරීමට මස්ජිදයේ පරිපාලන කටයුතු කරන්නන්ට සැවොම සහය දක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර මෙම විශිෂ්ඨ මාසය ප්රායෝජනවත් ලෙස ගත කර අල්ලාහ්ගේ දයාව හා පිළිගැනීම ලබා ගන්නට අපට අල්ලාහ් ආශීර්වාද කරත්වා. තවද රටේ පවතින ව්‍යාකූල තත්වය තුරන් කර නැවතත් සතුට සහජීවනය හා සාමය උදා කරත්වා.
වස්සලාම්
අෂ් ෂේශ් උමර්දීන්
ලේකම් – ප්‍රචාර අංශය
සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංගමය
සැයු: ඉහත උපදෙස් ඉදිරි සිකුරාදා දිනයේ ජුමුආ සලාතයෙන් පසු පැමිණෙන්නන්ට කියවා පෙන්වන මෙන්ද මස්ජිදයේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමු