රමළාන් සමය සහ අධ්‍යාත්මිකත්වය

ACJU/NGS/2021/044
2021.04.07 (1442.08.24)

අපි ඉස්ලාමීය දින දර්ශනයට අනුව ෂාබාන් මස අවසානයට අවතීර්ණ වී ඇත්තෙමු. මෙය ශුද්ධ වූ රමළාන් මාසය සඳහා සූදානම් වීමේ කාලය යි.

රමළාන් මාසය තුළ උපවාසශීලයේ යෙදීම ඉස්ලාම් දහමට අනුව ප්‍රධාන වගකීමකි. සර්ව බලධාරී අල්ලාහ් විසින් අල්-කුර්ආනය පහළ කළේ මෙම මාසයේදී ය. මෙම මාසයේ සෑම පුද්ගලයෙකු ම සර්ව බලධාරී අල්ලාහ් සමග අධ්‍යාත්මික සමීප සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ආශීර්වාද කරන ලද අතර මෙය දූආ හෙවත් ප්‍රාර්ථනාවේ නියැලීමේ, ඉවසීම වර්ධනය කර ගැනීමේ සහ සදකා හෙවත් දානමාන පිරිනැමීමේ මාසය යි.

රමළාන් මාසයේ අනුගමනය කළ යුතු අධ්‍යාත්මික මාර්ගෝපදේශ:

1. රමළාන් මාසයේ සියලු උපවාසශීලයන් භක්තිමත් ව ඉටුකිරීම.
2. අනිවාර්යය හා වෛකල්පිත නැමදුම් (නෆ්ල්) කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. විශේෂයෙන්, සමාජ ජාල වෙබ් අඩවි සහ වෙනත් අනවශ්‍ය කරුණුවල කාලය නාස්ති කිරීමෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීම.
3. රාත්‍රී කාලයේ හැකි තරමින් නැමදුම් කටයුතුවල නියැලීම. එමගින් කාලය නාස්ති කිරීමෙන් වළකා ගැනීම.
4. අල්-කුර්ආනය පහළ වූ මාසය වන රමළාන් මාසය තුළ අල්-කුර්ආනය සමඟ සමීප සබඳතාවක් ඇති කරගැනීම. අල්-කුර්ආනය පාරායනය කර එහි ඉගැන්වීම් අපගේ ජීවිතයට එක්කාසු කරගැනීම සහ ඒ අනුව ජීවත් වීමට අන් අයට මගපෙන්වීම අපගේ යුතුකමයි. සෑම පුද්ගලයෙකු ම අල්-කුර්ආනය වැඩි වැඩියෙන් පාරායනය කළයුතු අතර දිනකට අවම වශයෙන් එක් ‘ජූසු’ ක් හෝ පාරායනය කිරීමට උත්සාහ කිරීම.
5. තමාගේ ස්වයං පාරිශුද්ධත්වයක් ඇති කරගැනීම සඳහා මෙම රමළාන් මාසය අවස්ථාවක් කරගැනීම.
6. රමළාන් මාසයේ අවසාන දින 10 තුළ ඉතිකාෆ් නැමැති යහක්‍රියාවෙහි නියැලීම වැදගත් වූවකි. නමුත් මස්ජිද් පරිපාලකයින් විසින් මෙම යහක්‍රියාවන් සඳහා ප්‍රදේශවාසීන්ට කටයුතු සම්පාදනය කරන විට මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අවසරය ලබා ගැනීම.
7. දුආ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන මෙම ශුද්ධ වූ මාසය තුළ ලොව පුරා ඇති වී තිබෙන්නා දුෂ්කරතාවෙන් ජනතාව යථා තත්ත්වයට පත් වීමටත්, ඔවුන්ගේ නිරෝගී භාවයටත්, යහපැවැත්මටත්, සමෘද්ධියටත් හා අපේ අවශ්‍යතා සපුරාලීමටත් දුආ ප්‍රාර්ථනාවන්හි නියැලීම. ඒ සඳහා උපවාසශීලයෙන් මිදෙන වේලාව, සහර් වේලාව හා අසාන් සහ ඉකාමත් අතර වේලාව වැය කිරීම.

මෙම අධ්‍යාත්මික මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් මෙම ශුද්ධ වූ රමළාන් මාසය උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමු.

සර්ව බලධාරී අල්ලාහ්, මෙම ශුද්ධ වූ රමළාන් මාසය උදාකර ගනිමින් ඔහුගේ දයාව, සමාව සහ නිරයේ නිදහස ලැබූවන් අතරට අප පත් කරත්වා!

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
(ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව)

සටහන :
උපවාසශීලය, සකාත් සහ සකාත් අල්-ෆිත්ර් වැනි කරුණු සම්බන්ධයෙන් ආගමික පැහැදිලි කිරීම් අවශ්‍ය වූ විට අපගේ ෆත්වා අංශය අමතන්න. (0117-490420)

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *