ACJU/NGS/2021/044
2021.04.07 (1442.08.24)
ශුද්ධ වූ රමළාන් මාසය යනු පුද්ගලයෙකුට තම ආශාවන් යටපත් කිරීමට සහ අන් අයගේ හැඟීම්වලට ගරු කිරීමට පුහුණු කරන මාසය යි. අපි මෙම කාලයේ අපගේ සමාජ වගකීම් නිසි ලෙස ඉටු කළ යුතුය. විශේෂයෙන්, අප මෙම කාලයේ සමාජයට යහපතක් අත්වන යහක්‍රියාවන්හි නියැලීමට උත්සුක විය යුතු අතර කිසිවෙකුට හානියක් නොවන පරිදි අපගේ පෞද්ගලික, පවුල් හා සමාජ කටයුතු සකස් කරගත යුතුය.
රමළාන් සමයේ අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ:
01. රමළාන් මාසය යනු වැඩි වශයෙන් පුණ්‍ය කටයුතු, දන්දීම් ඉටුකරන කාලයක් වන බැවින් දුප්පතුන්ගේ සහ අසල්වැසියන්ගේ අවශ්‍යතා සපුරාලීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.
02. නිවෙස්වල පිළියෙළ කරන ලද ආහාරපාන සියලු අසල්වැසියන් අතර බෙදා ගැනීම වැනි පුණ්‍ය කටයුතුවල නිරත වීම.
03. නිවස තුළ රාත්‍රී නමස්කාරයේ යෙදෙන විට සහ සහර් වේලාවේදී ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ ශබ්දය නිවසේ සිටින අයට පමණක් ඇසෙන පරිදි සීමා කරමින් අන් අයට බාධා නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගැනීම.
04. මස්ජිදයන්හි නැමදුම් සහ යහක්‍රියාවන් සංවිධානය කරන විට, අවට සිටින ජනයාට කරදරයක් නොවන අයුරින් වග බලා ගැනීම.
05. මස්ජිදයට පැමිණෙන වාහන නැවැත්වීමේදී පදිකයන්ට සහ වෙනත් වාහනවලට බාධා නොවන අයුරින් කටයුතු කිරීම.
06. මස්ජිද්වල නැමදුම් සම්බන්ධ කරුණු මෙන්ම කැඳ බෙදාදීම සහ වියළි ආහාර මළු බෙදාදීම වැනි ප්‍රජා සත්කාර සංවිධානය කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පවත්වා ගනිමින් ශ්‍රී ලංකා වක්ෆ් සභාව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ හා දැන්වීම් දැඩි ලෙස පිළිපැදීමට වග බලා ගැනීම හා අදාළ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරියාගේ අවසරය ලබා ගැනීම. මේ සඳහා ප්‍රදේශවාසීන් වගකීමෙන් කටයුතු කළයුතු අතර මස්ජිද් පරිපාලකයන්ට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දීම.
07. මෙම කාල පරිච්ඡේදය තුළ ඇතැම් තරුණයින් රාත්‍රියේ අවදිව නිකරුණේ කාලය ගත කරන නිසා ප්‍රදේශවාසී ආගමික විද්වතුන් සහ ජනතාව ඔවුන්ගේ මඟපෙන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඔවුන්ගේ කාලය සර්ව බලධාරී අල්ලාහ්ට ප්‍රසන්න අයුරින් ගත කරවීමට හැකි සෑම උත්සාහයක් ම ගැනීම.
08. මතභේද ඇති ආගමික කරුණු සම්බන්ධයෙන් වාද නොකර ආගමික විද්වතුන්ගේ මඟපෙන්වීම අනුව සාමකාමී ව කටයුතු කිරීම.
• මෙම විෂය පිළිබඳ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ “UNITY DECLARATION” (එක්සත්භාවය හා සම්බන්ධ ප්‍රකාශය) කියවා අන් අය දැනුවත් කිරීම.
• සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද “சமூக ஒற்றுமை: காலத்தின் தேவை சன்மார்க்கக் கடமை” යන පොත කියවා දැනුවත් වීම.
09. ඉහත කරුණු ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
මෙම රමළාන් සමය අප රටේ සියලු පුරවැසියන්ට ආශීර්වාද ලත් රමළාන් උදාවක් බවට පත් කරමු.
වස්සලාම්,
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
(ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව)