ලෝක මුස්ලිම් ලීගයේ අනුග්‍රහය යටතේ මැලේසියාවේ පැවති ජාත්‍යන්තර ආගමික විද්වතුන් සඳහා වු දෙදිනක සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නියෝජිතයින් සහභාගී විය

ලෝක මුස්ලිම් ලීගය මගින් සංවිධානය කරන ලද අන්තර් ආගමික නායකයින්ගේ ජාත්‍යන්තර සමුළුව 2024.05.07 දින මැලේසියාවේදී පැවැත්විණි.

මෙම සමුළුවට සියලුම ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් සහ විද්වතුන් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සහභාගී වූ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා විසින් එකී සමුළුව අමතා විවිධත්වය තුළ එකමුතුකමේ අවශ්‍යතාව, මදීනා ප්‍රඥප්තිය මගින් ලෝකයට හඳුන්වා දුන් සාමකාමී ජීවන රටාව පිළිබඳව සවිස්තරාත්මක, පැහැදිලි කිරීමක් සභාගත කළේය.

ජාත්‍යන්තර ආගමික නායකයින් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවති එම සමුළුවේදී පලස්තීන මුස්ලිම්වරුන්ගේ ජීවිත අයිතිය සඳහා වන අරගලය සහ ඔවුන් අත්විඳින ම්ලේච්ඡත්වය ද එතුමා පෙන්වා දුන්නේය. තවද පලස්තීන ජනතාවට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩත්වය සහ නීතිය උල්ලංඝණය කිරීම් නවතා ඔවුන්ගේ අයිතීන් ලබා දීමටත් ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට කඩිනමින් ක්‍රියා කරන ලෙසත් එතුමා ජාත්‍යන්තර ප්‍රජාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

එමෙන්ම එතුමාගේ දේශනයේදී, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව හා ලෝක සාමය ගොඩනැගීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද පෙන්වා දෙන ලදී.

මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජිතයින් රැසක් සහභාගී වූ අතර සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සහකාර ලේකම් අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම් තුමා ද එක්ව සිටීම විශේෂත්වයකි.
dd
tt
mm
za
gm

 

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *