විශේෂ මාධ්‍ය ප්‍රකාශය

යොමු අංකය: ACJU/NGS/2022/217

2022 ජූලි 14 වෙනිදා

 

මෙම තීරණාත්මක තත්ත්වය තුළ මහජන දේපළවලට හානි කිරීමෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමීව සන්සුන්ව කටයුතු කරන ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව මෙරට ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර නොපමාව පාර්ලිමේන්තුව කැඳවා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන ලෙසද දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියි

රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව අපි දනිමු. මේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලය දුෂ්ට බලවේග විසින් නොමග යැවීමට ජනතාව කිසිවිටකත් ඉඩ නොතැබිය යුතුය.

මේ අනුව පෙළපාලිවලට සම්බන්ධ අය ඇතුළු මෙරට ජනතාව සෑම විටම රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි නොකර රටේ නීතියට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරමින් ප්‍රචණ්ඩත්වයට යොමු නොවී සාමකාමීව තම විරෝධතා සහ පෙළපාලි වල යෙදිය යුතුයි.

ඉදිරි දින ඉතා වැදගත් දින කිහිපයක් වන බැවින් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වන තුරු ඉතා සන්සුන්ව ක්‍රියා කරමින් තම ආගමික සාරධර්ම රැකගෙන ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ත්‍රෛ නිකායේ මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි නොපමාව පාර්ලිමේන්තුව කැඳවා ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබාදී රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන ලෙස අපි දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මේ අසීරු තත්ත්වය තුළ පක්ෂ භේද, පෞද්ගලික රුචි අරුචිකම් ඉවත් කරගෙන රටේ අනාගතය සහ අභිවෘද්ධිය ගැන සිතා කටයුතු කරන ලෙසද අපි ඉල්ලා සිටිමු.

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *