2019.02.01
අපගේ මව් රට වන ශ්‍රී ලංකාව 71 වැනි නිදහස් දිනය පෙරදැරි කර ගනිමින් සුභපැතුම් පණිවිඩයක් දැනුම් දීමෙහි සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනයේ ඉමහත් සතුටට පත් වෙයි.
අප මව් රටට මේ නිදහස ලබා දුන් බෞද්ධ, හින්දු, මුස්ලිම්, කිතුනු නායකයින් එක්ව ජාති, ආගම්, භේදවලට එහායින් ගොස් ඇප කැපවී එකමුුතු ව ක්‍රියා කළහ. මෙසේ ක්‍රියා කළ ශ්‍රේෂ්ඨයින් අපගේ නිදහස් දින වැඩසටහන් තුළ මෙනෙහි කරනු ලැබීම අනිවාර්යය කරුණකි.
එමෙන්ම අපගේ මුතුන් මිත්තන් ජාති, ආගම් භේද නොතකා රටේ නිදහස වෙනුවෙන් අරගල කළාක් මෙන්ම අප ද ජාති ආගම් හා දේශපාලනයට එහායින් ගොස් මව් රටේ දියුණුව උදෙසා කැප වන්නට ඉදිරිපත් විය යුතු යැයි සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන් මුස්ලිම්වරු, රටේ නිදහස වෙනුවෙන් සටන් කළ අපගේ මුතුන් මිත්තන් වන ටී.බී ජායා, සර් රාසික් ෆරීඩ් වැනි උත්තමයන් ආදර්ශයට ගෙන කටයුතු කොට, දේශය වෙනුවෙන් කැපවන දේශප්‍රේමීන් බවට තමන් හැඩගස්වාගත යුතු යැයි ද අප සම්මේලනය අපේක්ෂා කරයි.
බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි යන බහු ආගමිකයින් ජීවත් වන මෙරට කවදත් සමෘද්ධිමත් හා සංවර්දිත රටක් ලෙස වැජඹිය යුතුයි යන්න අපගේ අපේක්ෂාව හා පැතුමයි. රටක සමෘද්ධිය හා සෞභාග්‍යය එරටේ ජනතාවගේ එකමුතුකම හා දේශ ප්‍රේමත්වයෙහි රැඳී පවතින බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය මතක් කර දෙයි.
එබැවින් මෙරටේ ඒකීයත්වය හා එකමුතුකම නගා සිටුවන්නට එකිනෙකා අනෙකාට ඉඩ දී සියලු ජාතීන් එක මවකගේ දරුවන් මෙන් ජීවත් වන්නට සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලය සුබ පතයි. එමෙන්ම අප රට සියලු සම්පත්වලින් පිරුණු එක්සත් ලංකාවක් ලෙස වැජඹෙන්නට ප්‍රාර්ථනා කරයි.
එම්. එම්. ඒ. මුබාරක්.
ලේකම්
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය.