ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සුභ පැතුම් පණිවුඩය

ACJU/NGS/2023/007

2023.02.04 (1444.07.12)

 

අප අපගේ මාතෘ භූමියේ 75 වැනි නිදහස් දිනය සිහිපත් කරන මෙම අවස්ථාවේදී ජාති, ආගම්, කුල, භේද නොතකා අපගේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සියලුම නායකයින් මෙම අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරන්නෙමු.

මාතෘ භූමිය හට දේශප්‍රේමී වීම සහ දේශානුරාගී වීම සෑම පුද්ගලයෙකුගේම සදාචාරාත්මක යුතුකමකි. එමෙන්ම එහි සංවර්ධනයට සහ අභිවෘද්ධියට දායක වී ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ජාතියේ සෑම පුරවැසියෙකුගේම වගකීමකි. මෙය මනුෂ්‍ය ස්වභාවය පමණක් නොව ආගමික වශයෙන්ද අවධාරණය කරන්න වූ කාරණාවකි.

සෑම පුරවැසියෙකුම දේශපාලනික, ආර්ථික හා සාමාජීය වශයෙන් පූර්ණ නිදහසක් භුක්ති විඳිය යුතු බවත්, සියලු ජනතාව ගෞරවයෙන්, සහෝදරත්වයෙන් සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය යුතුයි යන උත්තරීතර අරමුණ පෙරදැරි කොටම අපගේ මුතුන් මිත්තන් රටේ නිදහස වෙනුවෙන් තම ජීවිතය කැප කළෝය.

වසර 75 කට පෙර අප දේශපාලනික වශයෙන් යටත්විජිතවාදී පාලකයින්ගෙන් නිදහස ලබා ගත්තද අදත් අප ජීවත් වන්නේ ඉතා පසුගාමී හා තීරණාත්මක පරිසරයක ය.

අප දේශයේ මෑතකාලීන දේශපාලන හා ආර්ථික අර්බුද අපගේ ජීවිතවලට බෙහෙවින් බලපෑ නමුත් රටේ දේශපාලන, ආර්ථික හා සමාජීය තත්ත්වයන් ඉක්මනින් ස්ථාවර වීමට අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ආත්මාර්ථකාමීත්වය, ජාතිවාදය යනාදී කිසිවක් නොමැතිව සියලුදෙනා එක මවකගේ දරුවන් මෙන් එක්ව ජීවත් වීමෙන් අපගේ මුතුන්මිත්තන් අපේක්ෂා කළ පරිපූර්ණ නිදහස අපට ලැබෙනු ඇත. සාමය සහ සහජීවනය වැජඹෙන ආදර්ශමත් රටක් ගොඩනැගීමේ සැබෑ හවුල්කරුවන් ලෙස අපි අත්වැල් බැඳ ගනිමු.

රටේ සියලුම පුරවැසියන් ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාගෙන සාමයෙන් හා සමෘද්ධියෙන් ජීවත් වීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *